එජාප නායකත්ව ගැටලුව විසඳුමට කෘත්‍යාධිකාරි මණ්ඩල ඡන්දයක්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ ඡන්ද විමසීමක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  තමන්ට සහාය දක්වන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලය…

කබ්‍රාල්ගේ යුගයේදී අර්ථසාධක අරමුදලට බිලියන ගණනින් පාඩු කළ කොටස් වෙළඳපොල ගනුදෙනු එළියට

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී සේවක අර්ථසාධක අරමුදලට (EPF) රුපියල් බිලියන ගණනාවක් පාඩු කළ කොටස් වෙළඳපොල ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණන වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබේ.  සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකාවේ විශාලතම අරමුදල වන අතර එහි ඇත්තේ පෞද්ගලික අංශයේ රැකියා කරන සේවකයින් දහඩිය මහන්සියෙන් උපයාගත් මුදල්ය. එහි ආයෝජන කටයුතු සිදු කෙරෙන්නේ…

‘බැඳුම්කර වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම වුණා’

‘බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව හෑල්ලුවට ලක්කරන්න පිරිසක් උත්සහ කරනවා. හොරාට කලින් කෙසෙල් කැන වැටී පනින්න හදනවා. මේ මුල්‍ය වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම සිදුවෙලා තිබෙනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙසේ කීය. එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය. හොරු…

අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස  07 වැනිදා  තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  ධම්මික ගනේපොල මහතා  නියෝග කළේය. මාධ්‍ය  සාකච්ඡාවක් පවත්වා  අධිකරණයට බලපෑම් කිරීම සහ විනිසුරුවන්ට  චෝදනා කළැයි   නීතීපති ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන්  මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.  මානසික  වෛද්‍ය වාර්තා කැදවීමකින්  අනතුරුව   චෝදනා ගොනු කිරීමටද එහිදී නියෝග කෙරිණි.   (…

මඩකලපුව මාධ්‍යවේදීන්ට එරෙහි තර්ජන පිළිබඳ කඩිනම් පරික්ෂණයක් කළ යුතුයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

සිය කාර්යාලයට ගෙනැවිත් දමා තිබු නිර්නාමික පත්‍රිකාවක් මඟින් තමන්ගේ සාමාජිකයින් කිහිප දෙනෙකු නම් කොට මරණිය තර්ජන එල්ල කර ඇතැයි මඩකලපුව මාධ්‍ය සමාජය පවසයි.  කෙබඳු පසුබිමක් යටතේ කුමන පාර්ශවයක් විසින් එල්ල කරනු  ලබන  තර්ජනයක් වුවද, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකන්නේ එය එම මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කටයුතු කරගෙන යාමට එල්ල වන බාධාවක් වශයෙනි. මාධ්‍ය නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ද…

වෝහාරික වාර්තාවල ඇමුණුම් දෙන්නැයි කතානායක මහ බැංකුවට දන්වයි

මහ බැංකුවේ 2015ට  පෙර සිදු වී ඇති බැදුම්කර වංචා සම්බන්ධ වෝහාරික විගණන වාර්තාවල ඇමුණුම් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස කතානායක කරු ජයසුරිය මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත . එම ඇමුණුම් නොමැතිව වාර්තා සම්පුර්ණ නොවන බව කථානායකතුමා  එම ලිපියෙන් පෙන්වා දී තිබේ . මෙම වාර්තා ප්‍රසිද්ධ නොකරන ලෙස නීතිපති දප්පුල ලිවේරා…

කබ්‍රාල්ගේ සමීප ඥාතීන් 4ක්ම බැඳුම්කර ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම්වල ඉඳලා !

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකු අධිපති ධුරය දැරූ සමයේදී ඔහුගේ සමීප ඥාතීන් හතර දෙනෙකුම බැඳුම්කර මිලදී ගන්නා ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම්වල ඉහළ නිලතල දරා ඇති බව බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවී තිබේ.  ඒ අනුව,  අජිත් නිවාඩ් මහතාගේ සොයුරිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය ප්‍රශ්නගත පර්පචුවල් කැපිටල් හෝල්ඩිංස් ආයනයේ අධ්‍යක්ෂවරියක් ලෙසත්  අජිත් නිවාඩ්…

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර වසර 10යි !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කර අදට (24) වසර 10ක් සපිරෙයි. 2010 ජනවාරි 24 වනදා රාත්‍රියේදී රාජගිරිය ආසන්න ප්‍රදේශයකදී ඔහුව පැහැරගෙන ගොස් තිබුණේ යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක් විසින් බවත් ඔහුව ගෙනගොස් තිබුණේ ගිරිතලේ යුධ හමුදා බුද්ධි ඒකකයට බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.  නොයෙකුත් බාධාවන් මැද සිදු කෙරුණු දීර්ඝ කාලීන විමර්ශනයකින් පසු, 2010 ජනවාරී…

වෝහාරික වාර්තාව අනුව 2005 – 2015 බැඳුම්කර පාඩුව මිලියන 10,470යි – ආචාර්ය හර්ෂ ද සිල්වා

ඊයේ (22) සභාගත කෙරුණු බැඳුකර නිකුතු පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි 2005 – 2015 කාලසීමාව තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 10,470ක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.  මෙම වෝහාරික විගණන වාර්තාවේ ඇතැම් කොටස් අඩුවීමේ වගකීම  කථානායකවරයාට පවරමින් කාංචන විජේසේකර අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ…

මව්බිම පත්‍රයෙන් කෝටි 100ක් ඉල්ලා තුසිත හල්ලොලුව නඩු මගට

මත්පැන් බලපත් විකුණා කෝටි තුනකට අධික අල්ලස් ගත් බවට බොරුවක් ප්‍රචාරය කරලා   තමා සම්බන්ධයෙන් ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කර සිය කීර්ති නාමයට අපහස කළේ යැයි චෝදනා කරමින් “මව්බිම” පුවත්පතට සහ එහි අයිතිකරු ටිරාන් අලස් මහතාට එරෙහිව රුපියල් කෝටි 100ක වන්දි ඉල්ලා නඩු පැවරීමට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාව සිටී…

හැකිනම් කොමිසමක් දාන්න ; ෆයිල් පිටින් අරගෙන මම එනවා – රන්ජන්

බැඳුම්කර වංචාවේ අර්ජුන ඇලෝසියස් තමන්ට කතා කරපු අවස්ථාවල හඬපට තමන් සතුව ඇති බවත්, ඔහු තමන්ට සල්ලි දෙන්න උත්සාහ කිරීමේ හඬපට තමන් සතුව ඇති බවත් පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හැකිනම් තමන්ගේ හඬපට විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත්කර ලෙස කියා සිටී. “ඒ කොමිසම පත් කරද්දී මම එනවා ෆයිල් පිටින් ඒ කොමිසමට. ඇවිල්ලා දෙනවා සාක්කි. එතුමාත් කතා…

සජිත් ඉල්ලු එජාපය දැන් තුනක් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පමණක් නොව ජ්‍යෙෂ්ඨයින් තිදෙනාගේම නායකත්වය අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ,කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන තිදෙනාම නායකයන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සිදු වූයේ බහුතර ජන්දයක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබීම පමණක් බව හෙතෙම ප්‍රකාශ කළේය. කෙසේවෙතත් ඉදිරි දින දෙක…