අධිකරණ වාර්තාකරුවන්ට බාධා කිරීම හා ඡායාරූප මාධ්‍යවේදීන්ට පහරදීම හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ වාර්තාකරණයෙහි නියැලෙමින් සිටි මාධ්‍යවේදීන්ට එරෙහිව පොලිසිය හා විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරින් සිදු කළ බාධා කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම සිදුවීම් පිළිබඳව නිසි පරීක්ෂණ පවත්වා යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙස අදාල බලධාරින් ගෙන් දැඩිව ඉල්ලා සිටී.  පාඨලී චම්පික…

පළිගන්නකොට හරී සැපයි. හොරි කහනකොටත් හරී සැපයි, හැබැයි පස්සේ දැවිල්ලයි – විජයමුණි

ආණ්ඩුව දැන් කළ යුතුව ඇත්තේ 69 ලක්ෂයක් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම මිස පැරණි රථවාහන නඩු ඇවිස්සීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. “පළිගන්නකොට හරී සැපයි. හොරි කහනකොටත් හරී සැපයි, හැබැයි පස්සෙ දැවිල්ලයි. මේ ලක්ෂ 69ක් බලාපොරොත්තු වූ දේ ඉටු කිරීම තමයි ඔවුන්ගේ වගකීම. නැතුව මේ ට්‍රැෆික් නඩුයි, අර නඩුයි මේ නඩුයි…

පොලිසිය ඇමති චම්පිකගේ මන්ත්‍රී වරප්‍රසාද කඩලා – නියෝජ්‍ය කතානායක පොලිස් කොමිසමට පැමිණිලි කරයි

හිටපු ඇමති චම්පික රණවක මහතා අත් අඩංගුවට ගැනීමේදී පොලිසිය නිසි ක්‍රමවේද අනුගමනය කොට නැති බවත් එමගින් රණවක මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංගණය වී ඇති බවත් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පොලිස් කොමිසම වෙත ලිඛිතව පැමිණිලි කොට ඇත . ජතික පොලිස් කොමිසමේ සභාපති ඩබ්ලිව් ඊ වරලියද්ද මහතා වෙත නියෝජ්‍ය කතානායක තුමා දැනුම් දී ඇත්තේ මන්ත්‍රීවරයකු අත් අඩංගුවට…

රනිල් පක්ෂ නායකත්වය අත්හැර සජිත්ට දිය යුතුද? – තිලක් දෙමටමල්පිටිය අසයි

රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වය අත්හැර එය සජිත් ට දිය යුතුයැයි මේ වනවිට පළවන අදහස් හා මතිමතාන්තර එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන්ම ඇසේ. සැබවින්ම රනිල් පක්ෂ නායකත්වය අත්හැරිය යුතු දැයි සිතා බැලීමේ දී පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත්ට අත්වූ ඉරණම ට වගකිව යුත්තේ වෙනින් කවුරුවත් නොව සජිත් ඔසවා තැබූ පිරිසම බව පැහැදිළිය. 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සජිත්ට දිය යුතු යැයි…

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මහානාමට වසර 20 ක, දිසානායකට වසර 12 ක සිර දඬුවම් !

ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක අදාල චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවන් වී තිබෙනවා. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකළ මෙම නඩුවේ තීන්දුව අනුව අයි.එච්.කේ. මහානාම චෝදනා 13 කට වැරදිකරු කරමින් වසර 20 ක බරපතල වැඩ…

අපේ කාලේ මෙහෙම ගෙවල්වලට කඩා පැන්නෙ නෑ. අපට මර්ධනය එන්නේ ඇත්ත කියූ නිසා – රාජිත

තමන්ගේ ආණ්ඩුව සමයේදී මෙසේ නිවෙස්වලට කඩාපැන අත් අඩංගුවට ගැනීම් සිදු නොකෙරුණු බවත් සියල්ල සිදු කෙරුණේ නීත්‍යානුකූල ආකාරයෙන් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිහිපත් කරයි.  ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) රාත්‍රියේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාව පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම සිද්ධිය පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.  “දැන් අපට තේරෙනවා,…

ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාදයි

ඇමෙරිකානු ජනාධිපති  ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා  ගෙන ආ දෝෂාභියෝගය ඇමෙරිකානු  නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී සම්මත වී  ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. බලය අයුතු ලෙස යොදා ගැනීම සහ යුක්රේනය සමඟ සබඳතාවලදී කොංග‍්‍රස් මණ්ඩලයට පටහැනිව කි‍්‍රයා කිරීම යන කරුණු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයේදී නගා ඇති චෝදනා  වේ. දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද  230 ක් ලැබී ඇති අතර විපක්ෂව…

රිය අනතුර ගැන මාධ්‍ය වාර්තා බොරු – දෙරණට චම්පික පිටිතුරු දෙයි

2016 දී සිදු වූ රිය අනතුර පිලිබදව ඇතැම් ජනමාධ්‍ය පලකරන වාර්තා බොරු බව හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය .පොලිස් අත් අඩංගුවට පත්වීමට පෙර  කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කිවේ එම රිය අනතුරට තමා  සම්බන්ධ කිරීමට ඇතැම් ජනමාධ්‍ය පට්ට පල් බොරු ප්‍රචාරය කරන බවයි . මෙම රිය අනතුර සම්බන්ධ නඩුව…

මේවා අපිට හොඳ පාඩම් – හිරුණිකා

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ස්වාමීන් වහසේලා සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ ආණ්ඩුව විරුද්ධ මතධාරීන් මර්දනය ආරම්භ කර ඇති බවයි.  මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ මේවා අපට හොඳ පාඩම් යනුවෙනි.  වසර හතරහමාරක් පමණ ආණ්ඩුව කළ සමයේදී හොරු,වංචාකරුවන්, මිනීමරුවන් සම්බන්ධයෙන් පැවසුවද ඇතැමුන්ගේ ඩීල් හේතුවෙන් එකදු පුද්ගලයෙකුට…

එක්නැලිගොඩ නඩුව පෙබරවාරි 20 වැනිදා සිට විභාගයට

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටින විත්තිකරුවන් 9 දෙනාට එරෙහි නඩුව ලබන පෙබරවාරි 20 වැනිදා විභාගයට ගැනීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  ඊයේ  (18) නියෝග කළේය.   මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුන් වන සම්පත් අබේකෝන් (සභාපති)  ගිහාන් කුලතුංග හා සම්පත් අබේරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු…

ෆවුසි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සභාපතිවරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , පක්ෂයේ මහ ලේකම්…

හිටපු ඇමති පාඨලී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  එම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වූයේ. අත් අඩංගුවට ගත හිටපු ඇමතිවරයා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත . මහේස්ත්‍රාත් වරයකුගේ වරෙන්තුවකින් තොරව හා කතානායකතුමාට දැනුම්දීමකින් තොරව මෙම අත් අඩංගුවට ගැනීම නිති විරෝධී බවට චම්පික රණවක මහතා චෝදනා කොට ඇත…