රසායනික කාබනික තිත්ත ඇත්ත – මහාචාර්ය බුද්ධි මාරඹේ

ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුගත කිරීමේදී කෘෂිකර්මය පිළිබඳ සාකච්ඡාවේදී සෞභාග්‍යයේ දැක්ම සම්බන්ධයෙන් අපට සතුටු විය හැකිය. ඒ කාබනික ද්‍රව්‍ය යෙදීම හරහා දීර්ඝකාලීනව කාබනික කෘෂිකර්මයට බර තැබීම ගැන එහි පැහැදිලිව සඳහන්වීම පැත්තෙනි. දේශගුණික විපර්යාසවලට තිරසර විසඳුම් සෙවීම සඳහා හරිත සමාජ ආර්ථික රටාවක් නිර්මාණය කිරීම නමැති සංකල්පය මගින් 2021 අප්‍රේල් 27 පැවැති කැබිනට් හමුවේදී කාරණා විස්සකින් යුතුව සාකච්ඡාවක්…

විශ්වකර්ම යුරියා ගැන ඇත්ත සහ බොරු – ආචාර්ය නිමල් රාජපක්ෂ

  ‘යූරියා  යනු ස්වාභාවිකව ජනිත වූ ‘විශ්වකර්‍ම’ අණුවකි.  ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත     කිරීමය. ඒ නිසා, යූරියා ඉතා විශාල ප්‍රමාණයක් ලෝකය පුරා කෘත්‍රිමව නිපදවේ. මෑතක් දක්වා, ගෝලීය නිෂ්පාදනයෙන් 0.1% ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙමින් පැවතුණි. ඉතිරි 99.9%…

|

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රැක ගැනීමට එය පෞද්ගලිකකරණය නොකර බැරිය – මහාචාර්ය රොහාන් සමරජීව

  ඉන්දියානු සංචාරකයින් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන නිසා සහ අපගේ ජනයා වන්දනාවේ යන නිසා පමණක් නොව, ඉන්දියානු මගීන් බොහෝ දෙනෙකු මැද පෙරදිගට සහ දකුණු ආසියාවට ගමන් කිරීමේ දී මාරු වීමේ ස්ථානයක් ලෙස කොළඹ භාවිතා කරන නිසා ද, ඉන්දියාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වැදගත් ම වෙළෙඳපොළ වේ. එය ජාත්‍යන්තර ගුවන් මගී කේන්ද්‍රයක් නොවුව ද, මා…

|

බඩු මිල: වැරැදි තැනට ඇණ ගැසීම – ‘වෙරිටේ රිසර්ච්’ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණි අබේසිංහ

ඛනිජ තෙල්, ගල් අඟුරු, ගෑස්, සීනි, කිරිපිටි, ඖෂධ වර්ග සේම වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක්ද පිටරටවලින්  ආනයනිය කිරීමට ලංකාවට සිදුවෙයි. ඒවා ආනයනය කරන්නට වෙන්නේ ඒ ඒ රටවල පවතින මිල ගණන් වලට මිස අපට අවශ්‍ය හෝ අප කැමැති මිල ගණන්වලට නොවේ. ලෝක වෙළෙඳපොළෙහි පවතින මිල අපේ රටට බලපාන්නේ කෙසේ දැයි මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි. අප මේ…

ගව ඝාතනය තහනම් කොට කිරි ගොවිතැන මරා දැමීම – ජයවීර සෙනෙවිරත්න

ගොවීන්ට, ගුරුවරුන්ට සහ වෙනත් ප්‍රජාවන්ට සලකන ආකාරය අනුව ආණ්ඩුව ජනතාවට කොතරම් ආදරේ ද කියා ප්‍රශ්න පැන නැගිය හැකි ය. ඒ කෙසේ වෙතත්, ආණ්ඩුව හරකුන්ට ඉතා ම ආදරේ බව පෙනෙන්නට තිබේ. කොතරම් ආදරේ ද කිව්වොත් ගව ඝාතනය නතර කරන්නට ද නීති සුදානම් කොට අවසන්ය . ශත වර්ෂයකට වැඩි කලක් තිබු නීති ඇතුළු පනත් පහක් සංශෝධනය කරන්නට…

පොහොර ප්‍රශ්නයට යූ ටර්න් එකක් – අනුර සූරියබණ්ඩාර 

  සහල්, සීනි ආදි ප්‍රශ්නවලදී රිවස් ගියරය භාවිත කළ ආණ්ඩුව පොහොර ප්‍රශ්නයේදී ගත්තේ යූ ටර්න් එකකි. එනම් , පුරුදු පාරටම හැරීම හෙවත් රසායනික පොහොරටම නැවත හැරීමය. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ පවසන ආකාරයට පොහොර ගැසට්ටුව වැරදි උපදෙස් මත ගනු ලැබුණු තීන්දුවකි. ඒ සමිබන්ධව ⁣ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව වගකිවයුතු නැති බවද ලේකම්වරයා වැඩිදුරටත් කියයි. ලේකම්වරයාගේ…

|

රජයට කැමති ලෙස ජීවත් වෙමු ද ? ජනතා කැමත්තට ඉඩ දෙමු ද? – ධනනාත් ප්‍රනාන්දු

ජීවන් තොණ්ඩමන් මහතාගෙන් එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී මධ්‍යව්දියෙක් ප්‍රශ්නයක් ඇසීය. එය නම්  “ඔබතුමා මොකක්ද වතුකරයේ සංවර්ධනය කියල හිතන්නේ, වතුකරයේ වැඩ කරන මිනිස්නුන්ට ගෙවල් හදල දෙන එක නෙවෙයිද සංවර්ධනය කියන්නේ?” යනුවෙනි. එවිට ඔහු ලබාදුන්නෙ ගැඹුරු පිළිතුරක්. “මම ගෙවල් 5ක් හැදුවා කියල ඇවිල්ල කියනවා, තව කෙනෙක් ගෙවල් 10ක් හැදුවා කියල කියනවා. අපි වතුකරයේ ගෙවල් හැදුවා කියන එකවත්, වතුකරයේ මිනිස්සුන්ට අපි ගෙවල් හදල දෙන එකවත් නෙවෙයි සංවර්ධනය…

|

සාම්ප්‍රදායික සහලේ මිථ්‍යාව – වී පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ  ආචාර්ය එම්.පී. ධනපාල

පසුගිය දිනෙක මගේ පරිගණකයේ තිරය මත දිගහැරුණු වීඩියෝවක් හරහා නෙත ගැටුණේ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය තුළ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී කෙරුණු අපූරු දේශනයකි. එහි දේශකයා වූයේ සාම්ප්‍රදායික වී වර්ග භාවිතයෙන් ගොවිතැනේ යෙදෙන්නෙක් වූ අතර තේමාව හැටියට සඳහන්ව තිබුණේ මිථ්‍යාවෙන් එහා යථාර්ථය නම් සිත් පැහැරගන්නා යෙදුමක්ය. මිථ්‍යාවන් රැසක් තුළ වර්තමානයේදී අතරමං වී සිටින අප යථාර්ථය සොයායාමේ පිපාසාවෙන් නිරන්තරයෙන් පෙළෙන…

|

බඩුමිල පාලනයේ ආනිසංස – මහාචාර්ය වසන්ත අතුකෝරල

මෑත කාලයේදී ලංකාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යමින් තිබේ. උද්ධමනකාරී තත්ත්වයක් වශයෙන් බොහෝ දෙනා මෙය හඳුන්වති. මේ තත්ත්වයට හේතු සාධක මොනවාද? ඒ වගේම මෙය කළමනාකරණයට කුමක් කළ යුතුද? අවධානයට ගත යුතු කාරණා කීපයකි. රටක භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම් ඉහළ යාම උද්ධමනය නම් වේ. මෙසේ මිල මට්ටම් ඉහළ යාමෙන් මිලදී ගැනීමේ හැකියාව…

රටට වැරදුනේ කොතැන ද? – නිශාන්ත කමලදාස

රටට වැරදී ඇති බව බොහෝ දෙනෙක් පිළිගනිති. එහෙත් වැරදුනේ කොතැනදැයි දන්නා අය අඩු ය. ඒ ගැන හොයන්නට උනන්දුවක් ද බොහෝ දෙනෙකු තුළ නැත. එසේ උත්සහ ගැනීමට අලස බොහෝ දෙනෙකු සිතන්නේ වැරැද්ද ඇත්තේ රටේ නායකයා තුළ බව ය. ඔහු නිවැරදි නම් ඒ අයට අනුව සියල්ල හරි යනු ඇත. ඒ අනුව යමින් වැඩි දෙනෙකු කරන්නේ නායකත්වයට වඩාත්ම…

බැසිල් ඔබ කොහිද? – අනුර සූරියබණ්ඩාර 

පසුගිය වතාවේ ඉන්ධන මිල ඉහළ ගිය විට , බැසිල් සිටියා නම් ඉන්ධන මිල වැඩි නොකරනු ඇතැයි ඇතැම් අය කීහ. බැසිල් පැමිණ ඉන්ධන මිල පහළ හෙළන තුරුද සමහරුන්  බලා සිටියේය. බැසිල් ආ නමුත්  ඉන්ධන මිල පහළ බැස්සේ නැත. බැසිල් මුදල් ඇමැති විය. එහෙත් ඛනිජ තෙල් මිල එසේමය. සහල් හිගයක් රටේ ඇති විය. සහල් පෝළිම් ද ඇති…

|

ඩොලර් අර්බුද​යේ යථාර්ථය – මහාචාර්ය සිරිමල් අබේරත්න

මේ වනවිට අප ලංකාවේ දකින්නේ භාණ්ඩ හිඟයකි. ඒ හා අත්වැල් බැඳගත් කළු කඩ ක්‍රමයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැඩි සේ පීඩාවට පත් පාරිභෝගික සමාජයකි. 1970 දශකයෙන් පසුව වසර හතළිහක් වැනි දීර්ඝ කාලයකින් පසුව මෙවැනි තත්ත්වයක් දකින පළමු අවස්ථාව මෙය යැයි මම සිතමි. ඩොලර් හිඟය, ආණ්ඩු ගණනාවක් විසින් හදාවඩා ගනු ලැබූ ප්‍රශ්න, භාණ්ඩ මිල සම්බන්ධයෙන් හටගෙන ඇති…