තවත් කොවිඩ් මරණ තුනක්

තවත් කොවිඩ් මරණ තුනක වාර්තා වූ බව රජය නිවේදනය කරයි . මෙම මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 14, මරදාන සහ පුජාපිටිය ප්‍රදේශවලිනි. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 283 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (24) ආසාදිතයින් 841 ක් වාර්තාවෙයි : මුළු සංඛ්‍යාව 58,438 යි

අද (24) ආසාදිතයින් 841 ක් වාර්තාවෙයි : මුළු සංඛ්‍යාව 58,438 යි

අද දවසේ අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 841 කි . ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 58,438 ක් දක්වා ඉහළ ගොස් ඇත. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 54,551 කි. අද වාර්තා වූ 841 ක් වන ආසාදිත සංඛ්‍යාව එක දිනක දී හමු වූ ඉහළ ම සංඛ්‍යාවකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවා…

ඉන්දියාවට පත්කළ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ කැපෙයි ! කැනඩාව , සෞදි අරාබිය පත්කළ තානාපත්වරු ප්‍රතික්ෂේප කරති

ඉන්දියාවට පත්කළ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ කැපෙයි ! කැනඩාව , සෞදි අරාබිය පත්කළ තානාපත්වරු ප්‍රතික්ෂේප කරති

  ඉන්දියාවේ මහ කොමසාරිස් තනතුර සඳහා ශ්‍රී ලංකාවෙන්  නම් කළ මිලින්ද මොරගොඩ මහතාට කැබිනට් මට්ටමේ පිළිගැනීමක් ලබාදීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එම පත්වීම නොකෙරෙන තත්ත්වයට පත්ව ඇති බවත් , කැනඩාවට පත්කළ මහ කොමසාරිස් වරයා සහ සෞදි අරාබියට පත්කළ තානාපතිවරයා පිළිගැනීම එම රටවල් විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවත්, වාර්තා වෙයි. ඉන්දියානු මහ කොමසාරිස් ලෙස මිලින්ද…

ශ්‍රී ලංකාවට ආර්ථික තහංචි පනවන්න මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්

ශ්‍රී ලංකාවට ආර්ථික තහංචි පනවන්න මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්

ශ්‍රී ලංකා රජයට යම් සීමාවන් තුල ආර්ථික තහංචි පැනවිය යුතු බවට යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට රටවල් කිහිපයක් සුදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කොට තිබු යෝජනාවේ සම හවුල්කාරීත්වයෙන් රජය ඉවත්වීමත් , සමුළුවට දුන් පොරොන්දු ඉටු නොකිරීමත් මත මෙම තහංචි පැනවීමට යෝජනා වී තිබේ. සංචාරක තහංචි පැනවීම, ජාත්‍යන්තර…

කොවිඩ් මරණ සංඛ්‍යාව 280 ට නගී

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 280 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ රාත්‍රී වාර්තා වූ මරණ දෙකක් ද සමග ය. ගල්කිස්ස සහ රණාල ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබේ.  

ජැටිය විකුණන්න අපි ගිවිසුම් ගැහුවේ නෑ ; වසර 40කින් ගෙවන්න ණයක් ගන්නයි හැදුවේ ; රාජපක්‍ෂලා දැන් අවුල් කරගෙන – රනිල්

ජැටිය විකුණන්න අපි ගිවිසුම් ගැහුවේ නෑ ; වසර 40කින් ගෙවන්න ණයක් ගන්නයි හැදුවේ ; රාජපක්‍ෂලා දැන් අවුල් කරගෙන – රනිල්

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා පසුගිය යහපාලන රජය ගිවිසුම් ගත වූයේ නැතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එහිදී ගිවිසුම්ගත වූයේ වසර හතළිහක් තිස්සේ ගෙවන ණය මුදලක් ලබාගැනීම සඳහා බවත් මුල් වසර 12 යන තෙක් ණය වාරික ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ තම නිවසේ දී මාධ්‍ය…

අද හඳුනාගත් කොවිඩ් ආසාදිත  සංඛ්‍යාව 724 ක් ;සමස්තය 57,577 ක්

අද හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 724 ක් ;සමස්තය 57,577 ක්

අද දින තවත් කොවිඩ් 19 ආසාදිතයින් 724 ක් හඳුනාගත් බව රජය නිවේදනය කරයි. ඒ අනුව වත්මන් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 53,710 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් සොයාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 57,577 ක් දක්වා ඉහල ගොස් තිබේ. දිවයින පුරා  කොවිඩ් ආසාදිතයින් විශාල ලෙස හමුවීම පිළිබඳව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ…

කොවිඩ් එන්නත් ලක්ෂ 06ක් බදාදා දිවයිනට – ජනාධිපති

කොවිඩ් එන්නත් ලක්ෂ 6ක් ලබන 27 වැනි දින ඉන්දියාවෙන් මෙරටට නොමිලයේ ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. වලල්ලාවිට ප්‍රදේශයේ ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. ‍ගම සමග පිළිසදර වැඩසටහනේ 7 වැනි අදියර අද(23) පැවැත්වෙන්නේ, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ යට්ටපාත කණිෂ්ඨ විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදීය. යට්ටපාත ඇතුළු ගම්මාන රැසක ජනතාවගේ අඩුපාඩු සොයා…

පැණි , මුට්ටි කුඩේ කුඩු ; සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා කොවිඩ් රෝගියෙක් වෙයි !

පැණි , මුට්ටි කුඩේ කුඩු ; සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා කොවිඩ් රෝගියෙක් වෙයි !

  කොවිඩ් රෝගයෙන් වැළකීමට මුට්ටි ගඟට දැමීමෙන් නොනැවතී රෝගයට නියම දේශීය ඖෂධය ලෙස ධම්මික පැණි ප්‍රසිද්ධියේ බිව් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. කොළඹ ජාතික රෝහලේ කළ පී සී ආර් පරීක්ෂණයක දී මේ බව හෙළි වී ඇති බව  කියති . ඇමතිනිය වහා ම ප්‍රතිකාර සඳහා යොමු කළ බව…

කොවිඩ් ආසාදිතයින් 784 ක් අදත්  (22) වාර්තා වෙයි.

කොවිඩ් ආසාදිතයින් 784 ක් අදත් (22) වාර්තා වෙයි.

කොවිඩ් 19 ආසාදිත වුවන් 784 දෙනෙකු අද දිනයේ ද හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 52,986 ක් දක්වා ඉහළ ගොස් තිබේ මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 56,853 ක් ලෙස සටහන් වී ඇත.

තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ දෙකක් අද දිනයේ ද වාර්තා වී ඇත. මෙම මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 8 සහ හෝමාගම ප්‍රදේශ වලිනි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 178 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් සටනට බයිඩන්ගේ ක්‍රමය ; පළමු දින සියයේ ඇමෙරිකානුවන් කෝටි දහයකට එන්නත්

තම ජනාධිපති ධුර කාලය අරඹා පළමු දින සියය තුළ ඇමෙරිකානුවන් කොටි දහයකට කොවිඩ් 19 එන්නත් ලබාදීමේ වැඩ සටහනකට ජනාධිපති ජෝ බයිඩන් පාලනය අත ගසා  ඇති බව වාර්තා වෙයි. මෙම සැලැස්ම ප්‍රකාශයට පත්කිරීම ඊයේ සිදුකොට තිබේ. ඇමෙරිකාවේ මුළු ජනගහනය කොටි 40 කට ආසන්න වන අතර ඉන් වඩාත් අවදානමට ලක්වන සියයට තිහකට ඉක්මනින් ම එන්නත ලබාදීම මෙම…