එජාප නායකයින් මහ බැංකුව කොල්ල කෑවා නම් ඒ සල්ලි මහා භාණ්ඩාගාරයට ලැබුණේ කොහෙන්ද? – එජාප සභාපති වජිර අබේවර්ධන

එජාප නායකයින් මහා බැංකුව කොල්ල කා ඇතැයි විශාල බොරු ප්‍රචාරයක් ගෙන ගිය ආණ්ඩුව එම ගනුදෙනුවට අදාළ බව ඉයන මුදල වන රුපියල් බිලියන 8.5 ක් මෙවර අයවැය හිගය පියවා ගැනීමට යොදාගන්නා බව ප්‍රකාශ කොට ඇතැයි ද එජාප නායකයින් කොල්ල කෑ බව කී මුදල මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේ කොහෙන්දැයි තමා ප්‍රශ්න කරන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර…

අදත් කොවිඩ් මරණ 18 ක් ; නව ආසාදිතයින් 720 ක්

කොවිඩ් ආසාදිතව සිදු වූ මරණ 18 ක් රජය අද දිනයේ තහවුරු කළේ ය. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,034 දක්වා ඉහළ ගොස් ඇත. අද දිනය තුළ අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 720 කි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ…

“මුල්‍ය අරමුදලට නම් මැරුනත් යන්නේ නැහැ” – රනිල්ට පිළිතුරු දෙමින් වාසුදේව කියයි

ජනතාවට කොතරම් අමාරුකම් දැනුනත්, ආණ්ඩුව විනාශ වුවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතීමට මැරුණත් නොයන බව වාසුදේව නානායක්කාර ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පවතින විදේශ විනිමය ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මුල්‍ය අරමුදලේ සහය ලබාගන්නා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් වාසුදේව ඇමතිවරයා කීවේ මුල්‍ය අරමුදලට ගිය…

|

අයවැය ලේඛනය නීති විරෝධී යි – වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ නිශාන් ද මේල්

රටේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 කට වඩා අඩු විය යුතු බව රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වගකීම් පනත මගින් නියම කොට තිබිය දී එම සංඛ්‍යාව ඉක්මවා යමින් සියයට 8 කටත් වැඩි අයවැය හිගයක් සමග ඉදිරිපත් කළ බැවින් මෙම අයවැය ලේඛනය නීති විරෝධී වන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මේල් මහතා ප්‍රකාශ…

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 14,000 ඉක්මවයි ; අද 21 යි

රජය අද දිනයේ ද කොවිඩ් ආසාදිත මරණ 21 ක් වාර්තා කිරීමත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,000 ඉක්මවා ගියේ ය. මේ වන විට මෙරට කොවිඩ් මරණ  සංඛ්‍යාව සටහන් වන්නේ 14,016 ක් වශයෙනි. නව කොවිඩ් ආසාදිතයින් 731 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගත් බව ද රජය නිවේදනය කොට ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක්…

සපුගස්කන්දේ වැඩිපුර පිරිපහදු කරන්නේ අනවශ්‍ය තෙල් ; වසා දැම්මේ ඒකයි – බල ශක්ති ඇමති උදය ගම්මන්පිල

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩි වශයෙන් නිපදවන්නේ දැවිතෙල්, නැප්තා , ගුවන් යානා ඉන්ධන සහ භූමිතෙල් වැනි මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය නොවන ඉන්ධන වර්ග බවත්, එබැවින් ඒ සඳහා බොරතෙල් ගෙන්වීම නතර කොට එම විදේශ විනිමය යොදාගෙන පෙට්‍රල්, ඩීසල් ,ඖෂධ ,අත්‍යවශ්‍ය ආහාර සහ ගෑස් ආනයනය කිරීම සඳහා පිරිපහදුව තාවකාලිකව වසා දැමු බවත් , බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා අද…

අද අපිට කියලා මොකක් වත් නෑ – ඔක්කොම එකින් එක විකිණෙමින් යනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස  රාජපක්ෂ

මැතිවරණ කාලසීමාවේදී වේදිකාවේ තමන් ඇතුළු පක්ෂය එක බිම් අඟලක් හෝ කිසිවෙකුට නොදෙන බවට පොරොන්දු වුවද මේ වනවිට සියල්ල විකිණෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස  රාජපක්ෂ මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීයි. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා. “අපි පහුගිය මැතිවරණ දෙකේදී උගුර ලේ රහ හැදෙනකන් කෑ ගැහුවා…

අද කොවිඩ් මරණ 23 යි ; නව ආසාදිතයින් 695 යි

කොවිඩ් ආසාදිත මරණ ලෙස රජය අද නිවේදනය කළ සංඛ්‍යාව 23  කි මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,995 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා කළ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වන්නේ 695 කි. පසුගිය දින හතේ ප්‍රමාද වී ලැබුණු බව කියන වාර්තා අනුව කොවිඩ් ආසාදිතයින් 1,345 ක් ද අද…

ආණ්ඩුවේ කැරලිකරුවන්ගේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට

ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 ක කැරලිකාර කණ්ඩායමේ රැස්වීමක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත බවත්, එය තීරණාත්මක එකක් වියහැකි බවත් තතු දත් දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගේ නිවසේ දී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේ දී අයවැය සම්බන්ධයෙන් ගන්නා  ස්ථාවරය මෙන් ම මෙම කණ්ඩායමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද තීරණය කරනු ඇති බව කියති. ආණ්ඩුව…

සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නැතිව මසකට වසා දමයි

පිරිපහදු කිරීමට බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට වසා දැමීමට තීරණය කර ඇති බවත් එය ලබන මස අවසන් සතිය පමණ වන තෙක් වසා දැමීමට සිදුවනු ඇති බවත්  සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරීහු පවසති. පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් නිසි කලට බොරතෙල් මිල දී ගත නොහැකි වීම මෙසේ පිරිපහදුව වසා දැමීමට හේතු…

විශේෂ අපරාධකරුවන්ට සමාව දෙද්දී ‘ එක රටක් එක නීතියක් ‘ කොහේ ද ? – ඇමති සුසිල් ප්‍රේමජයන්ත

අධිකරණයෙන් දඩුවම් ලැබූ ඇතැම් අපරාධකරුවන්ට සමාව ලැබෙද්දී තවත් අයට සමාව නොලැබෙන විට ‘එක රටක් එක නීතියක්’ කොහේදැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රශ්න කරයි. එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය පිළිබඳව මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමතිවරයා කීවේ මේ රටේ නීති දිගු කලක් ක්‍රියාත්මක වන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුලික නීතිය බවත්, අපරාධ නීතිය…

කොළඹ සරසවි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අයවැයට එරෙහිව කට අරිති ! ආංඩුවේ අයට ජනතාව ගහලා පන්නනු ඇති බව කියති

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස පසුගියදා පත්කරනු ලැබූ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ රජයේ මෙවර අයවැය ලේඛනය කිසි වැඩකට නැති පතෝල අයවැයක් බව අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළහ. අයවැය එන්නට කලින් ම රජය සහල්, සීනි, කිරිපිටි ආදී සියලු භාණ්ඩවල මිල වැඩිකළ බවත්, ජනතාවට භාණ්ඩ ලබා ගැනීමට පෝලිම්වල සිටින්නට සිදු වූ බවත්, උන් වහන්සේ පෙන්වා…