අර්ජුන් මහේන්ද්‍රන්ට සිතාසි දෙන්න බැරි නිසා බැඳුම්කර නඩුව ඉදිරියට ගෙනියන්න බෑ – ඇමති අලි සබ්‍රි

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයෙහි පවරා ඇති නඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.”නඩු දාලා තියෙනවා විශේෂ මහාධිකරණයේ ඔබතුමාලා පිහිටුවපු. නඩුව ඉදිරියට යන්න බෑ, සිතාසි දෙන්න බෑ අර්ජුන් මහේන්ද්‍රන්ට. එතුමා රට දාලා ගිහිල්ලා. ඒක තමයි මේකෙ ප්‍රශ්නය. ඒ හින්දා නඩු දාලා තියෙනවා, නඩු කරන්නත්…

කොළඹින් මරණ 28 ක් , ආසාදිතයින් 4836 ක් වාර්තා වෙලා

කොළඹ නගර සභා බල ප්‍රදේශය තුලින් කොවිඩ් ආසාදිතයි 4836 ක් හා මරණ 28 ක් අද වන විට වාර්තා වී ඇති බව  කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. මේ නිසා තත්ත්වය පාලනය කිරීමට සති තුනකට වත් කොළඹ සම්පුර්ණයෙන් අගුළු දමන ලෙස ඇය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. මේ මොහොතේ කොළඹ වසා  දැමුව හොත් දෙසැම්බර් මුල සතිය වන විට…

අදත් අලුත් කොවිඩ් ආසාදිතයින් 437 ක් ; පොකුර 15,330 ක් දක්වා ඉහළට

අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිතයින් 437ක් අලුතින් හඳුනාගෙන ඇත. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 15,330 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙහි එක් අනු පොකුරක් වන පොලිස් පොකුර ද 883 ක් දක්වා ඉහළ  ගොස් ඇති බව වාර්තා වෙයි. බන්ධනාගාර පොකුර ඊයේ වනවිට 532 ක් දක්වා ඉහළ  ගොස් තිබිණි .

තව දුරටත් ආනයන තහනම එපා.. වෙලදාම යනු ඔබේ බඩු අපට විකිණීම පමණක් නොවේ.. යුරෝපා සංගමය ලක් රජයට විරෝධය දක්වයි…

ශ්‍රී ලංකා රජය විසින් ආනයනය තහනම දිගින් දිගටම සිදු කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය කනස්සල්ල පළ කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ වෙළඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවයි. ශ‍්‍රී ලංකාවේ පනවා ඇති ආනයන තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපයේ ව්‍යාපාර වලට සෘණාත්මක බලපෑමක් ඇති වී තිබෙන බවද නිවේදනයේ දැක්වේ. දිගින් දිගටම…

සිල් රෙදි නඩුවෙන් ලලිත්, අනුෂ නිදහස්

සිල් රෙදි නඩුව ලෙස ප්‍රකට නඩුවේ වැරදිකරුවන්ව දඬුවම් ලබා ඇප පිට නිදහස්ව සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් අනුෂ පැල්පිට මහත්වරුන් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. මැතිවරණ  සමයේ රජයේ මුදලින් සිල්රේදී බෙදාදීමෙන් රජයට පාඩු සිදුකිරීම ගැන මේ දෙදෙනා චෝදනා ලබා දඬුවම් නියම කොට…

අදත් අලුතින් ආසාදිතයින් 325 යි ; පොකුර 14,893 යි

කොවිඩ් 19 ආසාදිතයින් 325ක් අද දිනයේ ද හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව දැන් රටපුරා ව්‍යාප්තව ඇති කොවිඩ් පොකුර 14,893 ක් දක්වා ඉහල ගොස් තිබේ. මේ අතරින් කොළඹ නගරයේ රෝග පාලනය බරපතළ අභියෝගයක් වෙඑඑ ඇති බව කියති .

තවත් කොවිඩ් 19 මරණ තුනක්; දෙදෙනෙකු මියගොස් ඇත්තේ නිවෙස්වල යි

කොවිඩ් 19 රෝගයෙන් තවත් මරණ තුනක් අද දිනයේ වාර්තා වී ය. කඳාන ප්‍රදේශයේ පදිංචි කරුවකු සහ කොළඹ පදිංචි කරුවන් දෙදෙනකු මෙලෙස මියගොස් ඇත. කඳාන පදිංචිකරුවා  සහ කොළඹ එක් අයෙකු මියගොස් ඇත්තේ සිය නිවෙස්වල දී ය. ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනු ලැබ ඇත්තේ මියගිය පසුව ය. මේ අනුව කොවිඩ් රෝගයෙන් මෙරට දී මියගිය සංඛ්‍යාව 69 ක්…

ආසාදිතයන්ගේ සෙම්, සොටු ජලයට මුසුවීම භුමදානයට වඩා අවදානම් – මහාචාර්ය ජිනදාස කටුපොත

ආසාදිතයන්ගේ සෙම්, සොටු ජලයට මුසුවීම භුමදානයට වඩා අවදානම් – මහාචාර්ය ජිනදාස කටුපොත

  කොවිඩ් 19 ආසාදිතයන්ගේ සෙම්, සොටු සහ  මල, මුත්‍රා ජලයට එකතුවීම මියයන රෝගීන් භූමදානය කිරීමට වඩා අවදානම් සහිත බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිලිබඳ සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත මහතා ප්‍රකාශ කරයි . ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතය පැමිණි දා සිට රෝහල්වලින් , නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ නිවෙස්වල නිරෝධායනය වන අයගෙන් වෛරස සහිත සෙම්, සොටු සහ…

වෛද්‍ය අනිල් ජාසිංහ කොවිඩ් පාලනයට වහා ම යලි කැඳවයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්දන කටයුතු සඳහා යලි කැඳවා ඇති බව වාර්තා වෙයි . ඒ මහතා කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ වැඩ කටයුතුවලට මින ඉදිරියට සහභාගී කර ගන්නා  බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කොට ඇත. ජාසිංහ මහතා මෙම කටයුතුවලට දායක වන්නේ දැනට දරන පරිසර අමාත්‍යංශ ලේකම් ධුරයට අමතර…

කොවිඩ් ලෝක වසංගතයක් ; ඒක පාලනය කරන්න අපට බැහැ ; එය ආණ්ඩුවේ වැඩක් නොවේ – සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා

කොවිඩ් ලෝක වසංගතයක් ; ඒක පාලනය කරන්න අපට බැහැ ; එය ආණ්ඩුවේ වැඩක් නොවේ – සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා

කොවිඩ් යනු ලෝක වසංගතයක් බවත්, එය පාලනය කිරීම ආණ්ඩුවට කළ හැකි දෙයක් නොවන බවත්, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. කොවිඩ් මර්ධනය කිරීමට කිසිදු රටකට හැකි වී නැතැයි කි සෞඛ්‍ය ඇමතිනිය ආණ්ඩුව වැඩ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව යයි ද කී ය. කොවිඩ් මර්දනය ආණ්ඩුවේ වැඩක් නොව රටේ ම…

පොලිස් පොකුර 825 යි ; බන්ධනාගාර පොකුර 532 යි

පොලිස් කොවිඩ් පොකුර 825ක් දක්වා වර්ධනය වී ඇති බව අලුත් ම වර්තා කියයි. ඒ අද උදේ දක්වා වාර්තා වූ ආසාදිතයන් ද සමග ය. බන්ධනාගාරයේ වර්ධනය වූ කොවිඩ් පොකුර ද 532 ක් දක්වා ඉහළ  ගොස් ඇත . ඒ ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් 26 දෙනා  ද සමග ය. මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පමණක් කොවිඩ් ආසාදිතයින් 150…

ඊයේ අලුතින් කොවිඩ් ආසාදිතයෝ 398ක් හඳුනා ගැනෙති ; පොකුර 14,568 ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ සොයාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 398ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 14,568 ක් දක්වා ඉහල ගොස් ඇත. මේ වනවිට කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් හමුවන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලිනි .