ග්ලයිෆොසෙට් තහනම ඉවත්කිරීම ඇමති දන්නේ නැතිලු ! රෙජිස්ට්‍රාර්ගෙන් කරුණු විමසයි !!

ගල්යිෆොසෙට් ඇතුළු කෘෂිරසායන ද්‍රව්‍ය 5ක් භාවිතය හා අලෙවිය තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීම ගැන පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් කරුණු පැහැදිළි කිරීමක් කැඳවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. මෙම නව ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ ඇමතිවරයාගේ අනුදැනුමකින් තොරව බව කියති. මෙය සිදුව ඇත්තේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අද…

අද කොවිඩ් වාර්තාව ; මරණ 31 යි ; නව ආසාදිතයින් 735 යි

අද දිනයේ රජය තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 31 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14,158 ක් වෙයි. නව කොවිඩ් ආසාදිතයින් ලෙස අද දිනය තුළ අලුතින් හඳුනාගත් සංඛ්‍යාව වාර්තා වන්නේ 735 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 557,359 ක් වශයෙනි.

ග්ලයිෆොසේට් තහනම වහා ම ඉවත් කරයි

ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කිරීම සඳහා 2014 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් පලිබිධනාෂක රෙජිස්ටාර්වරයා විසින් අද දින නිකුත් කොට ඇත. ගලයිෆොසෙට් ඇතුළු කෘධි රසායනික පහක් මෙරටට ගෙන්වීම සහ බෙදාහැරීම තහමන් කරමින් නිකුත් කළ නියෝග මෙමගින් අවලංගු වෙයි. ඒ අනුව එම කෘෂි රසායනික ආනයනයට සහ විකිණීමට වහාම ක්‍රියාත්මක වන ලෙස…

කෘෂිකර්ම විශේෂඥයන්ට ජනාධිපති තග දමයි ; තම ප්‍රතිපත්තිය කරන්න බැරි නම් යන්න කියයි

රසායනික පොහොර තහනම් කිරීම නිසා රටේ කෘෂිකර්මය මේ වනවිට මුහුණ දී ඇති අර්බුදය හමුවේ නම්‍යශීලී ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අවධාරණය කළ කෘෂිකර්ම විශේෂඥයන්ට තර්ජනාත්මකව ප්‍රතිචාර දැක්වූ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා රජයේ ප්‍රතිපත්තිය සම්පුර්ණ හරිත කෘෂිකර්මය බවත්, එය කළ නොහැකි යයි සිතන අයට ඉවත්ව යා හැකි බවත් ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. රසායනික පොහොර සහ කෘෂි රසායනික ආනයනය…

පොහොර, කෘෂි රසායන පුද්ගලික අංශයෙන් ගෙන්වන්න ජනාධිපති අවසර දෙයි ; පොහොර සහනාධාර නැහැ

වගා කටයුතු සඳහා පොහොර සහ කෘෂි රසායනික අවශ්‍ය පරිදි පුද්ගලික අංශයෙන් ගෙන්වීම සඳහා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද අවසර ලබා දුන්නේ ය. කෙසේ වෙතත්, එම රසායනික ගෙන්වීම පුද්ගලික අංශයෙන් පමණක් සිදු කළ යුතු බවත්, ඒ සඳහා සහනාධාර හිමි නොවන බවත් එතුමා පැවසුහ. කෘෂිකර්මයට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික සම්බන්ධයෙන් පවතින තත්ත්වය සමාලෝචනය සඳහා ජනාධිපති ලේකම්…

ජනාධිපති හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය ක්‍රියාත්මක කරමින්  දිවයින පුරා  සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් යළිත්  නිකුත් කරනු ලැබ ඇත. මීට මාස දෙකකට පෙර ද මෙබඳු ආඥාවක් නිකුත් කරනු ලැබූ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වරයකු ද පත් කරනු ලැබීය. මෙම නව නියෝගය නිකුත් කොට ඇත්තේ පළමු නියෝගයේ කල් ඉකුත් වී…

ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය කඩා වැටිලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  

මේ වනවිට ආණ්ඩුවේ මධ්‍යම ස්නායු  පද්ධතිය කඩා වැටී ඇති බවත් , කඳ කරන දේ ඔලුව නොදන්නා බවත්, කකුල් කරන දේ කඳ නොදන්නා බවත්, අත් කරන දේ කකුල් නොදන්නා බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ඒ මහතා කීවේ ආණ්ඩුව තුළ කිසිදු සම්බන්ධීකරණයක් නැති බවයි. රසායනික පොහොර තහනම් කිරීමේ තීන්දුව ආපසු…

අද කොවිඩ් මරණ 19 යි ; නව ආසාදිතයින් 697 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 19 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,127 ක් වශයෙනි. අද දිනයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 697 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 556,624 ක් වශයෙනි.

රසායනික පොහොර ගෙන්වන බව අමාත්‍යංශ ලේකම්ගේ කියද්දී ඇමති ප්‍රතික්ෂේප කරයි !

වී, බඩ ඉරිඟු සහ අතිරේක බෝග සඳහා කෘෂි රසායනික සහ ශාක පෝෂක ( පොහොර ) ගෙන්වීමට අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් උජිත් කේ ජයසිංහ මහතා ජනමාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශ කොට ඇතත්, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කොට ඇත්තේ එබඳු කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් රජය ගෙන නැති බවයි. අමාත්‍යංශ ලේකම්වරයාට අනුව උසස් තත්ත්වයේ රසායනික පොහොර…

චීන විෂ පොහොර නැවට මුදල් ගෙවා පිටත් කරන්න සාකච්ඡා ! අලුත් තොගයකුත් මිලට ගනියි !

ශ්‍රී ලංකාවේ ශාක සඳහා අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට පරීක්ෂණ මගින් තහවුරු වීම නිසා ප්‍රතික්ෂේප කළ ද, මුල් ඇනවුම අනුව පැමිණ ඇති චීන පොහොර නැවට වන්දි ගෙවා ආපසු යැවීමටත් , එම සමාගමෙන් ම අලුතින් පොහොර තොගයක් මිල දී ගැනීමටත් රජය කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපුටා දක්වමින් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා…

කෘෂි රසායන , පොහොර හදිසියේ ගෙන්වන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවසර ඉල්ලයි

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික ගෙන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රජයෙන් අවසර ඉල්ලා ඇත. රටේ දැනට පවතින තත්ත්වය සහ වගා කටයුතු සඳහා කෘෂි රසායනික හදිසි අවශ්‍යතා පිලිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් උදිත ජයසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇතැයි වාර්තා වෙයි. රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා ගතයුතු හදිසි පියවර ගැන පෙන්වා දී ඇති එම…

අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල කොවිඩ් පොකුරු ඇති වීමේ අවදානමක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

  අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක පහ තුළ කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි පසුගිය දිනවල කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ මෙම දිස්ත්‍රික්ක වලිනි. ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇති බවත් මංගල උත්සව,…