රනිල් ජනපති ලෙස දිව්රුම් දීමට සියල්ල සුදානම්

වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරෙහි දිව්රුම් දීමේ සියලු වැඩ කටයුතු මේ වනවිට සුදානම් බව වාර්තා වෙයි. ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව අද නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසුව  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස දිව්රුම් දීම අග විනුසුරු තුමා ඉදිරියේ තව ස්වල්ප වෙලාවකින් සිදු කිරීමට නියමිත ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වූ බව කතානායක නිල වශයෙන් නිවේදනය කරයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය. කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කීය. කත්නයකතුම මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කොට ඇත  

මන්ත්‍රීවරුන් 90 කට පක්ෂ නායකයෝ 20 ක් ; පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී බහුතරයේ මතය යටපත් වන බවට චෝදනා

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 90 ක් පමණ නියෝජනය කිරීමට පක්ෂ නායකයින් 20 දෙනෙකු සහභාගී වන බවත්, එහි දී බහුතර මතය යටපත් වන බවත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෝ චෝදනා කරති. පාර්ලිමේන්තුවේ ස්වාධින පක්ෂ ලෙස හඳුන්වන පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 ක් වෙනුවෙන් නායකයින් 10 දෙනෙකු , සමගි ජන බලවේගයේ ඉතිරිව සිටින මන්ත්‍රීවරුන් 44 ක පමණ පිරිස…

එල්ටීටීඊය දෙකඩ කළ රනිල් අරගලය සී සී කඩ බෙදුවා – අරගල බිමේ නායකයින්ගෙන් චෝදනා

එල්ටීටීඊ සංවිධානය දෙකඩ කළ රනිල් අරගලය සී සී කඩ බෙදු බවට අරගලයේ ඇතැම් නායකයින් චෝදනා කරන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි. එල්ටීටීඊය කැඩූ රනිල්ට අරගලය කැඩීම සුළු දෙයක් බවත්, එම තත්ත්වය තේරුම් ගෙන කටයුතු කරන ලෙසත් එම වීඩියෝ මගින් ඉල්ලා සිටියි. අරගල භුමියේ ඊයේ සහ අද දිනවල බරපතළ මත ගැටුම් සහ ප්‍රචණ්ඩ…

ජනපති ගෝඨාභයගේ ඉල්ලා අස්වීම කතානායකට ලැබෙයි

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස් වීමේ ලිපිය කතානායකවරයාට මීට සුළු මොහොතකට පෙර ලැබී  ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කොටඇත. රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුවට අද සවස  පැමිණීමෙන් පසු ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට මෙසේ එවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ මහතා සිගප්පුරුවට පැමිණි  බව විදේශ මාධ්‍ය අද සවස වාර්තා…

ජනාධිපති , අගමැති එකවර ඉවත් වුණොත් රටේ අර්බුදය තවත් වැඩි වෙනවා – දෙමළ ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන්

  ශ්‍රීලංකාව තුල පවතින වත්මන් වාතාවරනය හමුවේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා එකවර ඉවත් වුවහොත් ජනතාවගේ ප්‍රශ්න තවත් වැඩිවනු ඇතැයි හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය දෙමළ ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කරයි යාපනයේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේදී  පැවතී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් විග්නේශ්වරන් මහතා මේ බව පවසා සිටියේ ය . එහිදී වැඩිදුරටත් අදහස් දැක්වී…

ජනාධිපති ගෝටාභය සිංගප්පුරුව බලා යයි

ජනාධිපති ගෝටාභය  රාජපක්ෂ මහතා මාල දිවයිනේ සිට සිංගප්පුරුව දක්වා පිටත් වී ඇති බව වාර්තා වෙයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස, සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානයෙන්  සිංගප්පුරුව බලා පිටත් වූ බව වාර්තා වෙයි සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානය සිංගප්පූරු වේලාවෙන් පස්වරු 7 ට පමණ සිංගප්පූරුවට ගොඩ බෑමට නියමිත බව ද…

කොළඹට යළි ඇඳිරි නීතිය

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය පුරා යළිත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට ඇත. අද දහවල් 12.00 ට පැන වූ ඇඳිරි නීතිය හෙට උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ඇඳිරි නීතිය ප්‍රකාශ කොට තිබේ.  

රනිල් අස්විය යුතු බව විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ මතයයි – වාසුදේව නානායක්කාර

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් සහ වැඩබලන ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය යන්න විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මතය බව හිතපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කොට ඇත. විපක්ෂයේ පක්ෂ නවයේ කණ්ඩායමේ, සමගි ජන බලවේගයට සම්බන්ධ පක්ෂවල සහ ශ්‍රීලනිප නායකයෝ මෙම අදහස ප්‍රකශ කරති.

අල්ලාගෙන සිටි මන්දිරවලින් ඉවත්වීමට අරගලකරුවෝ තීරණය කරති

  මෙතෙක් අත්පත් කරගත් සියලු ම මන්දිර  ගොඩනැගිලිවලින් ඉවත්වීමට තමන් සාමුහිකව තීරණය කළ බව ගාලු මුවදොර අරගලකරුවෝ අද ප්‍රකාශ කළහ. තමන්ට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලි අත්පත් කරගැනීමට සිදුවූයේ ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට සංකේතාත්මක පණිවුඩයක් ලබාදීම සඳහා බවත්, මේ වන විට ජනාධිපතිවරයා රටින් ද පලා ගොස්…

සර්ව පාක්ෂික ආණ්ඩුවටත් සජබයෙන් ලෙඩක් ; ජනාධිපතිධුරයත්, අගමැතිධුරයත් දෙක ම ඉල්ලයි

පාර්ලිමේන්තුවෙන් යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්වන්නේ නම් එහි ජනාධිපතිධුරය සහ අගමැති ධුරය යන දෙක ම සමගි ජන බලවේගයට ලැබිය යුතු බව එම පක්ෂය ඉල්ලා සිටීම නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පැවැත්වෙන සාකච්ඡාවලට ද ප්‍රශ්න මතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිධුරයත්, සරත් ෆොන්සේකා මහතාට අගමැති ධුරයත් ලබාගැනීම මෙහි අරමුණ බව…

පළමුව ජනාධිපති පත්කර දෙවනුව අගමැති පත් කළ යුතුයි – පො. පෙ. මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

ජුනි 9 දා පවතී පක්ෂ නායක රැස්වීමේ දී එකඟ වූ පරිදි පළමුව විධිමත් ලෙස ජනාධිපතිවරයකු පත්කර පසුව අගමැතිවරයකු පත් කළ යුතු බව හිටපු ඇමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ එසේ නොකළහොත් ශ්‍රී ලංකාව නීතියක් නැති රටක් බවට පත්වීම කිසිවෙකුට වැළක්විය නොහැකි වන…