ආර්ථික අර්බුදය අතිශයින් දරුණුයි , ගොඩයන්න ජාතික ආණ්ඩුවක් ඕනෑ – මහාචාර්ය රොහාන් සමරජීව

දැන් රට විශාල ආර්ථික අර්බුදයක් කරා ගමන් කොට ඇති බවත්, එයින් ගොඩ යාමට නම් තිත්ත බෙහෙත් දෙන්නත්, තිත්ත බෙහෙත් ගන්නත් සිදුවන බවත්, එහි වගකීම තනි පක්ෂයකට ගැනීම අපහසු බවත්, ඒ සඳහා සියලු පක්ෂ එකඟත්වයෙන් ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක කළ යුතු බවත්, මහාචාර්ය රොහාන් සමරජීව මහතා ප්‍රකාශ කරයි. දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රතාන්‍යයේ කොන්සර්වේටිව් සහ කම්කරු පක්ෂ…

ජනාධිපති ගොටාභය, හිටපු ජනාධිපති මෛත්‍රීගේ ඡන්දයෙන් මෛත්‍රීට එරෙහිව පියවර ගන්න හදයි !!!

පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති , හිටපු අගමැති ඇතුළු ඇමති මණ්ඩලය ම වගකිව යුතු බවත්, ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ආණ්ඩුව සතු බවත්, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළ අතර එහි දී ආණ්ඩුවට තුනෙන් දෙකක බලය ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දහ  හතරකගේත් ඡන්ද සමග බව…

අදත් කොවිඩ් මරණ 23 ක් ; නව ආසාදිතයින් 744 ක්

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 23 කි මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,205 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනය තුළ අලුතින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා කොට ඇත්තේ 744 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 559,604 ක් ලෙස වාර්තා වී…

කින්නියා සිදුවීම වාර්තා කළ මාධ්‍යවේදීන්ට පහර දීම තරයේ හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් පෙරලීම නිසා සිදු වූ අනතුර වාර්තා කිරීමට එහි ගිය මාධ්‍යවේදීන් තිදෙනෙකුට එම ස්ථානයේ රැදීසිටි කිසියම් පිරිසක් පහර දී තිබේ. ලේක්හවුස් ආයතනයේ තිනකරන් පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරු අබ්දුල් සලාම් මොහොම්මදු යාසිම්ට පහර දුන් පිරිස ඔහුගේ වාර්තාකරණ දත්ත ඇතුළත් ස්මාර්ට් ජංගම දුරකථනය පැහැර ගෙන තිබෙන අතර ඔහු මේ සම්බන්ධව අංක CIB (1) 10/291  යටතේ…

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමේ සම්පුර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න – එජාප නායක රනිල්

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂා කළ ජනාධිපති කොමිසන් සභාවේ සම්පුර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේ ය. නීතිඥවරුන්ට එය බලාගත හැකි නම් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් එම කරුණු දැන ගැනීමේ වරද කුමක්දැයි ඒ මහතා ප්‍රශ්න කළේ ය. මහජන මුදලින් පවත්වාගෙන ගිය කොමිසමක සොයා ගැනීම් දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති…

මා වරදක් කොට නැහැ , තනතුරින් යන්නේ නැහැ – පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්

කෘෂි රසායනික පහක් තහනම් කරමින් 2014 දී නිකුත්කොට තිබු ගැසට් නිවේදනය අවලංගු කොට නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තමන් ගත්  ක්‍රියාමාර්ගයට පලිබෝධ නාශක තාක්ෂණික සහ උපදේශක කමිටුවේත්, කැබිනට මණ්ඩලයේත්, නීතිපති දෙපාර්තමේන්තුවේත් අනුමැතිය ලැබී ඇති බවත්, තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු කොට නැති බවත්, එබැවින් තනතුරින් ඉවත් නොවන බවත්, පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජේ ඒ සුමිත් මහතා…

රසායනික පොහොර කෘෂි රසායනික තහනම් ගැසට් නිවේදනය අද සිට අවලංගු කරයි

රසායනික පොහොර සහ කෘෂි රසායනික තහනම් කරමින් පසුගිය අප්‍රේල් මස අග දී රජය නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කොට ඇත. ඒ අනුව රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදීම පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ඒ අනුව රසායනික පොහොර, පලිබෝධනාශක හා දිලීර…

ඇමතිට මාව ඉවත් කරන්න බැහැ – පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්

තමන් කටයුතු කර ඇත්තේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත බැවින් ඇමතිවරයාට තමන්ව ඉවත් කළ නොහැකි බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත් පවසයි. තමන් ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක කිහිපයක් සඳහා පනවා තිබු තහනම ඉවත් කර ගැසට් නිවේදනයක් නිකුත් කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත යැයිද ඔහු සඳහන් කරයි. LANKATRUTH  

අද කොවිඩ් මරණ 24 යි ; නව ආසාදිතයින් 740 යි

රජය අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 24 කි. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,182 ක් වෙයි. අද දිනය තුළ අලුතින් හඳුනාගනු ලැබූ අසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 740 කි. පසුගීය දිනවල හඳුනාගත් නමුත් ප්‍රමාද වී තහවුරු කරගත් අසාදිත සංඛ්‍යාවක් ලෙස 759…

තරුණයන්ට ආණ්ඩුවත් , පාර්ලිමේන්තුවත් විශ්වාස නැහැ, විශාල පිපුරුමක් අත ළඟ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

  තරුණයන් රට හැර යාම ගැන ප්‍රශ්නයක් මතු වී ඇති බවත්, ඔවුන් රට හැර යන්නේ පවතින අර්බුදයට විසඳුම් දීම ගැන ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති නිසා බවත්, විකල්ප ආණ්ඩුවක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට ඇති හැකියාව ගැනත් විශ්වාසයක් නැති බවත්, මෙම තත්ත්වය විශාල පිපුරුමක් බවට පත්විය හැකි බවත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ…

මහින්ද සමරසිංහ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත් කරයි

තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව කළුතර දිස්ත්රුක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ඒ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාරගැනීම සඳහා ය. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිධූරය බාර ගන්නැයි  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්  තමා එම ඉල්ලීම  බාරගත් බවත් මන්ත්‍රීවරයා  ප්‍රකාශ කළේය. ඇමරිකාව…

පලිබෝධ රෙජිස්ට්‍රාර් ඉවතට ; ග්ලයිෆොසේට් තහනම දිගට ම – ඇමති මහින්දානන්ද කියයි : ඇමතිට එයට ඇති බලය ගැන සැකයක් !

ග්ලයිෆොසේටේ ඇතුළු කෘෂි රසායනික පහක් තහනම් කරමින් මීට වසර හතකට පෙර නිකුත්කොට තිබු ගැසට් නිවේදනයක් අහෝසි කරමින් ඊයේ නව ගැසට් නිවේදනයක් නිකුත් කළ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහා ම සේවයෙන් ඉවත් කරන බවත්, ග්ලයිෆොසෙට් තහනම දිගට ම ක්‍රියාත්මක කරන බවත්, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ඇමතිවරයා කීවේ ග්ලයිෆොසේටේ තහනම ඉවත් කිරීම…