වත්මන් ආර්ථික අර්බුදයෙන් ගැලවීමට අපනයන ආර්ථිකයක් හැර වෙන විකල්පයක් නෑ – විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022 සම්මාන උලෙළේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

   “2017 වසරේ අපේ ආර්ථිකය ධන මට්ටමක තිබුණා. එහෙත් නොයකුත් අංශවලින් අපේ ආර්ථිකයට බලපෑම් එල්ල වුණා. දින 52 ආණ්ඩුව කාලයේ ඒ පරතරයත්, පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑමත්, 2019 දේශපාලන හා ආර්ථික හේතු මත බදු අඩු කිරීම වැනි කරුණු සහ 2020 කොරෝනා ව්‍යසනයත්, රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට ගත් තීරණය වගේම කෘත්‍රිමව විනිමය අනුපාතය පාලනය කිරීම වැනි හේතු…

ණය ගැන සාකච්ඡා මේසයේ මුලසුනට ජනපතිගෙන් ජපානයට ඉල්ලීමක්

    ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පැමිණෙන ලෙස චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දුන් ප්‍රධාන රටවල්වලට ආරාධනා කරන්නැයි ජපානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඊයේ(18) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට ලබා දුන් ණය, ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි කවුරුන්…

අයි එම් එෆ් ගිවිසුමට මේ මස අග දී අත්සන් තබයි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සඳහා මුල් පියවර ලෙස දෙරට අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කිරීම මේ මස අග දී සිදු කිරීමට නියමිතය. ඒ සඳහා මෙතෙක් කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර ගිවුසුම අත්සන් කිරීම සඳහා මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මේ මස අග දී…

පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය අත්‍යවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

   පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ද ඉකොනොමිස්ට් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමට අමතරව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ,ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලීකරණය කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී කීය . ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය…

උග්‍ර විනිමය හිගය අවසන් ; අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්න මුදල් දැන් තිබෙනවා – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ

  උග්‍ර විනිමය හිගය මේ වන විට අවසන්ව ඇති බවත්, පෙට්‍රල්,ඩීසල්, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ප්‍රමාණවත් මුදල් දැන් ලැබෙමින් පවතින බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අද ප්‍රකාශ කළේය. එමෙනම් රටේ උද්ධමනය කලින් පුරෝකථනය කොට තිබු සියයට 70 මට්ටමට ඉහළ නොයනු ඇතැයි ද එනමුත් ආර්ථිකයේ සංකෝචනය සියයට 8 ඉක්මවා යනු…

යළි ඇමෙරිකා යන්න ගෝඨා ’ග්‍රීන් කාඩ්’ ඉල්ලයි

  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි ‘ඩේලි මිරර්’ පුවත්පත අනාවරණය කරයි. ඇමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්‍රීන්කාඩ් පහසුකම හරහා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ඇමෙරිකානු පුරුවැසිභාවය ඇති අයෙකු වීම නිසා එම පහසුකම ලබාගැනීමට…

හිටපු ජනපති ගෝටාභය 24 දා මෙරටට එන බව උදයංග කියයි

  හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා මෙම මස 24 වැනි දින මෙරටට පැමිණෙනු ඇතැයි යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද ප්‍රකාශ කළේය. එය වගකීමෙන් කරන ප්‍රකාශයක් දැයි විමසු විට ඔහු කීවේ මෙම සැලසුම් වෙනස් වේ දැයි තමා නොදන්නා නමුත් දැනට තිබෙන තත්ත්වය එය බව යි. මිග් යානා ගනුදෙනුව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන්…

ඩීසල් ටොන් ලක්ෂයක් අද එයි

  ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් සහිත නෞකාවක් කොළඹට අද (17) ළගාවීමට නියමිත බවත් රට තුළ පවතින සුපිරි ඩීසල් හිඟය ඒ අනුව අවසන් වනු ඇති බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. මෙම සුපිරි ඩීසල් තොගය මාස දෙකකට අධික කාලයකට පසුව ලැබුණු තොගය බවත් ඩීසල් තොගයේ පරීක්‍ෂණ අවසන් වීමෙන් පසුව ක්‍රමානුකූලව පිරවුම්හල වෙත නිකුත්…

සුළං බලාගාර දෙකක් හදන්න ඉන්දියාවේ අදානිට අවසර

  මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් ඉදිරිකිරීම සඳහා ඉන්දීය අදානි සමාගමට තාවකාලික අනුමැතිය ලබාදුන් බවත් එම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ඉක්මවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මන්නාරම ඉදිකරණ විදුලි බලාගාරයෙන් මොගාවොට් 286 ක් සහ පුනරීන් බාගාතාරයෙන් මෙගාවොට් 234 ක් ද, ජනනය…

ලංකාවට ඩයස්පෝරා කාර්යාලයක් – ජනාධිපති

  ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා පියවර සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවයි. විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022″ සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙි…

බ්‍රතාන්‍යයේ නව වෙළෙඳ සහන ක්‍රමයට ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ගනියි

  බ්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව, යුරෝපා සංගමයේ ජී.එස්.පී සහනය වෙනුවට බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. යුරෝපා සංගමයෙන් බ්‍රතාන්‍යය ඉවත්වීම නිසා එරට යුරෝපා ජී එස් පී ක්‍රමයෙන් ඉවත්වීම නිසා සංවර්ධනය වන රටවලට සිදුවන…

චීන නැවට ශ්‍රී ලංකාව අවසර දුන්නේ කොන්දේසි යටතේ – ඉන්දීය ජනමාධ්‍ය කියයි

  යුවාන් වෑන් 5, මතභේදාත්මක චීන නෞකාවට  ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ඇතුළුවීමට බලධාරීන් අවසර දී ඇත්තේ වරායේ රැඳී  සිටිය දී කිසිදු පර්යේෂණ කටයුත්තක නොදෙන බවට කොන්දේසියක් මත බව ඉන්දියානු ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි. ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජයේ බලධාරීන් සහ චීන බලධාරීන් සමග කළ සාකච්ඡා ගණනාවක ප්‍රතිඵල ලෙස මෙම එකඟතාව ඇති කරගත් බව එම මාධ්‍ය…