වැඩබලන ඇමතිවරු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි – අගමැති රනිල් ජනාධිපතිට ලියයි

මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.අගමැතිවරයා එම ලිපිය ජනාධිපතිවරයා වෙත පෙරේදා  (11) යවා ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.රවුෆ් හකීම්,රිෂාඩ් බදියුදීන් ,කබීර් හෂීම් සහ අබ්දුල් හලීම්…

සහරාන් කල්ලියේ සන්නද්ධ නායකයා ගේන්න සීඅයිඩීය සවුදි යයි

සවුදි පොලිස් අත්අඩංගුවේ සිටින සහරාන්ගේ අන්තවාදී කල්ලියේ සන්නද්ධ අංශ නායකයාව මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් සවුදිය බලා පෙරේදා (11) පිටත්ව ගොස් තිබේ. මොහොමඩ් මිල්හාන් නොහොත් අබු සීලන් නමැති එම සන්නද්ධ අංශ නායකයා මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට සූදානම්ව සිටියෙකි. 2018 වසරේ නොවැම්බර් 30 වෙනිදා මඩකළපුව වව්නතිව් හී පොලිස් මුරපොලක සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට…

ගෝඨාභය රාජපක්ෂ SLTJ එකත් එක්ක ළඟින් වැඩ කළා. ඔය කාලේ තමයි මාව ඇරස්ට් කළේ – බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි

“ගෝඨාභය රාජපක්ෂ SLTJ එකත් එක්ක ළඟින් වැඩ කළා. ඔය කාලේ තමයි මාව ඇරස්ට් කළේ. බුද්ධි නිලධාරීන් මාව රෑට ඇවිත් හමු වුනා. මිලියන 500ක් ඔෆර් කළා ” බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය . ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳව “හිටපු ආරක්ෂක ලේකම්වරුන් 05 දෙනාටම” වාචිකව සහ…

මහින්දානන්දට එරෙහිව ත්‍රිපුද්ගල මහධිකරණය හමුවේ නඩු

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි හතරකට අධික මුදලක් වැයකර විදේශීය රටකින් ආනයනය කළ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු අරමුණු කරගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අල්ලස් කොමිසමට අවසර…

හිස්බුල්ලාට අගමැතිගෙන් තරවටුවක්

රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම් වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවටත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.ඔහු එම ප්‍රකාශය නොකළා යැයි මෙතෙක් ප්‍රතික්ෂේප කර නැති බව කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයෙක් නම් පවතින තත්ත්වය තේරුම්ගෙන බහුතරය කවුද ?…

තව IS ත්‍රස්ත පහක් ගැන ඉන්දියාවෙන් දැනුම්දීමක්

ඉස්ලාමික ත්‍රස්තවාදී අයි.එස්. සමඟ සම්බන්ධතා පවත්වන ලදැයි සැක ‍කෙ‍රෙන ශ්‍රී ලාංකිකයන් පස්‍දෙ‍නෙකු‍ගේ දුරකථන අංක පිළිබඳ ‍තොරතුරු ඉන්දියාව විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත ලබාදී  ති‍බේ. පාස්කු ඉරිදා ‍බෝම්බ පිපිරුමට සම්බන්ධ ශ්‍රී ලාංකික පවුල් ‍දෙකක් හා ඉන්දියානු ජාතිකයන් කිහිප ‍දෙ‍නෙකු අතර ඇතිවූ දුරකථන ඇමතුම් ඇතුළත් විස්තර ද ‍මේ සමඟ ලබා දී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර…

ලංකා ස‍තොස විමල් වීරවංශගෙන් බිලියනයක වන්දියක් ඉල්ලයි

ස‍තොස ආයත‍න‍යේ වාහන ත්‍රස්තවාදී කටයුතු සඳහා ‍යොදාගත් බවට පාර්ලි‍මේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව ලංකා ස‍තොස ලිමිටඩ් ආයතනය විසින් නිකුත් කරන ලද නි‍වේදනයක් මගින් කියා සිටියි. විමල් වීරවංශ මන්ත්‍රී වරයා‍ගේ ප්‍රකාශ‍යෙන් ස‍තොස ආයතන‍යේ කීර්ති නාමයට මහත් හානියක් සිදු වූ බව සඳහන් කරමින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා ස‍තොස ආයතනය මන්ත්‍රි වරයාට එන්තර…

රජයේ ආයතන 10 ක් මහජන බදු මුදලින් යැපීම නතර කර ගැනීමට පියවර

මේ වන විට  මහා භාණ්ඩාගාරයට බරක්ව පවතින රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා වන සාමූහික අභිලාශ ගිවිසුමකට අත්සන් කර තිබේ.ඒ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මිල්කෝ සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය රාජ්‍ය දැව සංස්ථාව,පතල් හා කැණීම් කාර්යාංශය, ලංකා සතොස ආයතනය රාජ්‍ය වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි…

ලෝක වෙළෙඳ පොළේ එදිනෙදා තෙල් මිල අපේ සුත්‍රයට නෑ

මිල සුත්‍රය අනුව තෙල් මිල ගණනය කරන්නේ ලෝක වෙළෙඳ පොළේ එදිනෙදා පවතින  තෙල් මිල අනුව නොව මේ වන විට ගෙන්වා හෝ ඇනවුම් කොට ඇති හෝ තෙල්වල මිල ගණන් අනුව බව කියති . මේ බව හෙළිදරවු වුයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වී තබියදී මෙරට මිල අඩු නොවීම පිළිබඳව අප කළ සොයා බලීමකදීය . ලෝක වෙළෙඳ…

ජනාධිපති තව අවුලක් හදයි – අද කැබිනට් රැස්වීම නෑ

සෑම අගහරුව දිනකම නිතිපත පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම අද දින නොපැවැත්වෙන බව වාර්තා වෙයි . පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වැඩ කටයුතු නවත්වන තෙක් තම කැබිනට් රැස්වීම්වලට නොඑන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා කැදවූ හදිසි කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළේය . කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්වීම නිසා රජයේ වැඩ කටයුතු පිලිබඳ…

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඛණ්ඩව.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට එම කාරක සභාව තීරණය කර තිබේ. තේරීම් කාරක සභාව පැවැත්වූ දින කිහිපය තුළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම ඒ සම්බන්ධයෙන් වගකීම් පැහැරහැර ඇති පුද්ගලයන් පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය වීමත් සමග එය දිගටම පවත්වාගෙන යෑමේ තීරණය තේරීම් කාරක සභාව ගෙන ඇත. මෙම…

වැඩ බලන අමාත්‍යවරුන් පත් කෙරේ

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් වෙනුවට වැඩ බලන අමාත්‍යවරුන් අද දිනයේ පත් කර තිබේ. ඒ අනුව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. මීට අමතරව…