අද හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 346 ක් ; සමස්තය 89,843 යි

අද දිනයේ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 346 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජය නිවේදනය කරයි. මේ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 89,843 ක් ලෙස වාර්තා වී ඇත. වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 85,288 ක් බව අලුත් ම වාර්තා කියයි.

අදත් කොවිඩ් මරණයක් ; එකතුව 545 ක්

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණයක් අදත් වාර්තා වීය . ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 545 ක් වෙයි. අද මරණය වාර්තා වී ඇත්තේ බුවැලිකඩ ප්‍රදේශයෙනි.

ජිනීවා නුවර දී තුන්වන ලෝකයේ රටවල් ශ්‍රී ලංකා රජයට එරෙහි වෙයි ; චීනයට හෝ ඉන්දියාවට කළ හැකි දෙයක් නෑ

ජිනීවා නුවර දැන් රැස්ව සිටින එකසත ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ දී තුන්වන ලෝකයේ රටවල් අති බහුතරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමුළුවට  ඉදිරිපත් වන යෝජනාවට පක්ෂව ඡන්දය දීමට තීන්දු කොට ඇති බව වාර්තා වෙයි. එම යෝජනාව පැරදවීමට ශ්‍රී ලංකා රජයට සහය දීමට ඉදිරිපත්ව සිටින්නේ රටවල් ස්වල්ප සංඛ්‍යාවක් බව මේ වනවිට පවතින තත්ත්වය ලෙස තතු දත් ආරංචි මාර්ග…

ඇමතිවරුන්ගේ කතා නිසා ජිනීවාහිදී ලංකාවට අවාසියි..- නිත්‍ය නියෝජිත රජයට දැනුම් දෙයි..

රජයේ සමහර මැති ඇමැතිවරුන් දුරදිග නොබලා සිදුකරන ප්‍රකාශ නිසා මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට සහාය පළ කරන ඇතැම් රටවල සහාය නොලැබී යා හැකියි ජිනීවාහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම මහතා රජයට දැනුම් දී ඇත. බුර්කා නිකාබ් ඇඳුම් තහනම් කිරීම වැනි ක‍්‍රියා මේ මොහොතේ නුසුදුසු බවද ඔහු විශේෂයෙන් පෙන්වා දී තිබේ….

තවත් කොවිඩ් මරණ හයක් ; එකතුව 544 ක්

කොවිඩ් 19 ආසාදිත මරණ හයක් ඊයේ රාත්‍රියේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරට දී මියගිය කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 544ක් වෙයි. ඊයේ මරණ වාර්තා වී ඇත්තේ පොල්ගහවෙල , සුදුහුම්පොළ, වත්තල, පිටකෝට්ටේ, ගනේමුල්ල සහ ශිලාවතුර ප්‍රදේශවලිනි.

අදත් කොවිඩ් ආසාදිතයින් 298 ක් ; සමස්තය දැන් 89,413 යි

කොවිඩ් 19 ආසාදිතයින් 298 දෙනෙකු අද දිනයේ ද වාර්තා වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 89,413 ක් ලෙස වාර්තා කොට ඇත. ඉන් 84,668 ක් ම කොවිඩ් දෙවන රැල්ල ලෙස හඳුන්වනු ලබන වත්මන් කොවිඩ් ව්‍යාප්තියේ ආසාදිතයෝ වෙති.

අසාද් සාලිගෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට සාක්ෂියක් !

ත්‍රස්තවාදය වැළක්වීමේ  පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අසාද්  සාලි මහතා ජිනීවාහි මේ දිනවල රැස්ව ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකා රජයට එරෙහිව ප්‍රබල සාක්ෂියක් වී ඇති බව වාර්තා වෙයි. එම සමුළුවට ඉදිරිපත් කොට ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේ එක් චෝදනාවක් නම් මෙ රට සුළුතර ජාතීන්ගේ අයිතීන් යටපත් කරන්නේ ය යන්න…

වී මෙට්‍රික් ටොන් ලක්ෂ 32 කින් රජයට ලැබුණේ 15,000 යි

මෙම මාස් කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 32 ක් නිෂ්පාදනය වී ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළ ද රජයට මේ වනාතෙක් මිලට ගැනීමට හැකි වී ඇත්තේ වී මෙට්‍රික් ටන් 15,000 ක් තරම් ඉතා සුළු ප්‍රමාණයක් බව වාර්තා වෙයි. රජයේ ඉලක්කය වී තිබුණේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිල දී ගැනීමට ය. එම ඉලක්කයට…

වී අතිරික්තයක් තියෙද්දී මෝල්කාරයෝ හාල් හංගලා. මේක කුමන්ත්‍රණයක් – කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

රට තුළ වී අතිරික්තයක් පවතින හෙයින් සහල් හිඟයක් ඇති විය නොහැකි බවත් වෙළඳපොලේ සහල් මිල ඉහළ ගොස් ඇත්තේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ කුමන්ත්‍රණයක් නිසා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. “මේක වෙලා තියෙන්නෙ කීපදෙනෙක් විසින් කරන කුමන්ත්‍රණයක් නෙ. දැන් මේ වෙනකොට වී අතිරික්තයක්. වී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක් නිෂ්පාදනය වෙලා තියෙනවා. හාල් මෙට්‍රික්…

මේ රජය යටතේ තරම් පරිසරය විනාශ කරන යුගයක් අපි කිසිදාක දැක්කේ නෑ – ඕමල්පේ සෝභිත හිමි

වත්මන් රජය යටතේ තරම් පරිසරය විනාශ කරන යුගයක් තමන් කිසිදිනක දැක නොමැති බව ඕමල්පේ සෝභිත හිමි පවසයි. “වත්මන් රජය යටතේ තරම් පරිසරය විනාශ කරන, ගහකොළ විනාශ කරන වෙනත් යුගයක් අපි කිසිදිනක දැක්කේ නෑ. අපි මේ කියන්නෙ අතිශයින්ම වේදනා සහගතව. කාගෙ බලයද මේ යෙදෙන්නෙ ? 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට වඩ වඩාත් බලය දුන්නෙ රට රකින්න….

සජබ සභාපති සරත් ෆොන්සේකා ඇතුලත ගිනි පිටතට දෙයි

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පක්ෂ සංවත්සර රැලියේ දී  සහ පසුව ජන මාධ්‍ය හමුවේ එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැඩි වාග් ප්‍රහාර එල්ල කිරීමට හේතුව පක්ෂ දෙක එක්සත් කරන්නට සහ පෙරමුණක් හදන්නට අවශ්‍ය බවට එම පක්ෂයේ අභ්‍යන්තරයේ පවතින මතයට පහර ගැහීම බව සජබ තතු දත් ආරංචි…

අලුත් කොවිඩ් ආසාදිතයෝ 302 ක් අදත් සොයා ගැනෙති; සමස්තය දැන් 89,164 යි

කොවිඩ් 19 ආසාදිතයින් 302 ක් අලුතින් හඳුනාගත් බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 89,164 ක් වෙයි වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 84 370 ක් ලෙස සටහන් වෙයි.