ආණ්ඩුව තුළ සංහිඳියාව – භාතිය බරුකන්ද
ලංකාවේ දේශපාලනඥයන්, සිවිල් සමාජය හා උගතුන් ඇතුළු විවිධ පාර්ශ්ව පසුගිය දශක කිහිපයක් පුරා “සංහිඳියාව” කියන වචනය භාවිත කළා. එහිදී සංහිඳියාවේ කේන්ද්‍රිය අවධානය යොමු වුණේ ‘ජනවාර්ගික සංහිඳියාව’ ගොඩනැගීම කෙරෙහියි. උතුරේ බෙදුම්වාදී සංවිධාන සමග දීර්ඝ කාලයක් පුරා පැවැති ගැටුම් හමුවේ ජනවාර්ගික සංහිඳියාව බිහි කිරීමේ කාර්ය නිෂ්ඵල ප්රයත්නයක් වුවත් 2009 දී කොටි සංවිධානය පරාජයට පත් කිරීම සමග යළිත්…
