|

ඩොලරය රුපියල් 307.70 / 90 දක්වා අඩු වෙයි

  අද දින ඩොලරයේ හුවමාරු අගය රුපියල් 307.70/90 දක්වා පහත වැටී රුපියල තවත් ශක්තිමත් වී ඇත. ඊයේ සවස් වන විට එය 307.90 / 308.05 ලෙස සටහන්ව තිබිණි. ඩොලරයේ අගය දිගින් දිගට අඩු වෙමින් පවතින අතර ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ තමන් මැදිහත් වී පාලනය නොකළේ නම් ඩොලරය මීට වඩා වේගයෙන් අව ප්‍රමාණ වන බව යි….

ජනාධිපතිගේ අද කතාව ගැන ජනාධිපති පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

  රටේ ආර්ථික තත්ත්වය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය පිලිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළේ ය. එම විවාදය ලබන සතියේ යොදා ගැනීම සුදුසු බව ද ජනාධිපතිතුමා පැවසීය.

|

ජාත්‍යන්තර ණය ගෙවන්න වසර පහක සහන කාලයක් ! වසරක ගෙවීම අඩකින් අඩුවෙයි !! – ජනාධිපති

  මෙරට විදේශ ණය ගෙවීමේ දී 2023 සිට 2027 දෙසැම්බර දක්වා වසර පහක සහන කාලයක් ලැබෙනු ඇතැයි ද, වසරකට ගෙවන ණය ප්‍රමාණය අඩකින් අඩු වනු ඇතැයි ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එමෙන් ම ණය ගෙවීම සඳහා 2042 දක්වා කාලය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද…

|

වැට් බදු නිදහස් කරන භාණ්ඩ ගැන ජනපති හෙළිකරයි

ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. හැකිළී තිබුණ ආර්ථිකය මේ වනවිට යථාතත්ත්වයට…

|

ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම් අත්සන් කරන්න බලා ඉන්න වෙලා – මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

  පැරිස් සමාජය සහ ඉන්දියාව ඇතුළු නිල ණය හිමියන් සමඟ අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්  අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකාවට පෞද්ගලික ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟත්වය ලැබෙන තෙක් බලා සිටීමට සිදු විය හැකි බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි. පැරිස් සමාජය සහ ඉන්දියාවෙන් සැදුම්ලත් නිල ණය හිමි කමිටුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත…

විදුලි ගාස්තුව අඩුවන්නේ මෙහෙමයි

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එය සියයට 33.3ක අඩුවීමක් බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වාදෙයි. මහජන උපයෝගීතා කොමිසමේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක…

සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරියේ ඩොලර් මිලියන 342 ක්

  සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය ජනවාරි මාසයේ මෙරටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 342 ක් බව මහ බැංකු සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කර ඇත. මෙය 2020 ජනවාරි මාසයෙන් පසු මසක දී ලැබුණු ඉහළම ආදායම ලෙස වාර්තා වී තිබේ. ජනවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව ද වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබිණි. එම සංඛ්‍යාව 208,253 ක් ලෙස වාර්තා වී…

ජනාධිපති රනිල්ගේ පළමු මහජන රැළිය මාර්තු 10 කුලියාපිටියේ

ජනාධිපති ධුරයට පත් විමෙන් පසුව රනිල් වික්‍රමසිංහ පළමුවරට කුලියාපිටියේ දී මහජන රැළියක් ඇමතීමට නියමිතබව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසයි. “සෑබෑව” එක්සත් ජාතික පක්ෂ සමුළුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 10 වැනිදා සවස 2ට කුලියාපිටිය නගරසභා පිටියේදී පැවැත්වෙන බවයි ඔහු නිවේදනය කරන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, රවී…

ඩොලරය රුපියල් 308.80 /90 යි

  අද දිනයේ ඩොලරය හුවමාරු වුයේ රුපියල් 308.80 -308.90 මිල ගණන්වලට බව වෙළෙඳපොළ වාර්තාවල දැක්වෙයි. මෙමගින් රුපියල ශක්තිමත් වීම තවදුරටත් තහවුරු වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ ඩොලරයේ අගය වේගයෙන් ඉහළ පහළ යෑම පාලනය කිරීම සඳහා මැදිහත්වන බව යි.

|

ජනවාරි මාසයේ අලුත් සමාගම් 1,995 ක් ලියාපදිංචි කරලා – මහ බැංකු අධිපති

  සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ වාර්තා අනුව මෙම ජනවාරි මාසයේ අලුතින් සමාගම් 1,995 ක් ලියාපදිංචි කොට ඇති බවත්, එය ආර්ථිකයේ වර්ධනයක් සිදුවන බවට සඥාවක් බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ව්‍යාපාර වැසීම ගැන සමහරු කතා කළත්, ඇතැම් ව්‍යාපාර වැසී යෑම සහ අලුත් ව්‍යාපාර ආරම්භ වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්, මහ බැංකු අධිපතිවරය…

|

වැට් බලපෑම අවම යි ; උද්ධමනය 5.9 % දක්වා පහතට

    ජනවාරි මාසයේ වැට් බදු වැඩි කිරීමත් සමග මෙරට උද්ධමනය විශාල ලෙස ඉහළ යනු ඇතැයි ඇතැම් පිරිස් කළ පුරෝකථන බොරු කරමින් පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 5.9 දක්වා පහත වැටී ඇත. ජනවාරි මාසයේ එය පැවතියේ සියයට 6.4 ක් වශයෙනි. ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත්කළ දත්ත අනුව පෙබරවාරි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය වාර්තා වී…

මෛත්‍රීට නිවසක් දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කරයි

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව අදාළ නිවස ලබාදීම සඳහා 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත…