අපිට හූ කිව්වොත් තුනෙන් දෙක නැති වෙයි – මහින්ද අමරවීර

දිගින් දිගටම පොදුජන පෙරමුණේ රැස්වීම් වලදී ශ්‍රීලනිපයේ අපේක්ෂකයින්ට හු කියන්නේ නම් ඉන් පාඩුව සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බව සහ  තුනෙන් දෙකක බලයක් ලබා දීමේ වැඩපිළිවෙලට බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කොට තිබේ. මෙවර මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ වදින ශ්‍රීලනිපයේ අපේක්ෂකයින් වන ජගත් පුෂ්පකුමාර මහතාට මොනරාගලදීත්, නිමල් සිරිපාලද…

කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 2730 ට නගී ; කන්දකාඩු පොකුරේ 560 යි

මෙරට කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2730දක්ව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මෙයි 560ක් කන්දකාඩු කොවිඩ් පොකුරින් හඳුනාගෙන ඇත . එයින් 41 දෙනෙකු වාර්තා වී ඇත්තේ කඳවුරට පිටත සමාජයෙන් බව ද වාර්තා වෙයි.

කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ ආණ්ඩුව දිය කළ හැටි සී එම් ඊ වී හෙළිකරයි

කොවිඩ් 19 වසංගතය පවතිද්දී මහ මැතිවරණය පැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන් සකස් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවල වැදගත් කොටස් ඉවත්කොට ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදනය ගැන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කොට ඇත. ආණ්ඩුව සෞඛ්‍ය මාර්ගෝපදේශ දියාරු කොට නිකුත්කොට ඇති ගැසට් නිවේදනය පුස්සක් බව හෙලිකරනේම නිවේදනය සම්පුර්ණයෙන් මෙසේ ය. කොවිඞ්-19 හා සබැඳි මැතිවරණ නියෝග පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා…

ගෝටාභය ආවම මේව විසදෙයි කියා හිතුවේ.. දැන් හාමුදුරුවරු නිහඩ කරවන්න හදනවා.. – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කරන ලද අමනයන්ට විරුද්දව නීතිය ක‍්‍රියාත්මක කර වැඩ පෙන්වන්නැයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි. එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම ස්ථානයට වැඩම කල අවස්ථාවේ මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියහ. ගෝටාභය රාජපක්‍ෂ වගේ කෙනෙක් ආවාම මේ ප‍්‍රශ්න විසදෙය් කියා සිතා සිටියත් දැන්…

මැතිවරණය සඳහා තරග කළ යුත්තේ එජාපයෙන් පමණයි – රනිල්

එක්සත් ජාතික පක්ෂය සමග එක්වු සෙසු පක්ෂ නියෝජිතයින්ට තනතුරු ලබාදීමට සහ ඔවුන්ගේ අදහස් මත ක්‍රියාත්මකවීමට තමන් සූදානම් නොවු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ මැතිවරණය සඳහා තරග කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් බවය. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජිත සම්මේලනය අමතමින් ඒ මහතා මේ බව…

මේ ආණ්ඩුව ආපු ගමන් පොලීසියට අමුතු උණක් හැදුණා ; කොරෝනාවට වඩා භයානකයි දැන් පොලීසිය – මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසේල සම්පත්

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා පොලීසියට අමුතු උණක් වැළඳුණු බවත් ඒ නිසා Covid 19 වෛරසයටත් වඩා මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය භයානක වී ඇති බවත් මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසයි.  ” නොවැම්බර් 16 මේ ආණ්ඩුව පැමිණීමත් එක්ක මේ පොලීසියට හැදිලා තියෙනවා අමුතුම තාලේ උණක්. ඒක ජනාධිපතිවරයා දීපු විශේෂ උත්තේජනයක්…

PHIලා නැතිව මේ වැඩේ හරියට කරන්න බැහැ – ආණ්ඩුවට බුරුලක් නොදෙන මැ.කො

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය නොමැතිව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.  සෞඛ්‍ය අවදානමක් පවතින මොහොතක එම ගැසට් පත්‍රයට අනුව කටයුතු වෙනවාද නැද්ද යන්න සොයා බැලීමට හැකි එකම පාර්ශවය වන්නේ මහජන සෞඛ්‍ය පරික්ෂවරු බවයි දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ.  මහමැතිවරණය සම්බන්ධ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීමේදී මහජන…

දේශපාලන පලිගැනීම් කොමිසමේ වැඩ කටයුතු නවතා දමයි

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති  කොමිසන් සභාවේ වැඩ කටයුතු තාවකාලිකව නතර කරන බව ඊයේ නිවේදනය කොට ඇත. මේ අතර මෙම කොමිසන් සභාවේ වැඩ කටයුතු නිරෝධායන නීතිවලට පටහැනිව සිදුවන බවට ලද පැමිණිල්ලක් මත ඊයේ එය මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පරීක්ෂාවට ලක් වූ බව ද වාර්තා වීය.

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

2020 මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්විණි. එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාව එක්වෙමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් විධායක බලතල ද පාර්ලිමේන්තුව වෙත ලබා දී පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීම එජාපයේ අරමුණ බවයි. පසුගිය යහපාලන රජය යටතේ ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා තවදුරටත් ශක්තිමත් කළයුතු බව…

කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 2687 ට නගී

මෙරට දී හඳුනාගත් කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 2687 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වෙයි . අද දවස තුළ සොයාගත් රෝගීන් සංඛ්‍යාව 13 කි .

බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශන තවම අවසන් නැහැ – සී අයි ඩී ය අධිකරණයට දන්වයි

2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් අවසන් නැති බවත්  මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් විමර්ශන සිදුකරන බවත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස්…

වැදගත් නිර්දේශ ඉවත් කොට සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන වෑයමක් !

මහ මැතිවරණය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරිපත් කොට ඇති නිර්දේශ අතාරින්  ඉතා වැදගත් නිර්දේශ ගණනාවක් ඉවත් කොට රජය අලුතින් සැකසු මාර්ගෝපදේශ මාලාවක් ගැසට් කිරීමේ උත්සාහයක් පවතින බව තතු දත් ආරංචි මාර්ග මගින් “යුක්තිය ” ට දැන ගන්නට ඇත. විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරිපත් කොට ඇති ඇතැම් නිර්දේශ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ…