හදිසි නීතිය මෙි සතියේ ඉවතට – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව කී ජනාධිපතිවරයා  ඒ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී අද (16) පස්වරුවේ පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය…

රුසියානු බොරතෙල් ටොන් ලක්ෂයක් රැගත් නැවක් එයි ; තව නැවක් ඊළඟ සතියේ

  රුසියානු බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000 ක තොගයක් රැගත් නෞකාවක් අද(13) රාත්‍රියේ කොළඹට පැමිණෙන අතර හෙට(14) එහි සාම්පල ලබා ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. මෙට්‍රික් ටොන් 120,000ක 2 වන බොරතෙල් තොගයක් අගෝස්තු 23 සිට 29 දක්වා පැමිණීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේය. මෙම බොරතෙල් නෞකා දෙකම රුසියානු බොරතෙල් වන අතර ඒවායෙහි පිරිපහදුව…

අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙි පෙරහර මංගල්‍යය අවසන් බව සැල කරන සාම්ප්‍රදායික උත්සවයේ දී පැවසීය. සියලු ජනතාවට යහපත් ජීවිතයක් උදා කරන අලුත් ආර්ථිකයක් වෙනුවෙන් සියලු දෙනා අලුත් බලාපොරොත්තු සමග ඉදිරියට ගමන් කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ඓතිහාසික දළදා…

හිටපු ජනාධිපති ගෝටාභයට තායිලන්තයෙන් තහංචි

  මේ වන විට තායිලන්තයට ගොස් සිටින හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට එරට සිටින කාලයේ කිසිදු දේශපාලන කටයුත්තක යෙදීම තහනම් කොට ඇති අතර එරට රැඳී සිටින කාලය දින 90 කට පමණක් සීමා විය යුතු බව දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. රාජපක්ෂ මහතාට තායිලන්ත රජයෙන් වීසා නිකුත් කිරීමක් සිදු වී නැති අතර මෙරට රාජ්‍ය තාන්ත්‍රික ගමන්…

තවත් පෙට්‍රල් නැවක් එයි

  පෙට්‍රල් මෙට්‍රික්ටොන්  35,000 ක් රැගත් නෞකාවක් කොළඹට අද (11) රාත්‍රී ළගා වීමට නියමිත බවත් එහි පෙට්‍රල් තොගය හෙට (12) ගොඩබෑමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. මෙම පෙට්‍රල් නෞකාවට ඊයේ මුදල් ගෙවූ බව ද අමත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් කීය. මේ අතර සපුගස්කන්ද පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් ද ඉදිරි…

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගැන ජනාධිපතිට ස්තුතියි – සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය

  රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ උදෙසා පෙනී සිටිම සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  ස්තූතිය ජනාධිපතිතුමාටත්, අධිකරණ ආමාත්‍යතුමාටත්, රජයටත්, පළකරන බව එම ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. 22 වැනි සංශෝධනය රටේ අනාගත යහපත වෙනුවෙන් තබන ඉදිරිගාමී පියවරක් බවත් එය ඒකමතිකව සම්මත කරගැනීමට කටයුතු කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීමක් බවත් ජයසූරිය මහතාගේ නිවේදනයේ…

විධායක බලය සීමා කෙරෙන 22 සංශෝධනය සම්මත කිරීම සැප්තැම්බර් 9 දා

  20 වැනි සංශෝධනය මගින් විධායක ජනාධිපතිට දී තිබු අසීමිත බලය ඉවත් කොට පාර්ලිමේන්තුව ශක්තිමත් කෙරෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන සැප්තැම්බර් 6 දින පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත බව වාර්තා වෙයි. එම සංශෝධනය පාර්ලිමේන්තුවේ පළමුවර කියවීම සඳහා ඊයේ ඉදිරිපත් කරනු ලැබී ය.

රජයේ සහන අයවැය අගෝස්තු 30 දා

  මෙම වසර සඳහා රජයේ සංශෝධිත අයවැය ලේඛනය අගෝස්තු 30 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය විවාදය සඳහා අගෝස්තු 30,31 සහ සැප්තැම්බර් 1,2 දින වෙන් කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වී තිබේ, මෙම අයවැය  මගින් රජයේ සංවර්ධන වියදම් කපා හැර ආර්ථික අර්බුදය නිසා විපතට පත් ජනයාට සහන සැලසීමට බලාපොරොත්තු වන බව මුදල් ඇමති,…

ස්ථිර නවාතැනක් ලැබෙන තෙක් ගෝටාභය තායිලන්තයේ !

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ස්ථිර නවාතැනක් ලැබෙන තෙක් තායිලන්තයේ රැඳි සිටිනු ඇති බව එරට විදේශ ඇමතිවරයා ප්‍රකාශ කරයි. රාජපක්ෂ මහතා ඊයේ සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා ගියේ ය. ඒ මහතාට තායිලන්තයෙන් දින 90 ක් සඳහා වීසා ලැබී තිබේ. ගෝටාභය රාජපක්ෂ මහතා දේශපාලන රැකවරණ ඉල්ලා නැති බව ද තායිලන්ත රජය කියයි.  

හිටපු ජනාධිපති ගෝටාභය මස තුනක් තායිලන්තයේ

  හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට මාස තුනක් ( දින 90 ක් ) තායිලන්තයේ රැඳී සිටීමට අවසර ලැබී ඇති බව වාර්තා වෙයි. ජනධිපතිවරයා තායිලන්තයේ දේශපාලන රැකවරණ පතා නැති බවත්, එරට සංචාරක නීති අනුව ඒ මහතාට දින 90 ක් එරට රැඳී සිටීමට අවසර ලැබී ඇති බවත්, තායිලන්ත බලධාරීහු කියති. ඒ අනුව ගෝටාභය රාජපක්ෂ මහතාට සින්ගප්පුරුවෙන්  ලබා…

රනිල්ගේ නිවෙසට වඩා අගමැති නිල රථය දහ ගුණයක් වටී ; අධිකරණයේ දී හෙළිදරව් වෙයි

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට වඩා ඒ මහතාට අගමැති ලෙස ලබා දී තිබු නිල රථය දහ ගුණයකට වැඩි වටිනාකමකින් යුත් බව අද අධිකරණය හමුවේ හෙළිදරව් වී ය. රනිල් වික්‍රමසිංහ මහතගේ නිවෙසට සිදු වූ හානි පිළිබඳව නීතිපතිවරයා අද අධිකරණයට ඉදිරිපත් කළ දත්ත මගින් මේ බව තහවුරු වෙයි. අධිකරණයට ඉදිරිපත් කළ එම දත්ත අනුව රනිල් වික්‍රමසිංහ…

ත‍්‍රීවීල් රියදුරන් ඉන්ධන ඇදලා විකුණන්නේ ගන්න අය ඉන්න නිසා – ත‍්‍රිරෝද සංගමයේ සභාපති

  ත්‍රීරෝද රථවල රියදුරන් ඉන්ධන විකුනන්නේ ඒවා මිලදී ගැනීමට පිරිසක් සිටි නිසා බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පෙන්වා දෙන්නේ ත්‍රීරෝද රථ හිමියන් පමණක් නොව කෙල් සංස්ථා ලොක්කන්ද පොලීසියද ඉන්ධන හොරකම් කරන බවයි. ආණ්ඩුව උත්සාහ කරන්නේ ත්‍රීවිල් රථ අපරාධකාරයන් කිරීමටදැයි ඔහු ප්‍රශ්න කරයි. සතියකට ලබාදෙන ඉන්ධන ලීටර්…