බැසිල් හෙට ඉල්ලා අස්වෙයි

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හෙට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා ඉල්ලා අස්වීමට සුදානමින් සිටියි. යෝජිත 21 වැනි සංශෝධනය සම්මත වීමට පෙර ඒ මහතා මෙලෙස ඉවත්ව යන බව කියති.

අගමැතිගෙන් සැර ප්‍රකාශයක්

  පාරේ යන්න ,බෝඩ් අල්ලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ.ඒත් රට අඳුරේ තබන්න එපා යැයි වෘත්තීය සංගම් වලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. රට අඳුරේ තැබුවොත් ඉන්දියාවෙන් තෙල් ඉල්ලන්නැයි තමාට පවසන්න එපා යැයි කී අග්‍රාමාත්‍යවරයා අපට ප්‍රශ්න විසඳා ගැනීමට හදිසියක් නැත්නම් ⁣වෙනත් රටවල් උදව් කරාවි දැයි ප්‍රශ්න කළේය. රට අඳුරේ…

විදුලි මාෆියාව රට අඳුරේ තබන්න හදයි

අද රෑ 12.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ප්‍රකාශ කරයි. ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති නව විදුලි බල පනතට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය සිදු කරයි. තරඟකාරී ටෙන්ඩර් ක්‍රමය යන ව්‍යාජයක් ඉදිරියට දමාගෙන පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට දිගු කලක් තිස්සේ අකුල් හෙලීමට ලංවිම විදුලි මාෆියාව ක්‍රියා කිරීම නිසා…

ලිට්‍රෝ ගෑස් තවත් නැවක් එයි ; ටොන් 3900 ක් ; බෙදීම ගැන කතාවක් නැහැ

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් තවත් නැවක් අද උදේ මෙරටට ළඟා වී ඇත. එයින් ලිට්රෝ සමාගමට ලැබෙන ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3900 කි. පසුගිය සති අන්තයේ ද ගෑස් නැව් දෙකක්  මෙරටට ලැබී ඇති අතර එයින් ලැබී ඇති ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4500 කි. එසේ වුව ද ලිට්රෝ සමාගම ගෑස් බෙදාහැරීම ප්‍රමාද කරමින් සිටින්නේ ජනතාව…

විදුලි මාෆියාව පුනර්ජනනීයට බාල්දි අදී

  විදුලිබල මණ්ඩලයේ ඇතැම් මාෆියාකාර නිලධාරීන් ජනතාව අඳුරේ  තබා රට බිත්තියට හේත්තු කර  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට  විවිධ උත්සාහ දරන බවත් පුනර්ජනනීය බලශක්තිය සඳහා මේ අවස්ථාවේදී පැහැදිලි ස්ථිරසාර   තීරණයක් නොගතහොත් ජනතාව නැවත වතාවක් මැති ඇමැතිවරුන්ගේ  නිවාසවලට පහර  දෙන බවත්  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. විදුලි බිල සියයට…

තෙල් මිල යළි වැඩි කිරීමේ සුදානමක් නැහැ – LIOC , CPC දෙක ම කියයි

  ඉන්ධන මිල යළි වැඩි කිරීමේ සුදානමක් පිලිබඳ පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියානු ඔයිල් සමාගම යන ආයතන දෙක ම ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි. එම සමාගම්වලින් මාධ්‍යය කළ විමසීම්වල දී ප්‍රකාශ කොට ඇත්තේ එබඳු කිසිදු සුදානමක් නොමැති බවයි.

විදුලිබල අර්බුදය විදුලි මාෆියාවේ වැඩක් !

  පසුගිය දිනවල උග්‍ර තත්ත්වයට පත් වූ විදුලිබල අර්බුදය පසුගිය ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවල විදුලි බිඳ වැට්ටවීමේ කඩාකප්පල් කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් බව පෙනී යන්නේ යයි විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එම විදුලි බිඳවැටීම් පිලිබඳ විශේෂඥ පරීක්ෂණ වාර්තාව සභා ගත කරමින් ඇමතිවරයා කීවේ මෙම විදුලි බිඳවැටීම් කඩාකප්පල් කාරී ක්‍රියා…

චම්පික නිළ වශයෙන් ස්වාධින වන බව කියයි

  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති පාටලී චම්පික රණවක මහතා පක්ෂයෙන් ඉවත්ව ස්වාධින වන බව නිළ වශයෙන් ප්‍රකාශ කිරීමට සුදානම් බව වාර්තා වෙයි. පසුගිය කාලයේ ද ඒ මහතා තම දේශපාලන ගමන ස්වාධීනව ආරම්භ කොට තිබුණේ 43 සේනාංකය බිහිකිරීම මගිනි. මේ වනවිට 43 සේනාංකය සහ සමගි ජන බලවේගය අතර පැහැදිලි දේශපාලන බෙදීමක් වර්ධනය වී…

නැව් දෙකක් ආවත් ලිට්‍රෝ ගෑස් බෙදන්නේ නැහැ !

ගෑස් මෙට්‍රික් ටොන් 4500 ක් රැගත් නැව් දෙකක් පසුගිය සති අන්තයේ මෙරටට ළඟා වුවද ගෑස් සිලින්ඩර් සුළු ප්‍රමාණයක් අද බස්නාහිර පළාතට බෙදීමෙන් පසු ලිට්‍රෝ සමාගම ගෑස් බෙදාහැරීම නවතා දමා ඇත. හෙට සිට ගෑස් බෙදාහැරීම සිදු නොකරන බව ලිට්‍රෝ සමගම අද නිවේදනය කළේය. සෙනසුරාදා මෙරටට පැමිණි නැවෙන් ගෑස් ටොන් 2500 ක් ලැබුණු අතර එමගින් සිලින්ඩර් ලක්ෂ…

තවත් තෙල් නැව් දෙකක් මේ සතියේ එයි ; සංචිත හෙට සිට වෙළෙඳපොළට

ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලබන 16 දා ලැබීමට නියමිත තෙල් නැවට අමතරව තවත් තෙල් නැව් දෙකක් ලබාගැනීමට රජය කටයුතු කොට ඇති අතර එම නැව් දෙක ලබන 10 සහ 11 දිනවල දී මෙරටට ලඟාවීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එම තත්ත්වය නිසා ඉන්ධන සංචිත වෙළෙඳපොළට නිකුත් කිරීම…

සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපි කැමතියි – සජබ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

  සියලු පක්ෂ සමග සාකච්ඡා කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින බවත්, එබඳු ආණ්ඩුවකට තම පක්ෂය කැමති බවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඇමති ධුර ලබාදීම පක්ෂවල කැමැත්ත මත සිදුකරන ලෙසත්, පක්ෂවල කැමැත්ත නැතිව ඇමැති ධුර සඳහා මන්ත්‍රීවරුන් ගැනීමෙන් වලකින ලෙසත්,…

ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට

  අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස මහාචාර්ය ආශු මාරසිංහ මහතා පත්කර තිබේ. කිසිදු වැටුපක් හෝ දීමනාවක්  ලබා නොගෙන තමා එම ධුරයේ කටයුතු කරන බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය. 8 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ආශු මාරසිංහ මහතා  ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක වරයකු ලෙසද අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙසද…