කොවිඩ් මරණ 10 ක්, නව ආසාදිතයින් 556 ක් අද වාර්තා වෙයි

අද දිනයේ රජය විසින් තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 10 කි. එම මරණ ද සමග මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,706 ක් වශයෙනි. නව කොවිඩ් ආසාදිතයින් 556 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 539,416 ක් ලෙස වාර්තා වී…

ඥානසාර හිමි පත් කළේ ජනාධිපතිතුමාගේ බලතල අනුව යි ; ප්‍රශ්න කරන්න බැහැ – ඇමති බැසිල් රාජපක්ෂ

එක රටක් ,එක නීතියක් සඳහා නීති සම්පාදනය කරන කමිටුවේ සභාපති තනතුරට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කළේ ජනාධිපතිතුමාගේ බලතල අනුව සහ එතුමාගේ කැමැත්ත අනුව බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. 69 ලක්ෂයක ජනවරම හිමි වුයේ ජනාධිපතිතුමාට බවත්, එම ජනවරම යටතේ එතුමා ගන්නා තීරණවලට විරුද්ධ නොවිය යුතු බවත් ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්…

සිමින්ති නෑ ; ගෙන්න ඩොලර් නෑ ; සියලු ව්‍යාපෘති නවත්වන්න වෙනවා – ඇමති නිමල් සිරිපාල ද සිල්වා

සිමෙන්ති හිගයට විසඳුමක් නැති නිසා රජයේ සියලු සංවර්ධන ව්‍යාපෘති නවත්වන්නට සිදුවන බව ඇමති නිමල් සිර්පල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය උදා වී ඇත්තේ සිමෙන්ති ගෙන්වීමට අවශ්‍ය ඩොලර් සපයාගැනීමට ආණ්ඩුවට නොහැකි වීම නිසා බව ඒ මහතා කියයි. රටේ තිබෙන සිමෙන්ති මගින් අවශ්‍යතාවය සපුරාගත නොහැකි නිසා ලබන 15 දායින් පසුව කිසිදු ව්‍යාපෘතියක් කළ නොහැකි වන…

ආනයනික කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර හොදයි – පාදෙණිය

කාබනික පොහොර ශ්‍රී ලංකාවට පිටරටින් ගෙන්වීම වැරදි වැඩක් බවත් එයට විරුද්ධ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. කාබනික පොහොර ආනයනය කිරීම හේතුවෙන් නැති ප්‍රශ්න ඇති වන බවත් ඊට වඩා රසායනික පොහොර සුදුසු බව තමන් පවසන බවත් සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි. වස විස වලට තම සංගමය විරුද්ධ වුවත් කාබනික පොහොර මෙරටට ආනයනය…

කාර්ය සාධක බළකායත් ” හොඳටම කළා ” – අනුර සූරියබණ්ඩාර 

  එක රටක් එක නීතියක් සංකල්පය  ක්‍රියාත්මක කරවීම සඳහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් 13 දෙ⁣නකුගෙන් සමන්විත කාර්ය සාධක බළකායක් පත්කොට තිබේ. එහි සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ය. නීතිය පසිඳ ලීම සහ ක්‍රියාත්මක කිරීම , නීතියේ රැකවරණය , සර්ව සාධාරණ විය යුතු බව අවධාරණය කර ; ජාතිය , ආගම , කුලය හෝ වෙනත් සාධකයක්…

ජනාධිපති – පක්ෂ නායක හමුව තීරණයකින් තොරව අවසන්

  ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් සහ ජනාධිපතිතුමා අතර අද පැවතී හමුව කිසිදු තීරණයකින්  තොරව අවසන් වූ බව වාර්තා වෙයි. එහි දී විවිධ ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරුවක් පමණක් සිදු වූ බව කියති. යුගදනවී බලාගාර ප්‍රශ්නය ගැන කුමක් සිදුවී දැයි විමසු විට ශ්‍රීලනිප මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා කීවේ ඇමෙරිකානු සමාගම සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට…

හැමදේට ම උපදෙස් දෙන උදවියගේ හැසිරීම පෙන්වන වීඩියෝව ජනාධිපතිතුමා නැරඹිය යුතුයි – රවී කුමුදේශ්

ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට හැමදෙයක් ම ගැන උපදෙස් දෙන අයගේ හැසිරීම ඊයේ විකාශය වූ හඬ පටයෙන් හෙළිවන බවත් , එය ජනාධිපතිතුමා නැරඹිය යුතු බවත්, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ ය. දැන්  ආණ්ඩුවට උපදෙස් දෙන්නේ ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රාමාණික බුද්ධිමතුන් නොවන මෙබඳු පිරිස් බවත්. එයින් රට විනාශය කරා යන බවත්, ඒ…

තවත් කොවිඩ් මරණ 22 ක් නව ආසාදිතයින් 540 ක් වාර්තා වෙයි

රජය විසින් අද දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 22 කි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,996 ක් වශයෙනි. අද දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 540 ක් වශයෙනි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 538,860…

විමල් පිල ඉදිරියේ ජනපති රිවස් වෙයි ; බෑ කියමින් සිටි සාකච්ඡාව අද ම දෙයි

විමල් වීරවංශ මහතා ප්‍රධානත්වය දරමින් මෙහෙයවන ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂවලට අද සවස සාකච්ඡාවක් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇත. ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් ලෙස පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී යුගදනවී බලාගාර ප්‍රශනය ගැන ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව කියති. මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් ලබා දෙන ලෙස මීට පෙර අවස්ථා කිහිපයක දී ම විමල් පිල…

“එකපාර කාබනික කරන්නැයි අපි කිව්වේ නැහැ” – ජනාධිපති අමාරුවේ දැමූ පාදෙණිය දරුණු පාවාදීමක !

එකපාර කාබනික කරන්නට තමන් උපදෙස් නොදුන් බවත්, කාබනික කිරීම හොඳ දෙයක් බව පමණක් කී බවත්, කියමින් ඇඟ බෙරා ගන්නට තම සගයන්ට ද උපදෙස් දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ දරුණු පාවාදීමක යෙදෙන ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ය. රජයේ කාබනික කෘෂිකර්ම වැඩ පිළිවෙළට එරෙහිව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඊයේ පැවත් වූ මාධ්‍ය…

තවත් කොවිඩ් මරණ 20 ක් , නව ආසාදිතයින් 559 ක් වාර්තා වෙයි

රජය ඊයේ දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 20 කි. ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිධ මරණ සංඛ්‍යාව 13,674 කි. ඊයේ දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 559 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 538,230 ක් ලෙස සටහන් වෙයි.

පොහොර ගැන මෙලෝ දැනුමක් නැති ආණ්ඩුව ඉන්දියාවෙන් බාල පොහොර ගෙන්නලා – ලසසප නායක මහාචාර්ය තිස්ස විතාරණ

පොහොර ගැන කිසිදු දැනුමක් නැති ආණ්ඩුව ඉන්දියාවෙන් බාල පොහොරක් ගෙන්වා ඇති බව ලංකා සමසමාජ පක්ෂ නායක, පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශකොට ඇත. ලංකා සමසමාජ පක්ෂ කාර්යාලයේ පැවතී සාකච්ඡාවකට එක වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ කාබනික හෝ රසායනික හෝ පොහොර පිළිබඳව ආණ්ඩුවේ වගකිව යුතු පුද්ගලයන්ට කිසිදු දැනුමක් නොමැති බව යි. නිසි…