පොහොට්ටු කතාවලින් කලකිරුණු ශ‍්‍රීලනිප පිරිසක් එජාපය හා එක්වෙන්න සාකච්චා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නායකයන් අද වන විට එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔවුන්ට එල්ල වන විවිධ තාඩන පීඩන හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් කලකිරීමෙන් සිටින බව ද ඔහු පැවසීය. එම හේතුවෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බවත් වැරදි අඩුපාඩු…

හදිසි කතා බහකට දයාසිරි එනවිට බැසිල් හොදටම ලෙඩවෙලා !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේහම් දයාසිරි ජයසේකර මහතා ඊයේ හදිසියේම ගියේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහ ලෙකම් බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට ය . ශ්‍රීලනිපයට පොදුජන පෙරමුණෙන් දිගින් දිගට එල්ල වන වාග් ප්‍රහාර වලක්වා ගෙන සාමය ඇතිකර ගැනීමට බැසිල් රාජපක්ෂ මහතාගේ සහය ලබා ගැනීම දයාසිරි ජයසේකර මහතාගේ අරමුණ වී තිබිණි . කෙසේ වෙතත් බැසිල්…

අපට බල්ලන්ට වගේ බනිනවා.. පොහොට්ටුවන් ගුණමකුවන්.. අපි ඉවසා ඉවරයි.. මෙහෙම ආණ්ඩු හදන්න පුළුවන්ද..- ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර

අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. මේ හේතුවෙන් තම ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බව ද ඔහු සඳහන් කළේය. ෛ මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යයි පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළේ නම් ගෝඨාභය රාජපක්ෂ…

කරූද විසිකර රනිල් ගේමට බහී.. අලියාගෙන් මැතිවරණයට ස්ථිරයි.. සජිත් බලවේගයේ නාම යෝජනා අවලංගු වන අවදානමක්..

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවේ පවතින නීතිමය ගැටලු හේතුවෙන් ‘අලියා’ ලකුණ යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. සමගි ජන බලවේගය සමග එක්සත් ජාතික පක්ෂය වෙනත් ලකුණක් යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වුවහොත් ව්‍යවස්ථාවේ පවතින නීතිමය ගැටලුව කේන්ද්‍ර කර ගනිමින් කිසියම් පුද්ගලයකු ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළහොත් නාමයෝජනා ලේඛන අහෝසි වීමේ අවදානමක් ඇති…

එජාපය දිස්ත්‍රික්ක 22 ටම අලියාගෙන් තරග වදී

එක්සත් ජාතික පක්ෂය දිවයිනේ දිස්ත්‍රික්ක 22 ටම තරග වදින බව පක්ෂයේ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිසම වෙත දන්වා යවා ඇත . එජාපය තරග කරන්නේ තම පක්ෂ ලකුණ වන අලියා ලකුණෙනි . දේශපාලන නිරීක්ෂකයන් කියන ලෙස පක්ෂය තුළ මේ වන විට කණ්ඩායම් තුනක් ක්‍රියාත්මක ය . එනම් සජිත් කණ්ඩායම , රනිල් කණ්ඩායම සහ…

හිටපු ජනපති මෛත්‍රීට – “ගෙදර ගියත් තෝ නසී , මග හිටියත් තෝ නසී”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මැතිවරණයේ දී ” ගෙදර ගියත් තෝ නසී , මග හිටියත් තෝ නසී” තත්ත්වයට පත් ව සිටින බව දේශපාලන විචාරකයෝ කියති . එසේ වී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවෙන් තරග කළහොත් ඔහු පැරදවීමට රොෂාන් රණසිංහ ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායම සැදී පැහැදී සිටීමත් , ජාතික ලැයිස්තුවට අවොත් අන්තිමේ දී ඔහු පත් නොකර…

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්.කේ.  වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද(06) වරෙන්තු නිකුත් කළේය. අදාළ ලේකම්වරියට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබුණත් ඇය අධිකරණය හමුවේ පෙනි නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු…

රවී ඇතුළු 10 කට වරෙන්තු

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (6) වරෙන්තු නිකුත් කළේය. මෙම නඩුවේ 10 වැනි සැකකරු වන බුද්ධික සරත්චන්ද්‍ර යන අයට වරෙන්තු නිකුත් කිරිම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කෙරිණි. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් නඩු කටයුතු පවත්වාගෙන යාමට කරුණු ඉදිරිපත් වන බවට තීරණය කරමින් වරෙන්තු නිකුත් කරනු ලැබිණි. (නිමන්ති රණසිංහ) ලංකාදීප

මැති ඇමතිවරු අල්ලස් ගන්නේ ඡන්ද කරන්නයි – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ

අද පවතින තත්ත්වය යටතේ මැතිවරණයක් ජයගැනීමට අපේක්ෂකයකුට රුපියල් කොටි තුන හතරක් වියදම් කිරීමට සිදුවන බවත් බලයට පත් වූ විට ඔවුන් අල්ලස් ගැනීමට පෙලබෙන්නේ මැතිවරණයට කළ වියදම සොයාගැනීමට බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය . තමන්ට වියදම් වූ මුදල පමණක් නොව ඉදිරි මැතිවරණය සදහා ද මුදල් සොයා ගැනීමට මැති ඇමතිවරුන්ට සිදු වී…

වියත්මග මැතිවරණ අපේක්‍ෂකයන් නෑ.. ඇතැමුන් අපේ නාමය අවබාවිත කරනවා..- වියත්මග නිවේදනය කරයි

වියත්මග සංවිධානයේ නාමය භාවිතා කරමින් ඇතමුන් දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරත වන බව එම සංවිධානය සඳහන් කරයි. එම කටයුත්තට තම සංවිධානයේ දැනුවත් වීමකින් තොරව සිදුකරන ක්‍රියාවක් බවත් එවන් යමක් ඇත්නම් නිල වශයෙන් දැනුම් දීමක් කරන බවත් එම සංවිධානය කියා සිටියි. ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වියත්මග සංවිධානය පවසන්නේ තම සංවිධානයේ දැනුවත් භාවයකින් තොරව පවත්වන සියලු රැස්වීම්…

මැතිවරණ කොමිසම උපාධිධාරි පුහුණුව අත්හිටුවයි

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගනීමේ වැඩසටහන යටතේ  උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මැතිවරණය නිමවනතෙක් අත්හිටුවීමට මැතිවරණ කොමෂන් සභාව තීරණය කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඊට අදාළ ලිපිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ, සුදුසුකම් සපුරනු ලැබූ අයදුම්කරුවන් හතලිස්පන්දහස් පන්සිය අසූපහක් රැකියාලාභීන්…

එයාර් බස් වංචාව : මිලියන 25ක් ගිණුමට දාන්න උපදෙස් දුන් 27 හැවිරිදි පුද්ගලයා මිය ගිහින් !

එයාර් බස් වංචාවේදී ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබාගත් අල්ලස් මුදලින් රුපියල් මිලියන 25ක් එස්. එල්. ඇග්‍රෝ නම් සමාගමේ ගිණුමට බැර කරගන්නා ලෙස එම සමාගමේ හිමිකරුවන්ට උපදෙස් ලබාදී ඇත්තේ යොහාන් අබේවික්‍රම නමැති පුද්ගලයකු බවත් ඔහු මේ වනවිට මියගොස් ඇති බවත් ඊයේ (04) අධිකරණය හමුවේ අනාවරණය විය.  එම…