කොච්චිකඩේ පල්ලියේ මරාගෙන මැරුණු බෝම්බකරුගේ විස්තර පියා හෙළි කරයි

පසුගිය මස 21 වන දින පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළා යැයි සැලකෙන අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තා සම්බන්ධ වැඩි දුර විස්තර ඔහුගේ පියා විසින් ඊයේ (14) පැවත් මරණ පරීක්ෂණයේ දී හෙළිකරන ලදී.   කොළඹ ප්‍රදේශයේ ප්‍රකට ප්ලාස්ටික් බඩු කර්මාන්ත ශාලාවක හිමිකරුවකුගේ පුතකුවන මුවාත් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ හතර වැනියා බවත්…

පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකරන්න – ජාතික විද්වත් සංවිධානය මාධ්‍ය නිවේදනයක් මගින් ඉල්ලා සිටියි

ඉස්ලාමීය අන්තවාදීන් විසින් පාස්කු ඉරු දින සිදුකරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයන් හේතුකොට ගෙන අන්ත ජාතිවාදී කණ්ඩායම් විසින් පොදු මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුකෙරන සියලු එදිරිවාදිකම් සහ ඔවුන්ගේ දේපලවලට හානි සිදු කරීම වැනි සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට නොපමාව ක්‍රියාකාරීව මැදිහත් වන ලෙස ජාතික විද්වත් සංවිධානය රජයෙන් සහ සියලු ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටී. අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ…

මැයි 20 දා රජයේ නිවාඩුවක් වෙයි

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18) දින යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කළ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර…

මුල්‍ය අරමුදල ඩොලර් මිලියන 164ක් ලබාදෙයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්  ඊට අදාළ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අවසන් වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164යි දශම එකක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතය. තුන් අවුරුදු ව්‍යාපෘතියක් යටතේ 2016 වසරේ ජුනි මස 03…

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම අයිතිවාසිකම්වලට ගෞරව කරමින් සියලු දෙනාට සමානව සලකන්න – එ.ජා කාර්යාලයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ එකමුතුව සහ ප්‍රජාවන් අතර විශ්වාසය නැවත ගොඩ නැගීමට කාලය එළැඹ ඇතැයි ද ඒ සඳහා දේශපාලනඥයන්, ආරක්ෂක අංශ සහ ප්‍රජා නායකයන් ඇතුළු සෑම සියලු දෙනාම එක්සත්ව කටයුතු කළ යුතු යැයි ද මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජාති ආගම් භේදයකින් තොරව සෑම ශ්‍රී ලාංකිකයකුගේම ආරක්ෂාව සහ ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම…

මහසෝන් බලකායේ ප්‍රධානියාත් අත් අඩංගුවට

මහසෝන් බලකායේ ප්‍රධානියා වන අමිත් වීරසිංහ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලබා ඇත . තෙල්දෙනියෙදී ඔහු  අත් අඩංගුවටගෙන ඇත්තේ ප්‍රහාරක කල්ලි මෙහෙයවමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමේ චෝදනාව මතය .

ප්‍රහාරක කල්ලියට සම්බන්ද යයි නාමල් කුමාර අත්අඩංගුවට

වයඹ පළාතේ මුස්ලිම් කඩවලට සහ පල්ලිවලට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ද යයි කියන නාමල් කුමාර වරකාපොලදී අත්අඩංගුවට ගෙන ඇත . දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියාගන්න මොහු පසුගිය දිනවල මිනුවන්ගොඩ හා හෙට්ටිපොල ප්‍රහාර සිදුකිරීමට සම්බන්ද වී සිටි බවට තොරතුරු ලැබී ඇත . ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන රටට කියූ නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවකු ලෙස සේවය කොට ඇති…

පහරදීම් ගැන බිංගිරිය පොලිසියෙන් ඇල්ලූ සැකකරුවන් 6 දෙනාව දයාසිරි නිදහස් කරවලා

වයඹ පළාත තුළ නොසන්සුන්කාරී තත්වයක් ඇති කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවීමේ චෝදනාව යටතේ බිංගිරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 06 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් පොලිස් ඇප මත නිදහස් කරවාගෙන ගොස් ඇති බව වාර්තා වේ. පෙරේදා (12) රාත්‍රියේ දී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් පිරිස බිංගිරිය…

මිනුවන්ගොඩ කලබලයට 13 ක් අත්අඩංගුවේ

මිනුවන්ගොඩ නගරයේ වෙළඳසැල් කිහිපයකට පහරදී අලාභ හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 13දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර  උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. කඩාකප්පල්කාරීව මිනුවන්ගොඩ නගරයට කඩා වැදුණු එම පිරිස විසිරුවා හැරීමට පොලිසිය එහි ගොස් කටයුතු කළේය. බිමල් ශ්‍යාමන් ජයසිංහ – ලංකාදීප

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය එයි

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි. මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර තිබේ. එම සංවිධාන තුන පහත දැක්වේ. 1. නැෂනල් තවුහීත් ජමාත් (එන් ටී ජේ) 2. ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම්…

සාමය කඩකරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්න ආරක්‍ෂක අංශවලට සම්පූර්ණ බලතල දුන්නා – අගමැති රනිල් වික්‍රමසිංහ

රටේ සාමය කඩන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ටත් එරෙහිව  දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත  පවරා දී තිබෙන බවත්, නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගනු ඇති  බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.අගමැතිවරයා මේ බව ප්‍රකාශය කළේ  රටේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. එම විශේෂ ප්‍රකාශය…

වයඹට පමණක් ඇඳිරිය දිගටම

ඊයේ රාත්‍රියේ රටපුරා ක්‍රියාත්මක කළ පොලිස් ඇඳිරි නීතිය මේ වනවිට ඉවත්කොට ඇති අතර වයඹට පලාතට  පමණක් එය  දිගටම ක්‍රියාත්මක බව පොලිසිය නිවේදනය කරයි . රටේ විවිධ ස්ථානවලින් සුළු ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා වුවද බරපතල සිදුවීම් වාර්තා නොවන බවද පොලිසිය වැඩිදුරටත් කියයි .