වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොවිඩ් රෝගයෙන් අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොවිඩ් ආසාදනයවීමෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී, පසුගියදා ඔහුව IDH රෝහල වෙත මාරුකර යවා තිබුණි. ඒ මහතා මිය යනවිට 89 වන වියේ පසුවිය.

සර්ව අශුභවාදීව හැමදේම විවේචනය කිරීමෙන් රට ගොඩගන්න බැහැ – ජනාධිපති ගොටාභය රාජපක්ෂ

සර්ව අශුභවාදීව හැමදේම විවේචනය කිරීමෙන් රට ගොඩගන්න බැහැ – ජනාධිපති ගොටාභය රාජපක්ෂ

සර්ව අශුභවාදී ලෙස හැම දේම  විවේචනය කිරීමෙන් රටට සෙතක් නොවන බවත්, රටේ  සම්පත් විකුනන්නේ නැත යන ස්ථාවරයේ තමා දිගට ම සිටින බවත් , එසේ වුව ද රට සංවර්ධනය කිරීමට අවශ්‍ය විදේශ ආයෝජන ලබාගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා 73 වන නිදහස් දින උළලේදී ප්‍රකාශ කලේ ය. රජය අංශයේ දුෂණ වලට එක හේතුවක් වන්නේ…

තවත් කොවිඩ් මරණ හතරක් ; එකතුව 332 ක් ලෙස නිවැරදි කිරීමක්

කොවිඩ් 19 ආසාදානය වීම නිසා සිදු වූ මරණ හතරක් අද දිනයේ වාර්තා වී ඇත. මේ අතර පෙරේදා සිදු වූ මරණ දෙකක් ප්‍රමාද දෝෂයකින්  ඊයේ ද නැවත වාර්තා කොට ඇති බවකියන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව ඊයේ වනවිට මරණ සංඛ්‍යාව 328 ක් ලෙස නිවැරදි විය යුතු බව දැනුම් දෙයි. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත…

අද (03) කොවිඩ් ආසාදිතයින් 711 ක් ; සමස්තය 66,345 යි

අද (03) කොවිඩ් ආසාදිතයින් 711 ක් ; සමස්තය 66,345 යි

කොවිඩ් 19 ආසාදිතයින් 711 ක් අද දිනයේ වාර්තා වී ඇත. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 66,345 ක් ලෙස ගණන් බලා තිබේ. වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 62,416 ක් ලෙස සටහන් වෙයි.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ රුපියල් කෝටි පනස්දහස් පන්සීයක මුදල් අච්චු ගහලා ; බැංකුවලින් කෝටි එක්  ලක්ෂ හැත්තෑ දහසක් අරගෙන

ශ්‍රී ලංකාව පසුගිය වසරේ රුපියල් කෝටි පනස්දහස් පන්සීයක මුදල් අච්චු ගහලා ; බැංකුවලින් කෝටි එක් ලක්ෂ හැත්තෑ දහසක් අරගෙන

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ රුපියල් කෝටි පනස් දහස් පන්සියයක් වටිනා මුදල් නෝට්ටු අලුතින් වෙළෙඳපොළට මුදාහැර  ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. මෙය ඉතිසාහයේ වාර්තාගත දැවැන්ත වැඩිවීමකි. එමෙන් ම, පසුගිය වසරේ රජය බැංකුවලින් ණයට ගෙන ඇති මුදල රුපියල් කෝටි එක් ලක්ෂ හැත්තෑ දහසකි . එය ද වාර්තාගත වැඩිවීමකි. එම සංඛ්‍යාව දල දෙසිය නිෂ්පාදිතයෙන්…

චීනයෙන් , ඉන්දියාවෙන් බලා සිටි ණය තව ම ලැබී නැහැ

චීනයෙන් , ඉන්දියාවෙන් බලා සිටි ණය තව ම ලැබී නැහැ

රටේ විදේශ ණය ගෙවීම සහ රුපියලේ අගය රැක ගැනීම් සඳහා චීනයෙන් සහ ඉන්දියාවෙන් රජය බලාපොරොත්තු වී සිටි ඩොලර් බිලියන 2.5 කට ( මිලියන 2500කට ) සමාන ණය මුදල තවමත් ලැබී නැති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. මේ  නිසා ශ්‍රී ලංකාවේ මුල්‍ය කළමනාකරණය වඩා අපහසු වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි . රජය චීනයෙන්…

චීන පෝසිලෙන්, සෙරමික් ආනයන තහනම ලිහිල් කරයි

පෝසිලෙන් සහ සෙරමික්  භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබු තහනම ලිහිල් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇත. ඊයේ නිකුත්කළ ඇති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ලිහිල් කිරීම සිදුකොට ඇත්තේ මාස තුනකින් පසු ගෙවීම් කිරීමේ පදනම මත එම භාණ්ඩ ගෙන්වීමට අවසර ලැබෙන ආකාරයෙනි . මෙම භාණ්ඩ ගෙන්වීම නැවත තිබීම නිසා පසුගිය දිනවල භාණ්ඩ හිගයක් පැවතී අතර මිල ද…

වේගයෙන් ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ දරුණුම කඩාවැටීම වාර්තා කරයි

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම කඩාවැටීම ඊයේ (02) වාර්තා කළේය. S & P SL20 මිල දර්ශකය 5%කට වැඩියෙන් පහළ බැසීම මත ඊයේ දිනය තුළ දෙවතාවක්ම කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු අත්හිටුවීමට ද සිදුවිය. ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 561.75කින් පහළ ගොස් තිබිණි. මෙය එක් දිනක් තුළ සියලු කොටස් මිල…

තවත් ආසාදිතයින් 715 ක් ; එකතුව 65,503 යි

තවත් ආසාදිතයින් 715 ක් ; එකතුව 65,503 යි

කොවිඩ් 19 ආසාදිතයින් 715 දෙකකු ඊයේ දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 65,534 ක් ලෙස ගණන් බලා ඇත. වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 61,705ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවත් කොවිඩ් මරණ හතක් ; එකතුව 330 ට නගී

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ  (02) රාත්‍රියේ  තහවුරු කළේය. ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළ ගියේය. කොළඹ 15, කොළඹ 02, රාගම , ගෙලිඔය , නිට්ටඹුව , වැලිගම සහ වත්තේගම ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත….

නැගෙනහිර ජැටියේ ගනුදෙනුව නොකෙරුනේ අදානි සමාගමේ එකඟතාව නැති නිසා –  වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන

නැගෙනහිර ජැටියේ ගනුදෙනුව නොකෙරුනේ අදානි සමාගමේ එකඟතාව නැති නිසා – වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට අදාලව ශ්‍රී ලංකාව ඉදිරිපත් කල කොන්දේසිවලට අදානි සමාගම එකඟ නොවූ බවත්, එමනිසා එම ගනුදෙනුව සාර්ථක නොවන බව තමන් ජනාධිපතිතුමාට දැනුම් දුන් බවත් , වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත. අදානි සමගම සනාග සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුව තම කොන්දේසි සකස් කොට අදානි සමාගමට ඉදිරිපත් කළ බවත්…

අදත් කොවිඩ් මරණ හතක් ; එකතුව 323 යි

කොවිඩ් ආසාදනය නිසසිදු වූ මරණ හතක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 323 ක් දක්වා ඉහළ ගොස් තිබේ . අද දින මරණ වාර්තා වී ඇත්තේ වත්තල, නුගේගොඩ, කොළඹ 2, උඩුගම්පොළ ,පොලොන්නරුව , මඩවල සහ ගෙලිඔය ප්‍රදේශවලිනි.