ඉක්මන් මැතිවරණයකට යන්නැයි මහින්දගෙන් පොහොට්ටුවට උපදෙස් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය රැකගැනීම සඳහා ඉක්මන් මැතිවරණයකට මුහුණ දීම වඩා වාසිදායක බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ නායකයින්ට උපදෙස් දී ඇති බව තතු දත් ආරංචි මාර් ග  මගින් දැනගන්නට ඇත. පක්ෂයෙන් තරඟ කොට මතක දී ඉවත්ව ගිය කණ්ඩායම් ඡන්දදායකයා අතරට යන්නට පෙර මැතිවරණයකට ගොස් පක්ෂයේ බලය තහවුරු කරගත යුතු…

ජනාධිපතිගේ පොරොන්දුවෙන් පොහොට්ටුවේ 22 විරෝධයේ රැස් බහී !

  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනයට එරෙහි වීමට පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසක් සුදානම් වී සිටි නමුත් තමා පාර් ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වීම නිසා විරෝධය දැක්වූවන් නිහඬ වූ බව වාර් තා වෙයි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඊයේ පැවති රැස්වීමේ දී මෙම තත්ත්වය ඇති වී තිබේ. වසර දෙක හමාරකින් පාර් ලිමේන්තුව…

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින්ගෙන් විපක්ෂයටත් , වැඩට ගිය සේවකයින්ටත් කුණු බැනුම්

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනතට විරුද්ධව ඡන්දය දීමෙන් මගහැර ගිය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙන් ම වැඩට පැමිණ ඛනිජ තෙල් බෙදාහැරීම යතා තත්ත්වයට පත් කළ සේවක පිරිසට ද එහි ඇතැම් වෘත්තීය සමිති නායකයින් කුණු බැනුම් බනිමින් සිටින බව වාර් තා වෙයි. සති ගණනක් මහන්සි වී කළ සටන විපක්ෂය සහ ඇතැම් සේවක පිරිස් විසින් පාවා දුන් බවත්,…

තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අවසන් කිරීමේ පනත වැඩි ඡන්ද 60 කින් සම්මතයි

  ඛනිජ තෙල් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ තෙල් සංස්ථා ඒකාධිකාරය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද , ඛනිජ තෙල්  නිෂ්පාදන (විශේෂ විධිවිධාන) ( සංශෝධන) පනත් කෙටුම්පත  වැඩි ඡන්ද 60 කින් පාර් ලිමේන්තුවේදී අද (18) පස්වරුවේ සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 77ක්  ලැබුණු අතර  ඊට  විපක්ෂව ලැබුණේ ඡන්ද දාහතක් පමණි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සහ   සමගි ජන…

22 ට ඡන්දය නොදුන්නත් පොහොට්ටු ලැයිස්තුවට ඇමැති ධුර දෙන්න බැහැ – ජනපති යලි කියයි

යෝජිත 22 සංශෝධනයට ඡන්දය දීම සඳහා තමන් ඉදිරිපත් කොට ඇති නම් ලයිස්තුවේ පිරිසට කැබිනට් ඇමැති තනතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යලිත් වරක් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර් තා වෙයි. එම ලයිස්තුවේ ඇති, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත බෝගොල්ලාගම , මහින්දානන්ද අලුත්ගමගේ සහ නාමල් රාජපක්ෂ යන සතර දෙනාට ජනාධිපති…

ශ්‍රීලනිපයෙන් ආ ඇමැතිවරු මහා ඡන්දයට එජාපයෙන්

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වී සිටින ඇමතිවරුන් පිරිස ඉදිරි මහා මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදීමට සාකච්ඡා කරමින් සිටින බව ද එම සාකච්චා බොහෝ දුරට සාර් ථක වී ඇති බව ද තතු දත් දේශපාලන අංශ කියයි. මෙයින් නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ එජාප කණ්ඩායම් නායකත්වයට පත් කිරීමට ද දෙපාර්…

පොහොට්ටුවේ තවත් බෙදීමක් ; බැසිල්ට එරෙහි පෙරමුණක් හැදෙයි

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් නව කණ්ඩායමක් බිහි වී ඇති බව තතු දත් දේශපාලන අංශ ප්‍රකාශ කරයි. ආණ්ඩු පක්ෂය තුළ කටයුතු කරන මෙම කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වඩා සමීපව කටයුතු කිරීමට තීරණය කොට ඇති බව කියති . ඇමති රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික්…

ශ්‍රී ලංකාවේ ණය හිමි සමුළුව කැඳවන්න ජපානය සුදානම් – යොමිඋරි ශින්බුන් ( Yomiuri Shimbun ) වාර් තා කරයි

  ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන්ගේ සමුළුවක් කැඳවීමට ජපානය කටයුතු කරමින් සිටින බව යොමිඋරි ශින්බුන් ( Yomiuri Shimbun ) පුවත්පත  වාර් තා කොට ඇත. Yomiuri Shimbun ජපානයේ ප්‍රධාන නගර පහකින් එකවර පලකරන එරට ප්‍රධාන පුවත්පතකි. මෙම සමුලුව වසර අග දී පැවැත්වීමට සුදානම් වන බව එම වාර් තාවේ සඳහන් ය. ණය හිමි සමුළුව…

මෙය හැර වෙන මාවතක් නැහැ ; සියලු දෙනා සහය දිය යුතුයි – අර්නස්ට් ඇන්ඩ් යන්ග්  බදු විශේෂඥ දුමින්ද හුලංගමුව

රටේ වත්මන් ආර් ථික තත්ත්වය යටතේ බදු ක්‍රමයේ මෙම ප්‍රතිසංස්කරණය සිදු කළ යුතු ම බවත්, ඒ  හැර ර්අබුධයෙන් ගොඩ යාමට වෙනත් මගක් නැති බවත්, එයට සියලු දෙනා සහය දිය යුතු බවත්, ර්අනස්ට් ඇන්ඩ් යන්ග් බදු විශේෂඥ දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කරයි. මෙතෙක් කල් අප කළේ දේශපාලන හේතු මත ජනතාවට නොයෙක් සහන දෙමින් එම මුදල පියවීම…

ආණ්ඩු පක්ෂයේ බහුතරය 22 සංශෝධනයට පක්ෂයි ; අවශ්‍ය ඡන්ද 150 ගත හැකියි – අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ

  ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසක් යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනු ඇතැයි ද එය සම්මත කිරීමට අවශ්‍ය 150 ක ඡන්ද ප්‍රමාණය ලබාගත හැකි වනු ඇතැයි ද අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මෙම සංශෝධනය සම්මත කිරීමට පාර් ලිමෙන්තුවේ ඡන්ද 225 ම අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ…

ඉන්ධන මිල අඩු කරයි ; 92 පෙට්‍රල් රුපියල් 40 කින් , ඔටෝ ඩීසල් රුපියල් 14 කින් බසී

අද(17) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි. ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද අඩුකර ඇත. නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 370ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක…

2023 ර්වෂය සදහා වන අයවැය පළමුවර කියවීම හෙට ; 22 ව්‍යවස්ථා සංශෝධනය 20, 21 දිනවල

2023 ර්වෂය සදහා වන විර්සජන පනත් කෙටුම්පත (අයවැය) හෙට (18) පාර් ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිතය. මෙම සතියේ පාර් ලිමේන්තු කටයුතු තීරණය කිරීම සදහා පසුගියදා (07) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර් ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය විය. පාර් ලිමේන්තුව හෙට (18) සිට 21 වැනිදා දක්වා රැස්වන අතර…