අගමැතිගේ මැදිහත්වීමත් අසාර්ථකයි ; ගුරු සටන දිගට ම – වෘත්තීය සමිති තීන්දු කරයි.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ පැවති රැස්වීමේ දී ඉදිරිපත් කළ විසඳුම් නොපිළිගෙන දිගට ම තම සටන කරගෙන යාමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද තීරණය කළේ ය. මෙම ගැටළුවට අදියර දෙකකින් විසඳුම් දීමට අගමැති මහින්ද රාජපක්ෂන් මහතා ඊයේ යෝජනා කළේ ය. මීට පෙර ඇමති අනු කමිටුවකින් තීරණය කළේ ප්‍රශ්නයට අදියර හතරකින්…

ගොවි ගැටලුව උග්‍රයි ; බලන් ඉන්න බැහැ – පොහොට්ටු මන්ත්‍රීවරු 40 ක් ජනපතිට ලියති

රසායනික පොහොර තහනම් කිරීම නිසා ගොවිතැන සහ ගොවි ජනය විශාල අර්බුදයකට මුහුණ දී සිටින බවත්, එය ඉතා දරුණු තත්ත්වයට පත්ව ඇති බවත් කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40 ක් පම අත්සන් කොට ජනාධිපතිතුමාට ලිපියක් භාර දුන් බව එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා කියයි. මේ ගැන කරුණු දැක්වීමට සාකච්ඡාවක් ලබා ගෙන…

“තමන් අසාර්ථක බව ජනාධිපති කිව්වේ නැහැ” – කැබිනට් ප්‍රකාශක, මාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම

ඇතැම් ජන මාධ්‍ය වාර්තා කර ඇති පරිදි, තමන් අසාර්ථක වී ඇති බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඇමති මණ්ඩලයට නොකී බව ජනමාධ්‍ය ඇමති, කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, තමන් බලයට පත් කළ හැට නව ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය අපොහොසත් වී ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව…

1000 ක මල්ලක් නැතිව සතොසෙන් කහ ගන්න බෑ

සතොස මගින් කහ කුඩු අලෙවි කෙරෙන බව සදහන් වූවද කහ කුඩු ග්‍රෑම් සීයක් මිලදී ගැනීමට රුපියල් දහසක ද්‍රව්‍ය ලබා ගත යුතු බවත් ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳහල්වල මේ දිනවල කහකුඩු මිලදී ගැනීමට නොමැති බවත් පාරිභෝගිකයින් පවසති. මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ කහ කුඩු ග්‍රෑම් සීයක් රුපියල් 200 ක මිලකට අලෙවි කිරීමට ලැබුනු අතර රුපියල් දහසක…

අදත් කොවිඩ් මරණ 23 යි ; ආසාදිතයින් 671 යි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 23 ක් සහ නව කොවිඩ් ආසාදිතයින් 671 ක් රජය අද දිනයේ නිවේදනය කළේ ය. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,377 ක් ලෙස සටහන් වී ඇත. මෙරටින් වාරතා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 527,735 ක් වශයෙනි.

මිලින්ද මොරගොඩගේ, නිවාඩ් කබ්රාල්ගේ ” කැබිනට් ” සිහින බිඳ වැටේ

කිසිදු තානාපති සේවා නිලධාරියකු හෝ රජය නිලධාරියකු හෝ කැබිනට් මට්ටමේ නිලධාරියකු ලෙස පත්කොට නැති බව කැබිනට් කාර්යාලය ප්‍රකාශ කොට ඇත. එමෙන් ම එබඳු පත්කිරීම් සඳහා ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා නැති බව ද එම කාර්යාලය කියයි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ සන්ඩේ ටයිම්ස් පුවත්පත ඉදිරිපත් කළ විමසුමකට පිළිතුරු සපයමින් කැබිනට් කාර්යාලයේ තොරතුරු නිලධාරී ඩබ්ලිව් කේ වීරවර්ධන මහතා…

කොවිඩ් වාර්තා තව පහළට ; අද මරණ 23 යි ; නව ආසාදිතයින් 681 යි

රජයේ නිලන්නිවෙදන අනුව අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 23 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 681 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 13,854 ක් වශයෙනි. මෙරට දී හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 527,064 ක් ලෙස සටහන් වී ඇත. කොවිඩ් රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යා මෙලෙස අඩු…

ඛනිජ තෙල් මිලත් ඉහළට

  පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා රජයෙට ඉල්ලීමක් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය. මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක් ,ඩීසල්වලින් රුපියල් 31.46ක පාඩුවක් ලබන බව කී සභාපතිවරයා අගෝස්තු 31 වනදා වන විට රුපියල් බිලියන 70ක පාඩුවක් සංස්ථාව ලබා ඇතැයි ද…

බත් පැකට් එක, තේ කෝප්පය රුපියල් 10 කින් ඉහළට

බත් පාර්සලයක සහ කිරි තේ එකක මිල රුපියල් දහය බැගින් මිල වැඩි කිරීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කොට ඇත. ෆ්‍රයිඩ් රයිස් , කොත්තු, සහ වෙනත් ආහාර මිල ද එම ප්‍රමාණයෙන් ම ඉහළ දමා තිබේ. ගෑස් මිල වැඩිවීමත් සමග මෙම මිල ඉහළ දැමීමේ තීරණය ගෙන තිබේ. සහල්, සීනි මිල ද පසුගිය කාලයේ වැඩි…

පාන් පිටි මිල රුපියල් 10 කින් ඉහළට ; පාන් මිලත් රුපියල් 5 කින් ඉහළට

පාන් පිටි කිලෝවක මිල රුපියල් 10 කින් වැඩි කිරීමට ප්‍රීම සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන ඇත. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පිටි මිල වන්නේ කිලෝවක් රුපියල් 98 කි. පාලන මිල ඉවත් කිරීමත් සමග මෙම මිල වැඩි කිරීම සිදුකොට තිබේ. මෙලෙස පිටි මිල වැඩි වීමත් සමග පාන් මිල ද රුපියල් 5 කින් වැඩිවනු ඇති බව…

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඉහළට ; නව මිල රුපියල් 1098 යි

සිමෙන්ති කොට්ටයක විකුණුම් මිල රුපියල් 93 කින් වැඩි කරන බව සිමෙන්ති නිෂ්පාදක සමාගම් නිවේදනය කොට ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව විකුණුම් ලිල වන්නේ රුපියල් 1,098 කි. මෙම මිල අද සිට ක්‍රියාත්මක වෙයි.

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1257 කින් මිල වැඩිකෙරේ

රජයට අයත් ලිට්‍රෝ සමාගම සිය  කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් වැඩිකර තිබේ. එහි නව මිල වන්නේ රුපියල් 2,750කි. එසේම කිලෝ 5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, කිලෝ 5 ගෑස්  සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර,…