මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිදහස් – උණ්ඩ මාමණ්ඩිගේ

ආරක්ෂක අංශ විසින් අද (29) උදැසන අත්අඩංගුවට ගනු ලැබූ මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා ඊයේ (29) පස්වරුවේ නිදහස් කර ඇත. බියගම පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.   මල්වාන ප්‍රදේශයේ ඊයේ උදෑසන සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඔහුගේ නිවසේ තිබී බෝර වර්ගයේ තුවක්කුවක උණ්ඩ 93ක් හමු වූ අතර ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්විය. සහකාර…

ත්‍රස්ත ප්‍රහාරයෙන් විදෙස් ආයෝජකයෝ මෙරට හැරගියේ නෑ – සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර

මෙරටට පැමිණි ආයෝජකයන් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවූ තත්ත්වය හේතුවෙන් අධෛර්යවත්වී රට හැර යාමට හෝ තමන්ගේ ආයෝජන ආපසු ගෙන යාමට කටයුතු කර නැති බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි. යෝජිත ව්‍යාපෘති සියල්ල නියමිත පරිදි ආරම්භ කිරීමට අදාළ ආයෝජකයන් කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. සංවර්ධන උපායමාර්ග සහ…

ක්ෂණිකව එල්ලවිය හැකි ත්‍රස්ත තර්ජන 99%ක් අවසන් – ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරල් ශාන්ත ‍කෝට්ටෙගොඩ

ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමේ තර්ජනය සියයට අනුනවයකින් අවසන් බවත් ත්‍රස්ත අවදානම මුලිනුපුටා දැමීම සඳහා සියලු රාජ්‍ය අංශ එකතුව දිගුකාලීන සැලසුම් අවශ්‍ය බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරල් ශාන්ත ‍කෝට්ටෙගොඩ මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය. ක්ෂණිකව එල්ලවිය හැකි ත්‍රස්තවාදී තර්ජන සියයට අනුනවයකින් අවසන් වුවද නිදැල්ලේ සිටින එක් ත්‍රස්තවාදියකු හට විශාල විනාශයක් සිදුකළ හැකි බැවින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා…

ජාතික තවුහික් ජමාත් වැඩ ගැන වර්චුසා මෘදුකාංග ඉංජිනේරු අක්‍රම් වමාරයි !

2014 වර්ෂයේ සිට අයි. එස්. සහ මෙරට සම්බන්ධතා පවත්වන පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට තමා කටයුතු කර ඇති බව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ ‍සේවය කළ මෘදුකාංග ඉංජිනේරුවකු වන අක්‍රම් අහක්කම් නැමැත්තා පොලිස් විමර්ශන හමුවේ ප්‍රකාශකර ඇතැයි වාර්තාවේ.   පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය බාරයේ පසුවන ඔහුගෙන් ප්‍රශ්න කිරීම් දිගටම සිදුකරන…

වඳ සැත්කම් කතාවේ කෙළවර ගොඩනැගිලි ගනුදෙනුවක් ! – ලංකා නිව්ස් වෙබ්

සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලදැයි කුරුණෑගල රෝහලේ වෛද්‍ය සියාබ්දීන් සාෆිට එරෙහිව චෝදනා එල්ල කිරීමේ කෙළවර ඇත්තේ කෝටි ගණනක් වටිනා ගොඩනැගිල්ලක් මිලදී ගැනීම පිළිබඳ ගනුදෙනුවක් බව වාර්තා වේ.   අයථා වත්කම් විමර්ශනය සාෆි වෛද්‍යවරයා විසින් මෑතකදී කුරුණෑගල වැව රවුමේ ගොඩනැගිල්ලක් මිලදී ගෙන තිබිණි. මෙම ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා තවත් පාර්ශ්වයක් ද ඉදිරිපත්ව සිට…

උදයංගගේ ගිණුමට රටවල් 4කින් මුදල් – නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

මිග් යානා ගනු දෙනුවට අදාළව සිදු කරන විමර්ශනයේ දී පැහැදිලි වන්නේ උදයංග වීරතුංග යන අයගේ මෙරට ගිණුමට විදේශ රටවල් හතරකින් මුදල් ප්‍රේෂණය වී ඇති බව අනාවරණය වන බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (28) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය. සයිප්‍රස්, පැනමාව ඇතුළු රටවල් මුදල් ප්‍රේෂණය වීම්වලට අදාළව ඉල්ලා සිටි ලේඛන මෙරටට එවා ඇති බවත්…

වෛද්‍ය ෂාෆි ගැන විමර්ශනයට විද්වත් මණ්ඩලයක් පත් කරනවා,කාටවත් බලපෑමක් කරන්න අවශ්‍ය නෑ – ඇමැති රාජිත කියයි –

වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු ෂෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි මහතා සම්බන්ධව විමර්ශනය කිරීමට විද්වත් මණ්ඩලයක් පත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ සඳහා සුදුසුකම් ඇති ප‍්‍රසව හා නාරි වෛද්‍යවරුන් තිදෙනකු සහ වෛද්‍ය සභාවෙන් නියෝජිතයකු සමග සිවු පුද්ගල මණ්ඩලයක් පත්කර මෙම චෝදනා සම්බන්ධව…

පවුල් හයලක්ෂයකට අලුතින් සමෘද්ධිය

  පවුල් හයලක්ෂයකට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික මහෝත්සවය මේ මස 30 දින සිට ජූනි මස 15 දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමැති දයා ගමගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. සමෘද්ධි හිමිකම්ලාභි උත්සව මාලාවේ සමාරම්භක උත්සවය මේ මස 30 දින පස්වරු 2ට අම්පාර දිස්ත්‍රික්යේ දී අගමැති රනිල්…

ජනාධිපති කැනඩා නොයයි, ඉන්දියා යයි .

කැනඩාවේ ඔටාවා නුවරදී මෙම 29 සිට 31 දක්වා  පැවැත්වෙන විවෘත ආණ්ඩුකරන සහභාගිත්ව සමුළුවට සහභාගිවීම සදහා  කැනඩාවට යාමට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරතිබූ සැලසුම් අතහැර දම ඇති බව වාර්තා වෙයි . කැනඩා  අගමැති ජස්ටින් ට්‍රරුඩෝ මහතා හමුවීමට අවස්ථාවක් ලබා නොදීමත් බටහිර නායකයින්ගේ අයහපත් ප්‍රතිචාරත් මෙම තීරණයට හේතු වී ඇති බව කියති  . මෙය සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම…

කොහුවල , ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරිම ලබාදුන්නේ ” සැපයුම්කරුගේ ණය ” ක්‍රමය යටතේ – මාර්ග සංවර්ධන අමාත්‍යාශය

මාර්ග තදබදයට විසදුම් ලෙස ඉදිකෙරෙන  කොහුවල හා  ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරිම හංගේරියානු සමාගමකට  ලබාදුන්නේ ” සැපයුම්කරුගේ ණය ” ක්‍රමය යටතේ බව  මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන  අමාත්‍යාශ ආරංචි මාර්ග කියයි . මෙම ක්‍රමය යටතේ ක්‍රියා කිරීමේදී ටෙනඩර් කැඳවීම අවශ්‍ය නොවන බවත් ලැබෙන යෝජනාව වාසිදායකද යන්න සලකා බලා තීරණ ගන්න බවත් එම ආරංචි මාර්ග…

බෙහෙත් – වෛද්‍ය උපකරණ මිලට ගැනීම විද්යුත් ප්‍රසම්පාදන ක්‍රමයට

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය (E-procurement) ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. විද්‍යුත් ප්‍රසම්පාදනය ක්‍රියාවට නැංවීමෙන් දූෂණ හා වංචා අවම කර ගැනීමට හැකි වන බවත් මාස නවයක් ගත වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙමඟින් මාස…

ලංකාවේ සිටි අයි.එස්. ත්‍රස්තවාදීන් 15 ක් ඉන්දියාවට පනියි.

අයි.එස්. ත්‍රස්තවාදීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ලක්ෂදීප් දූපතට පැමිණ ඇති බවට පලවන බුද්ධි අංශ වාර්තාවලට අනුව කේරළ වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීමට එරට පොලීසිය ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අයි.එස්.ත්‍රස්තවාදීන් 15 දෙනෙකු පමණ යාත්‍රාවක් මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ සිට ලක්ෂදීප් දූපතට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. මේ හේතුවෙන් කේරළ වෙරළ තීරයට…