‘‘කිසිවෙකුත් නැත‘‘ තීරයක් ඡන්ද පත්‍රිකාවට එක්කිරීමට යෝජනාවක්

මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා ‘‘කිසිවෙකුත් නැත‘‘ යනුවෙන් තීරයක් ඡන්ද පත්‍රිකාවට අලුතින් එක්කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. තරුණයන් පිරිසකගෙන් ඉදිරිපත් වී ඇති එම යෝජනාවට කොමිෂන් සභාව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ නමුත් ඒ සඳහා නව…

අයි. සී. සී. පී. ආර්. පනත යොදාගෙන ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ උත්සාහයන් හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ප‍්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් ඩේලිමිරර් පුවත්පතට ලියූ ලිපියක් පදනම් කරගෙන අයි.  සී. සී. පී. ආර්. පනත හෙවත් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ ප‍්‍රතිපාදන අනුව නෛතික ක‍්‍රියාමාර්ගවලට එළඹීම දැඩිලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යපාරය, නීතිය මෙලෙස අසාධාරණ ලෙස යොදාගැනීමෙන් වළකින්නැයි වගකිවයුතු සියලූ පාර්ශවයන් වෙත අවධාරණය කර සිටියි. දීර්ඝ…

ජනමත විචාරණයකින් මහ මැතිවරණයක් කැදවන්න ජනාධිපතිගේ සුදානමක් – දැනටමත් නීතී උපදෙස් අරන්

“මේ අවස්ථාවේ මහ මැතිවරණයක් අවශ්‍යදැ”යි ජනමත විචාරණයක් පවත්වා එහි ප්‍රතිපලය මත හදිසි මහ මැතිවරණයක් කැඳවීමේ උත්සාහයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදානම් වන බව වාර්තා වෙයි . මේ සදහා නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් දැනටමත් උපදෙස් ලබාගෙන ඇති බවත් , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්චා කොට ඇති බවත් තතු දත් ආරංචි මාර්ග කියයි ….

ගෝඨා තව ටික කලක් සිංගප්පූරුවේ විවේක ගනීවි – විමල්. නඩුව 19

සිය වෛද්‍ය ප්‍රතිකාර සාර්ථකව අවසන් කරගෙන ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා තව ටික කලක් සිංගප්පූරුවට වී විවේක සුවයෙන් පසුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා ඉන් පසුව යළිත් සක්‍රීය දේශපාලනයට එක්වනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ (14) හමුවීමෙන් අනතුරුව…

‘පිබිදෙමු පොළොන්නරුව’ සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකරමින් තිබූ බස් නැවතුම්පළක් කඩා වැටේ

“පිබිදෙමු පොළොන්නරුව” නමින් ජනාධිපති සිරිසේනගේ මූලිකත්වයෙන් දියත් වූ සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 100ක මුදලක් වැයකරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හිඟුරක්ගොඩ නගරයේ ඉදිකරමින් තිබූ බස් නැවැතුම්පළක් අද (14) පස්වරුවේ කඩාවැටී ඇති බව වාර්තා වෙයි. ඒ සමග මගී ජනතාව සහ බස්රථ එම ස්ථානයෙන් ඉවත් කර එය ජනතාවට තහනම් ප්‍රදේශයක් බවට පත් කිරීමට හිගුරක්ගොඩ පොලිසිය කටයුතු…

ගාමිණී සෙනරත්ගේ හා සජින් වාස්ගේ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවේදී අතුරුදන් වෙලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතාට සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ලැබී තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාල ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගාමිණි සෙනරත් සහ සජින් වාස්ට එරෙහිව එල්ල වූ චෝදනා පිළිබඳව…

ගෝටා රෝහලෙන් යයි – වෛද්‍ය උපදෙස් මත තවදුරටත් සිංගප්පුරුවේ

සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී විවෘත හදවත් සැත්කමකට මුහුණ දුන් ගොටාභය රාජපක්ෂ මහතා මේ වනවිට රෝහලෙන් ඉවත්ව ගොස් ඇතත් ඔහුට සිංගප්පුරුවේ තව දුරටත් රැදී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව දැනගන්නට ඇත . හදිසි අවස්ථාවකදී වහාම රෝහල් ගතවිය හැකි වන පරිදි මෙලෙස එරට රැදී සිටීමට ඒ මහතාට උපදෙස් ලැබී ඇත . තව මාසයක් හෝ දෙකක්…

අපි නොදැනුවත්ව සාෆිට වඳ සැත්කම් කරන්න බෑ – හෙද නිළධාරිණියෝ 69ක් සාක්ෂි දෙති

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහමඩ් සාෆි සමග සිසේරියන් සැත්කම්වලට සහභාගි වූ ශල්‍යාගාර හෙද නිළධාරිණියන් 69 දෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දී තිබෙනවා. තවත් එක් හෙද නිළධාරිණියකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත අතර ඇය මේ වනවිට කොළඹ ජාතික රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ප්‍රකාශ සටහන් කර ගැනීම ප්‍රමාද වී තිබෙනවා.සාක්ෂි ලබා දුන් හෙද නිළධාරිණියන්…

ලසන්ත , තාජුදීන් ඝාතන ඇතුළු සිද්ධි 4ක් ගැන පරීක්ෂණ කඩිනම් කරන්න නීතිපතිගෙන් නියෝග

මහත් ආන්දෝලනයට තුඩුදුන් අපරාධ ක්‍රියා සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ කඩිනමින් අවසන් කර වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියම කර තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළේය. ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුදීන් ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොළොස් දෙනෙකු…

නව ජාතික බුද්ධි ප්‍රධානි ජීවක රුවන් කුලතුංග

පුරප්පාඩු වූ ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා මේජර් ජනරාල් ජීවක රුවන් ක්‍රලතුංග මහතා පත් කර ඇත. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇති බවයි. ජාතික බුද්ධි ප්‍රධානි ධුරයේ කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු…

කැබිනට් මණ්ඩලය යලි කැදවයි

මීලග අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 18දා අගහරුවදා පැවැත්වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි . තජිකිස්ථානයේ සංචාරය සදහා පිටත්වීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සදහා උපදෙස් ලබා දී ඇති බව දැනගන්නට ඇත . මෙම පියවර නිසා රටේ දෙශේපලන අර්බුදයක් ඇතිවීම යම් තාක් දුරකට වලක ගත හැකිවන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .

CIDයට ජාතිය ගැන කිසිම හැඟීමක් නෑ සර් – කුරුණෑගල පැලෝපීය DIGගෙනුත් පාපොච්ඡාරණයක්

වඳ සැත්කම් කතාවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන්ව ඊට පටළවා ඇත්තේ දිවයින පුවත්පතේ හේමන්ත රන්දුණු ඇතුළු පිරිසක් විසින් බවත් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කර තිබේ.රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු හමුවේ දීර්ඝ පාපොච්ඡාරණයක් කරමින් බොහෝ කරුණු පවසා ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ව කෙසේ හෝ බේරාගන්නා මෙන් ආයාචනයක් ද කර ඇත. ජාතිවාදී පැණි වරකාවට…