‘ලංකාවේ ආණ්ඩුව තියෙන ආහාර ටිකත් නැති කරගන්න හදනවා‘ – එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන

ජනගහනයට සරිලන ලෙස ආහාර නිෂ්පාදනය කරන්නේ කෙසේදැයි ලෝක ආහාර සංවිධානය සැලසුම් සැළසුම් හදන විට ලංකාවේ ආණ්ඩුව තිබෙන ආහාර ටිකත් නැතිකර ගැනීමට සැලසුම් හදන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. ආණ්ඩුවේ නොහැකියාව හමුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා ජනතාවට අවබෝධ වී තිබෙන බව කී අබේවර්ධන මහතා වසර දෙකක් ඇතුළත එජාප…

අද කොවිඩ් මරණ 43 යි ; ආසාදිතයින් 1511 යි

කොවිඩ් ආසාදිත මරණ 43 ක් අද දිනයේ වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කවිඩ් මරණ සංඛ්‍යාව 3,870 ක් දක්වා ඉහළ යයි. නව කොවිඩ් ආසාදිතයින් 1,511 ක් ද අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇත. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඒ අනුව සටහන් වන්නේ 287,135 ක් වශයෙනි.

විශ්වාස භංගයේ පිහිටෙන් ආණ්ඩුව තුනෙන් දෙක පෙන්වයි

සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව 61 ට 152 ක් ලෙස පරාජය කරමින් ආණ්ඩු පක්ෂයේ  තුනෙන් දෙකක බලය ප්‍රදර්ශනය කිරීමට ආණ්ඩුවට අද හැකියාව ලැබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරුන් මෙවර ද ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය. මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් තව දුරටත් සමගි ජන…

විශ්වාස භංගය අඥාන තකතීරු මෝඩ වැඩක් – අනුර කුමාර දිසානායක

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව අඥාන තකතීරු මෝඩ වැඩක් බව, ජනතා විමුක්ති පෙරමුණේ නායක , ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. මෙය දේශපාලන තීන්දුවක් බවත් ,  මාධ්‍ය සන්දර්ශයයක් බවත් ඒ අම්ත පැවසීය. බලශක්ති ඇමතිවරයාගේ සහ ආණ්ඩුවේ අයතා …

මාස දහයෙන් විශාල අවුලක් ඇතිකළ ආණ්ඩුවත්, ආණ්ඩුවට එරහිව විශ්වාස භංගයක් ගෙන්න බැහැ කියන විපක්ෂයත් ගිනස් පොතට යා යුතු යි – එජාප නායක රනිල්

මේ ආණ්ඩුව මාස දහයකින් විශාල අවුලක් ඇති කොට තිබෙන බවත්, එය ගිනස් පොතට යන්නට තරම් වන අවුලක් බවත් එබැවින් ආණ්ඩුව ගිනස් පොතට යා යුතු බවත්, එමෙන් ම මෙම ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන්න බැරි විපක්ෂයත් ගිනස් පොතට යා යුතු බවත්, එජාප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ඉන්ධන මිල…

විශ්වාස භංගය ආණ්ඩුවට එරෙහිව හැරවීමේ රනිල්ගේ සංශෝධනයට සජබ විරුද්ධ වෙයි.

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කොට ඇති යෝජනාව ආණ්ඩුවට එරෙහි යෝජනාවක් ලෙස සංශෝධනය කිරීමට එජාප මන්ත්‍රී රනිල වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට සජබය විරුද්ධ බැවින් එය විවාදයට නොගන්නා  බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. විශ්වාස භංගය ඉදිරිපත් කොට ඇත්තේ සමගි ජන බලවේගය නිසා ඔවුන්ගේ එකඟත්වයකින්…

අදත් කොවිඩ් මරණ 48 ක් ; නව ආසාදිතයින් 1464 ක්

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 48 ක් වාර්තා කොට ඇත. ඒ සමග මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,827 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,464 ක් ලෙස වාර්තා වෙයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වාර්තා අනුව සටහන් වන්නේ 286,396 ක් වශයෙනි.

එක රටක්⁣ දෙක නීතියක්  – අනුර සූරියබණ්ඩාර

එක රටක් එක නීතියක් යනු වත්මන් ආණ්ඩුව බලයට ඒමට උපයෝගී කර ගත් සටන් පාඨ අතරින් එකකි .විශේෂයෙන්ම එහිදී උලුප්පා ලනු ලැබුණේ යහ පාලන කාලයේ විවිධ තැනැත්තන් සඳහා නීතිය එක් එක් ආකාරයෙන් ක්‍රියාත්මක වූයේය යන අදහසය .ඒ අනුව වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ පක්ෂ පාට භේදයකින් තොරව සැම⁣ට සමානව නීතිය ක්‍රියාත්මක කරන්නේය යන බලාපොරොත්තුව ජනතාව තුළ…

විශ්වාසභංගය මගහැරීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට තහනම් ! ඉන්ධන මිල අඩු කරන්න බැරි බව බැසිල් කියයි !!

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නා  අද සහ හෙට දින දෙක කොළඹින් පිට වැඩ යොදා නොගෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනා එම යෝජනාව පරාජය කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඊයේ දැනුම් දුන්නේ ය. ආණ්ඩු පක්ෂයේ ඇතැම්…

අද කොවිඩ් මරණ 46 ක් ; නව අසාදිතයින් 1402 ක්

අද දිනයේ වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 46 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,779 ක් ලෙස වාර්තා වී ඇත. අද අලුතෙන් හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,402 ක් ලෙස වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් අසාදිත සංඛ්‍යාව 284,444 ක් ලෙස සටහන්…

සජබ ගෙනා විශ්වාස භංගයට එජාප, දෙමළ සන්ධාන, ජවිපෙ ඡන්ද නැහැ!

  සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති, හෙට විවාදයට ගන්නා  විශ්වාස භංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ, දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ  ඡන්ද නොලැබෙන්නට ඉඩ ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි. මෙම විශ්වාස භංග යෝජනාව සමස්ත ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් නොකර එක් ඇමතිවරයකුට එරෙහිව පමණක් ඉදිරිපත් කිරීමත්,…

ගම්මන්පිලගේ විශ්වාසභංගය ගැන තීරණ ගන්න ජනාධිපති අද හවස මන්ත්‍රී කණ්ඩායම හමුවෙයි

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාව ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට උපදෙස් දීම සඳහා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපතිතුමා විසින් අද සවස කැඳවනු ලැබ ඇත. අද සවස 6.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත ය. විශ්වාස භංගයට විරුද්ධව චන්දය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත්…