එජාපය ,පොහොට්ටුව පොදු ළකුණකට

  පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොදු ලකුණකින් තරඟ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. සමහර පළාත් පාලන ආයතන සඳහා අලියා ලකුණින්ද ඇතැම් ආයතන සඳහා පොහොට්ටුව ලකුණින්ද පක්ෂ දෙක එක්ව තරඟ කරන බව කී එජාප මහලේකම්වරයා ඇතැම් පළාත් පාලන ආයතන…

එජාපය ඔක්කොටම තරඟ බිමට

  පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිවයිනේ සියළුම පළාත් පාලන ආයතනවලට තරඟ කරන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. ඇතැම් පළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට එකඟතාවක් තිබෙන බව කී එජාප මහලේකම්වරයා එසේ නොවන පළාත් පාලන ආයතන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තනිව තරඟ කරන බව…

එජාපය සහ පොහොට්ටුව අතර හමුවක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර හමුවක් අද (08) පස්වරුවේ පවත්වා තිබේ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන, සාගල රත්නායක, රවී කරුණානායක, පාලිත රංගේ බණ්ඩාර, රුවන් විජේවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඊට සහභාගී වී ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වයෙන්…

IMF ක්‍රියාකාරිත්වය ගැන නොදන්නා කණ්ඩායම් ගැන අනාවරණයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9කට සීමා කරන ප්‍රකාශ සිදු කරනු ලබන්නේ IMF හි ක්‍රියාකාරිත්වය ගැන නොදන්නා කණ්ඩායම් විසින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍ය වරයා මෙසේ ප්‍රකාශ කර සිටියේ අද (08) අනුරාධපුර ප්‍ර‌දේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි. “ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ එහි ගෝලීය මෙහෙයුම්, ඒ අනුග්‍රහය හරහා…

උපයෝගිතා කොමිසමේ සභාපති නීතිපතිට නීතිය උගන්වන්න යයි !

  මහජන උපයෝගිතා කොමිසමට බලය පැවරී ඇති කාර්යයන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති තීරණ කොමිසමට දැනුම් දුන් විට කොමිසම ඒ අනුව ක්‍රියා කළ යුතු බව නීතිපතිවරයා උපදෙස් දී ඇතත්, එම නීති උපදෙස් වැරදි බව උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි. ජනක රත්නායක මහතා කියන්නේ ගාස්තු සම්බන්ධ සම්පුර්ණ බලය කොමිසමට ලබා දී ඇති නිසා ඒ සම්බන්ධ…

මග එන අයට ඉඩ දෙන්න ගිහින් එජාපය අවුලක !

  වෙනත් පක්ෂවලින් එජාපයට එක්වීමට සාකච්ඡා කොට එකඟ වී ඇති පාර් ලිමේන්තු මැති ඇමතිවරුන්ට සහ ඔවුන් සමග එන ආධාරකරුවන්ට තනතුරු වෙන්කර තබා ගැනීමට සිදුවීම නිසා එක්සත් ජාතික පක්ෂය අවුලක පැටලී සිටින බව තතු දත් ආරංචි මාර්ග කියයි. ඉදිරි මැතිවරණ එජාපයෙන් තරඟ වැදීමට එකඟ වී සිටින ඇතැම් මැති ඇමතිවරුන් සඳහා ආසන සංවිධායක ධුර වෙන්කර තැබීමට පක්ෂයට…

ශ්‍රී ලන්කන් බෝනස් සාධාරණ බව ජවිපෙ වෘත්තීය සමිතිය කියයි

  ප්‍රකෝටි ගණනින් පාඩු ලබමින් පවත්වාගෙන යන  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවක පිරිස වෙත ලබාදුන් මුදල හිමිවීමට තිබූ දෙයක් බව එහි අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කළේ යැයි ලංකා සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි. අන්තර සමාගම් සේවක සංගමය යනු ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ පවතින වෘත්තීය සමිතියකි. එම වාර්තාවේ සඳහන් අන්දමට සේවක සංගමයේ පරිපාලන…

ඡන්දය ඉල්ලු සමහරු දවල් මිගෙල් රෑ දනියෙල් සෙල්ලමක !

  පළාත් පාලන ඡන්දය අවශ්‍ය බවට හඬ නැගූ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් ඡන්දය තියන්න එපා කියා පෞද්ගලිකව ප්‍රකාශ කළ බව එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පක්ෂයේ  ඉහළ පෙළේ සාකච්ඡාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති බව වාර්තා වෙයි. ප්‍රසිද්ධියේ සහය දීම කළ නොහැකි නමුත් මේ වෙලාවේ ඡන්දය නොතිබිය යුතු බව ඔවුන් ප්‍රකාශ කළ බව ද…

අන්තරයත් පුංචි ඡන්දයට එයි

  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළාත් පාලන මැතිවරණයට තරඟ  කිරීමට තීරණය කොට ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජයගොඩ මහතා මේ බව මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත. මීට පෙර මෙම පක්ෂය පළාත් පාලන ඡන්ද සඳහා තරඟ කොට නැත.

පොහොට්ටුව ලොකු අවුලක ; දිස්ත‍්‍රික් නායකයෝ නාම යෝජනා හැදීම මග හරිති

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා සකස් කිරීමේදී ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබේ. ඒ එම පක්ෂයේ ඇතැම් දිස්ත්‍රික් නායකයන් විසින් නාමයෝජනා සකස් කිරීම සඳහා මැදිහත්වීමට ප්‍රතික්ෂේප කිරීමයි. දිස්ත්‍රික්ක කිහිපයකම නායකයන් සඳහන් කර ඇත්තේ තමන්ට වෙනත් වැඩ රාජකාරි ඇති නිසා නාමයෝජනා සකස් කිරීම වෙනත් කිසිවකු වෙත පවරන ලෙසයි. මේ හේතුවෙන්…

විදුලිය කැපීම අවසන් වන ලකුණු

  දැනට පවත්වාගෙන යන පැය දෙකයි විනාඩි විස්සක විදුලිය කැපීම ලබන සතියේ සිට අඩුකළ හැකි වනු ඇතැයි ද , ඇතැම් විට විදුලි කැපීම අවසන් කළ හැකි වනු ඇතයි ද විදුලි බල ක්ෂේත්‍රයේ අපගේ ආරංචි මාර්ග කියයි. ගල් අඟුරු තොග ලැබීම නිසා නොරච්චෝලේ බලාගාරය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වීමත් , ජල විදුලි නිෂ්පාදනය ද තරමක්…

පුංචි ඡන්දයට විපක්ෂය පෙරමුණු පහක් ලෙස බෙදෙයි ?

  පළාත් සභා මැතිවරණයේ දී පාර්ලිමේන්තු විපක්ෂය කණ්ඩායම් පහක් හෝ වැඩි ගණනක් ලෙස තරඟ වදිනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය. දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය වෙනම කණ්ඩායම් ඉදිරිපත් කිරීමට මේ වනවිටත් තීරණය කොට අවසන් ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස් ජාතික සභාව සහ උත්තර ලංකා…