ඉදිරියේදි කොරෝනා පැතිරීමේ අවදානමක් ; විවිධ ස්ථාන වලින් රෝගීන් වාර්තාවීමට ඉඩ – යුද හමුදාපති
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිස් සමාජයේ විවිධ ස්ථානවලට ගොස් තිබෙන බැවින් ඉදිරියේදී විවිධ ස්ථාන වලින් රෝගීන් කිහිප දෙනෙක් හෝ වාර්තාවීමට ඉඩ ඇතිබව කෝවිඞ් 19 පාලනය කිරීමේ ක්‍රියාන්විතයේ ප්‍රධානි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මේ සතිය ඉතාමත් වැදගත්. සියලුදෙනා බොහෝ කැපකිරීම් කරලා ලබාගත්ත සුබවාදි තත්ත්වය විනාශවෙන්න ඉඩ දෙන්න බැහැ. වැඩි වගකිමක් තියෙන්නෙ ජනතාව අතෙයි….
