|

එජාප, පොහොට්ටුව අතහැර ජනාධිපතිවරණයට රනිල් ස්වාධීනව තරඟ වදියි !

තමන්ගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයෙන් හෝ ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ පක්ෂ පෙරමුණකින් හෝ තරග නොකර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි. සියලු පක්ෂවල සහය ලබන පොදු අපේක්ෂකයකු ලෙස තරග කිරීම වික්‍රමසිංහ මහතාගේ උපාය මාර්ගය වී ඇතැයි කියති. ශ්‍රී ලංකා පොදුජන…

විදුලි ඉංජිනේරු සංගමය ත්‍රස්තවාදී සංවිධානයක් – ඇමති කංචන විජේසේකර

    ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය ත්‍රස්තවාදී සංවිධානයක් බවත්, ඔවුන් කරමින් සිටියේ ආයතනය තමන්ට කැමති ආකාරයෙන් පාලනය කිරීම බවත්, තමන් එයට ඉඩ නොදීම නිසා ඔවුන් දැන් තමන් සමග වෛරයෙන් කටයුතු කරන බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය. ආයතනයේ සාමාන්‍යධිකාරී තනතුරට ඔවුන් කියන තැනැත්තාම පත් කළ යුතු බවට සම්ප්‍රදායක් ගොඩ…

විදුලි ගාස්තු ජනවාරියේ අඩුවෙයි

  ජනවාරියේ සිදු කිරීමට නියමිත ගාස්තු සංශෝධානයේ දී විදුලි ගාස්තු අඩුවනු ඇතැයි විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. පසුගිය මාස දෙකේ ලැබුණු අධික වර්ෂාව නිසා ජල විදුලි නිෂ්පාදනය උපරිම ලෙස සිදුවන බැවින් මෙම හැකියාව ලැබී තිබේ. එබැවින් අප්‍රේල් සිදු කිරීමට නියමිතව තිබු ගාස්තු සංශෝධනය ජනවාරි මාසයේ කිරීමට…

සජබට හෝ ජාජබට රනිල් පරදවන්න තනිව බැහැ – ඩලස් “නිදහස”ට කියයි

  සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයකට හෝ ජාතික ජන බලවේගයට හෝ වෙන වෙන ම තරඟ කොට ජනාධිපති වරණයක දී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කළ නොහැකි බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා එම පක්ෂයට ප්‍රකාශ කොට ඇති බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කොට ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පැරදවීමට නම්…

බදු වැඩි නොකලොත් වැඩපිළිවෙළ කඩා වැටෙනවා.. ජනතාවයට ටොෆී, චොකලට් බෙදුවොත් තිබුණටත් වඩා පහළට වැටෙනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

  රට අතිශය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව රජයේ ආදායම වැඩිකර ගැනීමට රජය ගත් තීරණ නිසා ජනතාව, සමාජය දැඩි පීඩනයකට පත්ව තිබෙන බවත්, එම බදු ආදායම වැඩි කර නොගන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග එකඟවුණු වැඩපිළිවෙළ කඩා වැටීමේ ඉඩ තිබෙන බවත් කොළඹ…

ජනාධිපතිවරණයට එනබව රනිල් කැබිනට්ටුවට දැනුම් දේ – ධම්මික ගැන කතාව බොරු !

තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) පස්වරුවේ දී කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.ලබන ජනවාරි මාසයේ සිට ඒ සඳහා වූ ප්‍රචාරක කටයුතු ආරම්භ කෙරෙන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා,  සියලු අමාත්‍යවරුන්ගේ සහය ඒ සඳහා ලබාදෙන ලෙස ඉල්ලා ඇත්තේ කැබිනට් රැස්වීමෙන් අනතුරුවය. මේ අතර ප්‍රකට ව්‍යාපාරික, ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා ‘පොහොට්ටු’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා…

|

2024 ආර්ථික වර්ධනය සියයට 3 ඉක්මවා යාවි – මහ බැංකු අධිපති

  2024 වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 3 ක් ඉක්මවා යනු ඇතැයි තමා අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ ප්‍රකාශය කළේ 2024 ආර්ථික වර්ධනය සියයට 1.8 ක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කොට තිබු පසුබිමක ය. කෙසේ වෙතත්, මෙම වසරේ…

රනිල් නැවත ජනපති වෙන බව කීවේ විහිළුවට නොවෙි – එජාප සභාපති වජිර අබේවර්ධන

  රනිල් වික්‍රමසිංහ ලබන ජනපතිවරණයෙන් ඡන්ද ලක්ෂ සීයක් ගෙන ජනපති පුටුවේ වාඩිවෙන බව තමා ප්‍රකාශ කළේ විහිළුවට හෝ ආවට ගියාට නොව ඔහු යන ගමන ගැන පැහැදිලි දැක්මකින් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ජනාධිපති රනිල් හුදෙක් දේශපාලකයකුට එහා ගිය ආර්ථික විශේෂඥයකු නිසා ලබන අප්‍රේල් වන විට රට තිබිය යුතු තැන…

|

IMF සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනපති සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලුදෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවත්, වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා…

ඩලස්ගේ කෑල්ලක් සජිත් ළඟට ?

    ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර,මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්,ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන්…

බැසිල් ඉවත්වෙයි ! පොහොට්ටු ජාතික සංවිධායක ධුරය හිස්ව තබයි !!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දැරූ බැසිල් රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත් වූ බවත්, එම තනතුර හිස්ව තැබීමට පක්ෂය තීරණය කොට ඇති බවත් වාර්තා වෙයි. පක්ෂයේ නිලධාරීන් සහ දේශපාලන මණ්ඩලය පත් කිරීමට අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙය සිදු වී තිබේ. පක්ෂ මහ ලේකම් තනතුරට සාගර කාරියවසම් මහතා යලි…

|

කවුරු බලයට ආවත් මේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි ; නැත්නම් විනාශයක් – මහ බැංකු අධිපති

  ඉදිරියේ දී කුමන කණ්ඩායමක් බලයට පත් වුවත් වර්තමානයේ ක්‍රියාත්මක ආර්ථික වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවත්, එයින් ඉවත් වන්නට සැරසුනොත් විශාල විනාශයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ණය හිමියන් සහන ලබා දී ඇත්තේ වර්තමාන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමට බවත්, ඉන් ඉවත් වුවහොත් ඔවුන්…