අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ දහතුනකගෙන් ජනපතිට ලිපියක්

  රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා කොටුව ජනාධිපති මන්දිරයේදී පෙරදා (19) හමුවී මේ සම්බන්ධයෙන් ලිපියක් ද බාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. පොදුජන පෙරමුණෙන් අගමැතිවරයකු හා ,සියලු පක්ෂ නියෝජනය වන…

විපක්ෂ නායක කියන්නේ ටොන් පච- කතානායක

  පක්ෂ නායකයන් කිව්වොත් ජනපති ඉවත්වීමට සූදානම් යැයි තමා කීවෙි නැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. තමා එවැනි කතාවක් කීවේ යැයි සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් මාධ්‍යයේ යන බව කී කතානායක වරයා එය අසත්‍යක් බව ද සඳහන් කළේය. “113ක් ආවොත් ආණ්ඩුව දෙන්න සූදානම් බවයි ජනාධිපතිතුමා පැවසුවේ.ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කියන්න පාර්ලිමේන්තුවේ…

ආණ්ඩුවට සහය දුන් තව තිදෙනකු විපක්ෂයට

මෙතෙක් ආණ්ඩුවට සහාය පළ කරමින් සිටි තවත් මන්ත්‍රීවරුන් තිදෙනකු තව දුරටත් රජයට සහය නොදෙන බව අද ප්‍රකාශ කොට ඇත. ෆයිසල් කාසිම්, එම් එස් තවුෆීක්, සහ ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරුන් මෙලෙස රජයට සහය දීමෙන් ඉවත් වී තිබේ. තවත් මන්ත්‍රීවරුන් ගණනාවක් ස්වාධින වීමට සාකච්ඡා කරමින් සිටින බව ද අපගේ ආරංචි මාර්ග කියයි

ජනපතිට යන්නැයි විපක්ෂය දන්වයි

  පක්ෂ නායකයන් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවනම් ජනාධිපති ඊට සූදානම් බව ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී කිව්වා. විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව ඒ යෝජනාව කරන්න සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රඹුක්කන ඇතිවූ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය. “විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කීප දෙනෙකුගෙන් යුතු පරීක්ෂණ මණ්ඩලයක් අපට අවශ්‍යයි….

අද කොවිඩ් වාර්තා ; මරණ එකයි. නව ආසාදිතයින් 33 යි

  තවත් කොවිඩ් මරණයක් අද දීනය තුළ තහවුරු කරනු ලැබ ඇති අතර අලුතින් හඳුනානාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති සංඛ්‍යාව 33 කි. ඒ අනුව මෙරටින් වාර්තා  වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 16,496 ක් වශයෙනි . මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 662.945 ක් වශයෙනි.

ගොටාභය බලයේ ඉන්න මිනී මැරීම අරඹයි ; රඹුක්කන විරෝධතාකරුවෙක් වෙඩි තබා මරා දමයි

බලයෙන් ඉවත්වන ලෙස මුළු රටේ ම ජනයාගෙන් විරෝධතා එල්ල වී ඇති ගොටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටීම සඳහා ජනතා මර්දනය අරඹමින් රඹුක්කන ප්‍රදේශයේ දී විරෝධතා දක්වුවකු අද වෙඩි තබා මර දමනු ලැබී ය. මෙහි දී විරෝධතාකරුවන්ට පොලිසිය කළ වෙඩි තැබීමේ මේ වන විට එක් අයකු මියගොස් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

එජාපයේ මිල සුත්‍රය යළි එයි ; විදුලියටත් මිල සුත්‍රයක්

  ඉන්ධන සඳහා මිල සුත්‍රයක් යළි හඳුන්වා දීමට ක්‍රියා කරන බවත්, විදුලිය සඳහා ද නිෂ්පාදන වියදම අනුව මිල නියම කරන ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. දින 52 ආණ්ඩුවෙන් පසු පැවති එජාප ආණ්ඩු සමයේ හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් ඉන්ධන මිල සුත්‍රය…

බස් ගාස්තු සියයට 35 කින් නගී ; අවම ගාස්තුව රුපියල් 27 යි

  සියලු බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වන බව ලංකා පෞද්ගලික බස් ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව සාමාන්‍ය බස් රථ සඳහා අවම ගාස්තුව රුපියල් 27 කි. අර්ධ සුඛෝපභෝගී බස්රථ සඳහා රුපියල් 33 ක් සහ සොඛෝපභෝගී බස් රථ සඳහා රුපියල් 40 ක් වශයෙන් අවම ගාස්තු නියම කොට ඇත. සියලු…

තිරිඟු පිටි කිලෝව රුපියල් 250 ට , පාන් ගෙඩිය 130 ට නගී

  ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව තිරිගු පිටි කිලෝවක් රුපියල් 250 දක්වා ඉහළ යයි. සෙරෙන්ඩිබ් සමාගම ද මිල වැඩිකරන බව අලෙවි නියෝජිතයින් වෙත දන්වා තිබේ. මෙම මිල වැඩි කිරීමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 20 කින් ඉහළ යන බව බේකරි හිමියන්ගේ සංගම් ප්‍රකාශ කොට තිබේ….

19 වැනි සංශෝධනයට ආපසු යන්න යෝජනා කරනවා – අගමැති මහින්ද පාර්ලිමේන්තුවට කියයි

  වත්මන් දේශපාලන අර්බුදයට ඉක්මන් විසඳුමක් ලෙස අත්‍යවශ්‍ය සංශෝධන සහිතව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට යෝජනා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය. ඉන් පසුව වඩා විධිමත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතු බව අගමැති තුමා කීය. 19 සංශෝධනය ක්‍රියාත්මක කළ හොත් ජනාධිපතිට 20 වැනි සංශෝධනයෙන් ලබා දුන්…

සංස්ථා තෙල් මිලත් ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද තම තෙල්  මිල ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල ගණන් මෙසේ ය. පෙට්‍රල් 92 රුපියල් 338 යි. පෙට්‍රල් 95 රුපියල් 373 යි. ඔටෝ ඩීසල් රුපියල් 298 යි සුපර ඩීසල් රුපියල් 329 යි මෙම මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කොට ඇත.

නව ඇමති මණ්ඩලය පත් කිරීමෙන් ආණ්ඩුවේ අලුත් ගැටුමක් ; තව පිරිසක් ස්වාධින වන ලකුණු

  නව ඇමති මණ්ඩලය පත් කර ඇති ආකාරය ගැන ආණ්ඩුවේ හිටපු ජෙෂ්ට ඇමතිවරුන් ගණනාවක් විරෝධය ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි. හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අනුරාධපුරයේ දී මාධ්‍ය අමතා අද ප්‍රකාශ කොට ඇත්තේ නව ඇමති මණ්ඩලය පත් කිරීමේ දී තමන් රැවටීමකට ලක් කොට ඇති බවයි. අලුතින් ඇමති මණ්ඩලයක්  පත් කිරීමට ජනාධිපතිට අවශ්‍ය බව…