|

“චීනෙන් ඇවිදින් අපගේ ණය ගෙවන්න…” – කල් ඇවිදින් ඒ සිහිනෙන් අවදිවන්න – ධනනාත් ප්‍රනාන්දු

  මෙරට ආර්ථික අර්බුදය නැවත ලෝකය හමුවේ සනාථ විය. මෑතක් වෙන තෙක්ම විවිධ දේශපාලන කඳවුරු අපේ ආර්ථික අර්බුදය ඔවුන් කැමැති ලෙස නිර්වචනය කළා මිස සැබවින්ම එහි යථා ස්වභාවය පැහැදිලි කළේ නැත. ඇතැමුන් ප්‍රශ්න කළේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතයට ණය ප්‍රතිශතය (Debt to GDP ‘Ratio) වැඩි වුණාම මොකද වෙන්නේ? ජපානෙත් වැඩියිනෙ… මුදල් අච්චු ගැහුවම මොකද වෙන්නේ නූතන මුදල්…

  ප්‍රමිතියක් නැති ආණ්ඩුව – අනුර සූරියබණ්ඩාර 

ශ්‍රී ලංකාවේ මුහුදේ දිගු කලක් කරක්ගසමින් සිටි පොහොර නැව හැරී ගොස් ඇති නමුත් ප්‍රශ්නය කෙළවර වී නැත. දැන් ආණ්ඩුවේ සූදානම පොහොර තොගයට ඩොලර් මිලියන 6.7ක් වන්දි ගෙවන්නටය. මෙකී වන්දිය ඩොලර් වලින් ගෙවන්නට ආණ්ඩුව සූදානම් වන්නේ ,  ඩොලර් මිලියන 200ක් නොමැතිව ආහාර ඇතුළු  අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් 1500ක් වරායේ හිරවී ඇතැයි පැවසෙන වටපිටාවකය. ආණ්ඩුව නියෝජනය කරන…

දොස්තර ශාෆිගේ පඩි නොගෙවීමේ ඇත්ත කතාව – අජිත් පැරකුම් ජයසිංහ

දොස්තර ශාෆි නැවත සේවයේ පිහිටුවීම හා අනිවාර්ය නිවාඩු කාලසීමාව තුළ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය පහත දැක්වේ. එහි ඔහු පවසන්නේ අනිවාර්ය නිවාඩු ගන්වන ලද නිලධාරියකු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබියදීත්, එකී කාලය සම්බන්ධයෙන් වැටුප් නොගෙවීම පිළිබඳ හේතු දක්වන ලෙසයි….

|

ඩොලර් අර්බුදයට හුවමාරුව පිළියමක්ද? – ආචාර්ය නිමල් සඳරත්න

මුදල් හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමටත් අත්‍යවශ්‍ය ආනයන සඳහා වෙළෙඳ ණයක් ලබාදීමටත් ඉන්දියාව එකඟතාව පළ කර ඇත් ද?  ඉන්දියාවෙන් ඉල්ලා ඇති ආධාරවලට අවශ්‍ය කටයුතු තවමත් අවසන් කර නොමැති බවක් පෙනෙන්නට තිබේ. රටේ විදේශ (බාහිර) මූල්‍ය දරුණු අර්බුදයකට මුහුණ දී තිබෙන නිසාත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට රට ට ඇති නොහැකියාව නිසාත් ඉන්දියාවේ ආධාරය ඉතා වැදගත් වේ. කෙසේ…

|

විදුලි පද්ධතියේ දෝෂ දැන සිටියත් කිසිවක් කළේ නැහැ ; රාජ්‍ය ආයතනවල තත්ත්වය ඒකයි – මහාචාර්ය රොහාන් සමරජීව

  රට පුරා විදුලිය බිඳ වැටීම ඉතාම අසාමාන්‍ය තත්ත්වයක් බවත්, එයට හේතු වූ බියගම මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෝෂය විදුලි බල මණ්ඩලයට පිටස්තරයකු වන තමා පවා දැන සිටි බවත්, 2016 -17 කාලයේ තමන් ඒ ගැන ලියා ඇති බවත්, විදුලි බලයට සම්බන්ධ අය එය හොඳින් ම දැන සිටියත් කිසිවක් නොකළ බවත්, රාජ්‍ය ආයතනයක් වීමේ ප්‍රශ්නය එයින් ම පෙනී…

|

ආර්ථිකයේ ව්‍යාධියට එකම බේත – මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ

රට සතු දෙස් විදෙස් ණය, බරපතළ ආර්ථීක අර්බුද රැසකට හේතුවී තිබේ. මේ ඒ පිළිබඳ විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. මහාචාර්ය කොළඹගේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකි. ණය අර්බුදය සහ ඊට කළ යුතු පිළියම් ඒ ආර්ථික විද්‍යාඥයා මෙසේ දකියි. ලංකා ආර්ථිකය මුහුණ දී…

|

සල්ලි දීල ගත්තහම මනුස්සකම වැඩි වෙන්නේ කොහොමඳ? – ධනනාත් ප්‍රනාන්දු

  ශ්‍රමයෙහි සහ වැටුපෙහි ඇති ආර්ථික විද්‍යාව දිනක් ඉතාම නවීන මෝටර් රථයක් නවතා තිබෙන තැනක සිටි මැදි ආදායම් ලබන පුද්ගලයෙක් නවීන මෝටර් රථයක් දෙස බලමින් “බලන්න මේ වාහනය ගත්තු කෙනා කොච්චර ආත්මාර්ථකාමීද? මේ වාහනය ගත්තු සල්ලිවලින් සල්ලි නැති මිනිස්සු කී දෙනෙක්ට බෙදල දෙන්න තිබුණද? කෑම වේල් කීයක් නං දෙන්න තිබුණද’’ කියමින් සිටියේලු. සරල භාෂාවෙන් පවසනවා නම් හූ සිට ඇත්තේය හූල්ලමින්ය….

|

ඩොලර් අර්බුදයේ පිපිරීම – ආචාර්ය හර්ෂ ද සිල්වා

නිදහසින් පසු මුහුණ දෙන අභියෝගාත්මකම ආර්ථික අර්බුදයට අද අපි මුහුණ දෙමින් සිටින්නෙමු. ප්‍රශ්නයට නිසි පිළිතුරක් දීමට ආණ්ඩුව අසමත් වුවොත් ආර්ථික අර්බුදයෙන් සමාජ අර්බුදයකට ගමන් කිරීමේ ඉඩ කඩ ද තිබේ. ජීවත්වීම බරපතළ ප්‍රශ්නයකි. ජනතාවගේ ඇඟට එය තදින්ම දැනෙමින් තිබේ. එයට කිසිදු බේදයක් නැත. ආණ්ඩුව විසින් නිර්මාණය කරනු ලැබූ අර්බුදයකට කෘෂිකර්මාන්තයේ නියුතු පිරිස ඇද දමා තිබේ. තීන්දු,…

ආගමික උන්මාදය හා බිලි පූජා – පකිස්තානයෙන් උගත යුතු පාඩම් – නිශාන්ත කමලදාස

සෑම මිනිසෙකු තුළ දෙවියෙකු ද යකෙකු ද ජීවත් වෙතැයි කියමනක් තිබේ. තමන්ට පමණක් නොව අනුන්ට ද ඒ දෙවියා හෝ යකා අවදි කරවිය හැකි ය. එකෙක් අවදි වන්නේ අනෙකා නින්දට යවමින් නිසා අපට මේ දෙදෙනා එකවර මුණ ගැසෙන්නේ නැත. පකිස්ථානයේ මේ නොබෝදා ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත් කරමින් අවදි වූයේ ඒ යකා ය. පුදුමයට කරුණ නම් යකා…

|

කාබනික පොහොර ඉලක්ක ඉටුකරයිද? – බතලගොඩ වී පර් යේෂණායතනයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය එම්.පී. ධනපාල

වී ගොවිතැනත් එළවළු සහ තේ වගාවත් ඉතිහාසයේ කවරදාකවත් නොවූ අර්බුදයක වැටී සිටියි. ඊට ප්‍රධාන හේතුවවී තිබෙන්නේ රසායනික පොහොර තහනම් කිරීමය. මේ වනවිට ඒ තහනම ඉවත් කර තිබුණද ඒ තහනම නිසා නිසි කල වගා ආරම්භ කිරීමට අපේ ගොවින්ට නොහැකි විය. ඒ නිසා එළඹෙන පෙබරවාරි හා මාර්තු මාසවලදී රට ආහාර අහේනියකට ඇද වැටෙන බව ගොවියෝත් කෘෂි විද්‍යාඥයෝත්…

කුස්සියේ බෝම්බය – අනුර සූරියබණ්ඩාර 

මේ ලියන දිනයේ මේ මොහොත වන විට රට පුරා ගෑස් පිපිරුම් දහයක් සිදුව ඇති බව ප්‍රවෘත්ති ප්‍රකාශ වල සඳහන් වේ. ගෑස් පිපිරුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ  අදහස් දක්වමින් නොවැම්බර් 29 දින රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න කීවේ,  2015 සිට ගෑස් සිදුවීම් 233ක් වාර්තාවී ඇති බවය. ගෑස් නියාමනය විවිධ ආයතන වලට පැවරී ඇති නමුත් ඒ කිසිම රාජ්‍ය ආයතනයක් වගකීම…

|

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් මන්දෝත්සාහී කරන මෙරට ඡන්ද ක්‍රමය – අනුර කේ එදිරිසූරිය .

ඔහු නමින් සමන් රත්නායක . වයස අවුරුදු 54 කි . උපතින් ම පූර්ණ දෘශ්‍යාබාධිත  ඔහුට පසුගිය මැතිවරණ තුනේදී එනම් , ප්‍රාදේශීය සභා මැතිවරණය , ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේ දී  සිය ඡන්දය භාවිත කරන්නට නො හැකි විය .  හේතුව  ඡන්ද මධ්‍යස්ථානය වෙත ඔහු කැටුව යාමට කිසිවකු ඉදිරිපත් නොවීමය . 2012 නිවාස සහ ජනගහන සංගණනය අනුව සමන්…