රනිල් හෙට ආණ්ඩු පක්ෂයේ දිවුරුම් දී විපක්ෂයේ අසුන් ගනී

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තෙන් සභා ගැබට ඇතුළු වී දිවුරුම් දිය යුතුව ඇතැයි ඒ මහතා මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කොට ඇත. පසුව ඒ මහතා විපක්ෂය පැත්තට ගොස් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව තමාට පනවා ඇති අසුනේ අසුන් ගනු ඇත. පක්ෂ නායකයින්ට හිමිවන ඉදිරි පෙලේ අසුනක් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙනකොට ඇති බවත්,…

අර්බුදයේ තිත්ත ඇත්ත – මහාචාර්ය සිරිමල් අබේරත්න

මහ බැංකුව පවසන පරිදි මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් රජයට විදේශ ණය ගෙවීමට ඇති අතර, ඉන් බිලියන 1.3ක් ගෙවා ඇත. ඒ අනුව තව ඩොලර් බිලියන 2.4ක් ඉදිරියේදී ගෙවිය යුතුය. ලංකාවේ විදේශ ණය ප්‍රශ්නය බරපතළය. ඊට හේතුව නම් ණය ගැනීම හා ණය යෙදීම කළමනාකරණය කර නොගැනීමය. මේ නිසා ණය ගෙවීමට අවශ්‍ය ආදායම් නැති වී යන…

තවත් කොවිඩ් මරණ 52ක් ; ආසාදිතයින් 2098 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 52ක් තහවුරු වී ඇති බව රජය අද නිවේදනය කළේ ය’. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2633 ක් දක්වා ඉහල ගියේ ය. අද වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2098 කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 241,787 ක් වශයෙනි.  

වසංගත රෝග අංශ ප්‍රධානියා ඉවත් කළේ රට අරින්න විරුද්ධ වූ නිසා !

වසංගත රෝග අංශයේ ප්‍රධානි සුදත් සමරවීර මහතා ඉවත් කරන ලද්දේ වසංගත තත්ත්වය පාලනය නොවී තිබිය දී රට විවෘත කිරීමට ඔහු කැමැත්තක් නොදැක්වීම නිසා බව සෞඛ්‍ය සේවයේ තතු දත් ආරංචි මාර්ග කියයි. රට විවෘත කිරීම තවත් සතියකින් වත් දීර්ඝ කළ යුතුය යන්න සුදත් සමරවීර ඇතුළු විශේෂඥ වෛද්‍ය වරුන්ගේ මතය වූ බව කියති. අපේ ආරංචි මාර්ග කියන්නේ…

ඇස්ට්‍රා සේනිකා එන්නත් ලබාදෙන්නැයි ජනාධිපති කළ ඉල්ලීමට ජපානයෙන් තවම ප්‍රතිචාරයක් නැහැ – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා සේනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලබාදෙන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජපාන අගමැතිවරයා ගෙන් පසුගිය ජුනි 9 දා කළ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කොට ඇත. ඒ මහතා මෙම ප්‍රකාශය කළේ ජනාධිපතිගේ ඉල්ලීමට ජපාන අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවට ජනාධිපති මාධය  අංශය නිකුත්…

රනිල්ගේ පාර්ලිමේන්තු ගමනේ අවසන් තීන්දුව අභයාරාමයේ දී ; වජිරත්, සුමන්තිරනුත් මුරුත්තෙට්ටුවේ හිමි හමුවෙලා !

පාර්ලිමේන්තුවට පිවිසෙන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලීම් තිබුණත්, එය  පැමිණීම තහවුරු වුණේ නාරාහේන්පිට අභයාරාමයේ පැවතී සාකච්ඡාවක ප්‍රතිඵල වශයෙන් බව අපගේ දේශපාලන ආරංචි මාර්ග කියයි. පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව එහි දී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දී ඇති බව කියති. රජය තුළ කලකිරීමට ලක්ව සිටින පිරිස්වල ආධාරය…

ආණ්ඩු සමග වෙනස් නොවන එක් ජාතික ප්‍රතිපත්තියකට සියලු පක්ෂ එකඟත්වයක් අවශ්‍ය යි – එජාප නායක රනිල් වික්‍රමසිංහ

මෙරට සංවර්ධනය කිරීම සඳහා අඩු තරමින් වසර දහයක් පහළවක් වත් ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිපත්ති මාලාවකට සියලු පක්ෂවල එකඟත්වයක් ඇතිකර ගැනීම අවශ්‍ය බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මාතා ප්‍රකාශ කරයි. ආණ්ඩු වෙනස් වන විට ප්‍රතිපත්ති වෙනස් වන්නේ නම් ආයෝජකයන් රටට නොපැමිණෙන බවත්, වෙනත් රටවලට ආයෝජකයින් යන්නේ ආණ්ඩු සමග ප්‍රතිපත්ති වෙනස් නොවන නිසා බවත්, වික්‍රමසිංහ මහතා කීය….

කොවිඩ් මරණ 47 ක් ; ආසාදිතයින් 2008 ක්

ඊයේ සිදුවූ කොවිඩ් මරණ 47 ක් අද රජය නිවේදනය කළේ ය. ඒ අනුව මෙරට සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2581 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද නිවේදනය කළ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2008 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 239,669 ක් වෙයි.

ජනාධිපති ඉල්ලුවත් ශ්‍රී ලංකාවට නොදුන් ඇස්ට්‍රා සේනිකා එන්නත් ලක්ෂ දහයක් ජපානය වියට්නාමයට දෙයි

ඇස්ට්‍රා සේනිකා කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් ජපානය විසින්  වියට්නාමයට පරිත්‍යාග කරනු ලැබ ඇති බව වාර්තා වෙයි. දෙරට අතර විස්තීරණ උපායමාර්ගික සහයෝගිතාවය අනුව ජපානය මෙම පරිත්‍යාගය වියට්නාමය වෙත ලබා දී ඇති බවත්, ඉන් මාත්‍රා  800,000 ක් වෛරසය තදින් පැතිරී යන හෝ චි මින් නගර වැසියන්ට ලබා දෙනු ඇති බවත්, හෝචි මින් නගරයේ ජපාන කොන්සියුලර් ජෙනරාල්…

කොවිඩ් මරණ 2500 පනී ; අද එකතුව 54 යි

ඊයේ දිනයේ සිදු වූ කොවිඩ් මරණ 54 ක් වාර්තා වීමත් සමග මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2500 ඉක්මවා ගියේ ය. නිල සංඛ්‍යා අනුව සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 2534 ක් වශයෙනි. තවත් කොවිඩ් ආසාදිතයින් 2169 ක් අද දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 237,582 ක් වශයෙනි.

පොස්පේට් සමාගමත් විමල්ගෙන් ගලවයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මෙතෙක් පැවති ලංකා පොස්පේට් සමාගම එම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත. ඊයේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම ආයතනය කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට භාර දී තිබේ. විමල්ගේ කරමාන්ත අමාත්‍යාංශයට ජනාධිපතිට හිතවත් හමුදා නිලධාරී ජෙනරාල් දයා රත්නායක මහතා…

ගිවිසුම් කඩමින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කළාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි – මුදල් වාර්තාවල සටහන් නැතැයි විගණකාධිපති කියයි

ජපාන රජයේ ණය යෝජනා ක්‍රමයක් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් ගිවිසුම් ඒක පාර්ශවිකව උල්ලංඝනය කරමින් අවලංගු කිරීම  හේතුවෙන් රුපියල් මිලියන 5896 ක මුදලක් ගෙවීමට සිදුව ඇත. වාර්ෂිකව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කරනු ලබන රජයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාවෙන් මේ බව හෙළි කොට ඇත. අදාළ ව්‍යාපෘතියේ උපදේශන සේවා සිදු…