ජාතික ගීය දෙමළෙන් ගැයීම ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතියක්, ඒක වළක්වන්න කාටවත් බෑ ! – වාසුදේව
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමෙන් ජාතික ගීයට හෝ කිසිදු ජාතියකට හෝ හානියක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. දෙමළ භාෂාවෙන් ගායනා කිරීම දෙමළ ජනතාවගේ අයිතියක් බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති අයිතියක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා. පසුගිය ආණ්ඩුව සමයේ නිදහස් දින උත්සවය ආරම්භයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් සහ අවසානයේදී දෙමළ…
