රවීගෙන් මහ බැංකුවට දෝස්මුරයක්

  රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය. මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේයැයි ද මහා බැංකුව අද කරන්නේ ඒ අයගේ රාජකාරිය නොවේ යැයිද කී කරුණානායක මහතා ඒ අය…

ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් වසර දෙකකට අත් හිටුවන්න චීනය එකඟ වෙයි

  ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් සඳහා අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බවත් පවසමින් ලිපියක් ඊචීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් එන්.ඩී.ටී.වී පුවත් සේවය පෙන්වා දී තිබේ. මෙම කාලය…

කුරුණෑගල නගරාධිපති තනතුරින් ඉවත් කරයි

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම තනතුරෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව නගරාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් අද (21) නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ කුරුණෑගල මහ නගර සභාවේ 2023…

ණය ගැන චීනයේ ස්ථාවරය අද දැනුම් දෙයි ?

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දීමට නියමිත බව වාර්තා වේ. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ අදාළ දැනුම්දීම අද දිනය තුළ චීනය විසින් ලිඛිතව සිදුකරනු ඇති බවය. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් සිය ස්ථාවරය පසුගිය 16 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම් දී තිබුණි….

විදුලි ගාස්තු වැඩි කිරීමට උපයෝගිතා කොමිසමේ අනුමැතිය|

  විදුලි බිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය ජනවාරි 9 වෙනිදා ගත් තීරණයට මහජන උපයෝගිතා කොමිසම 20 වෙනි සිකුරාදා අනුමැතිය පළ කළේය. එම කොමිසමේ දැනට සිටින සාමාජිකයන් හතර දෙනාගෙන් තිදෙනකුගේ අනුමැතිය මේ වන විට එයට හිමිව තිබේ. කොමිසමේ සාමාජිකයන් ජනවාරි 19 වෙනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් හමු වූ අවස්ථාවේදී විදුලි බිල වැඩි කිරීමට අකමැත්තෙන්…

ඡන්දයට පෙර අලුත් මැතිවරණ කොමිසමක්

  මාර්තු 9 දාට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර නව මැතිවරණ කොමිසමක් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථා සභාව පත්වීමෙන් පසු එම සභාව මගින් ස්වාධින කොමිසන් සභා අලුතින් පත් කළ  යුතු බව එම සංශෝධනය සඳහන් වෙයි. මේ වනවිට ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් පත් කරනු ලබා ඇති අතර…

පළාත් පාලන ඡන්දය මාර් තු 9 දා

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම  දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත දැනුම්දී ඇති අතර ඔවුන් එම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා බාරගැනීම අද දහවල් 12.00 න් අවසන්…

විභාග කාලයේත් විදුලිය කපන්න වෙනවා – විදුලිබල මණ්ඩලය උපයෝගිතා කොමිසමට දැනුම් දෙයි

ඉන්ධන මිල දී ගැනීමට මුදල් නොමැති වර්තමානයේ  පවතින තත්ත්වය හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී දෛනික විදුලි කප්පාදුව සිදුකළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත දැනුම්දී තිබෙන බව වාර්තා වෙයි. විදුලි නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවීමත්, ඊට ප්‍රමාණවත් මුදල් නොමැතිවීමත් හේතුවෙන් මෙම පියවර ගත යුතු බව ලංකා විදුලිබල…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනා පත්කරයි

  අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවෙි සිවිල් නියෝජිතයන් ලෙස ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ වෛද්‍ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න මහත්මීන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවෙි සාමාජිකයන් ලෙස වසර  තුනක කාලයක් කටයුතු කිරීම සඳහා අදාළ පත් කිරීම් සිදු කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ…

ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීනයත් කැමැතියි

ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය සහතික ලබා දෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කැමැත්ත ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කළ පළමු රට ඉන්දියාවයි. ඒ සඳහා වූ කැමැත්ත ඉන්දියාව නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද ලබා දී තිබේ. ඉන්දියාව සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු චීනයද නිල නොවන මට්ටමින් ජනාධිපති කාර්යාලයට සහ…

ජනාධිපතිගේ සාකච්ඡාවට ජනක රත්නායක නොකැදෙව්වේ ඔහු ලැදියාවන්ගේ ගැටුමක සිටින නිසා

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවට එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නොකැදවීමට හේතු වුයේ ඒ මහතා ලැදියාවන්ගේ ගැටුමකට ( Conflict of Interest ) මෑදි වී සිටින බවට පැහැදිලි තොරතුරු ජනධිපතිතුමා වෙත ලැබී ඇති නිසා බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි. ජනක රත්නායක මහතා නිවාස ව්‍යාපෘති රැසක හිමිකරුවෙකු වන…

දැන් තියෙන විදුලි අර්බුදය උපයෝගිතා කොමිසමේ නිරමාණයක් – ජෙෂ්ට විදුලි ඉංජිනේරුවෝ කියති

  පසුගිය වසරේ විදුලි අර්බුදය ඇති වුයේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් නැතිවීමෙන් බවත්, එසේ වුවත් , මේ දිනවල විදුලිය කපන්නට සිදු වී ඇත්තේ ඉන්ධන මිල දී ගැනීමට විදුලිබල මණ්ඩලයට මුදල් නැතිවීම නිසා බවත්, පසුගිය සැප්තැම්බරයේ ඉල්ලු ගාස්තු වැඩි කිරීම ලබා නොදීමෙන් මෙම තත්ත්වය ඇති කළේ මහජන උපයෝගිතා කොමිසන් සභාව බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ජෙෂ්ට ඉංජිනේරුවෝ කියති….