ආණ්ඩුව තුළ සංහිඳියාව – භාතිය බරුකන්ද

ලංකාවේ දේශපාලනඥයන්, සිවිල් සමාජය හා උගතුන් ඇතුළු විවිධ පාර්ශ්ව පසුගිය දශක කිහිපයක් පුරා “සංහිඳියාව” කියන වචනය භාවිත කළා. එහිදී සංහිඳියාවේ කේන්ද්‍රිය අවධානය යොමු වුණේ ‘ජනවාර්ගික සංහිඳියාව’ ගොඩනැගීම කෙරෙහියි. උතුරේ බෙදුම්වාදී සංවිධාන සමග දීර්ඝ කාලයක් පුරා පැවැති ගැටුම් හමුවේ ජනවාර්ගික සංහිඳියාව බිහි කිරීමේ කාර්ය නිෂ්ඵල ප්‍රයත්නයක් වුවත් 2009 දී කොටි සංවිධානය පරාජයට පත් කිරීම සමග යළිත්…

|

2020 ගැන ජනපති කියනවිට ජවිපෙ විස්ස ගෙන්න සැරසෙයි

පසුගිය සති අන්තය පොලොන්නරුවේ ගත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි පැවැති රාජ්‍ය උත්සව කිහිපයකට සහභාගී වුණා. ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දිනය සැමරීමේ රාජ්‍ය උළෙල පසුගිය සෙනසුරාදා පැවැතියේ පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදීයි. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ මෙවර මෙම රාජ්‍ය උත්සවය පොලොන්නරුවේ සංවිධානය කිරීම ගැන ස්තූතිවන්ත වීමට තමන් එම රැස්වීමට පැමිණි බවයි. මේ…

සුද්දො එනව නංගියේ පරිස්සමෙන් මල්ලියේ – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

සංචාරක පොලිස් බලඇණිය පොලිස් නිලධාරින් 300කගෙන් ඉහළ නංවන්න ආණ්ඩුව තීරණය කර ඇති බව කියැවෙනව. ඊට අමතරව සංචාරක කළාපවල පොලිස් මුරපොළවල් සංඛ්‍යාව තවත් 2කින් ඉහළ නංවන්නට යන බවයි කියන්නෙ. ඊට අමතරව සංචාරක කර්මානතයේ යෙදෙන ස්ථානවලට බලපත්‍ර ලබා ගැනීම උනන්දු කරවන්නට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවත් පසුගි දා ප්‍රකාශ කෙරුණ. සංචාරක කර්මාන්තය නැතිනම් මෙරට…

ආණ්ඩුව සූදානම්ද ? – භාතිය බරුකන්ද

අල්ලස් හා දුෂණ චෝදනා, බලය අයුතු ලෙස භාවිත කිරීම ආදි චෝදනා යටතේ වැරදිකරුවන් වූ බ‍්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා, දකුණු කොරියාවේ ප‍්‍රථම ජනාධිපතිනිය, තායිලන්තයේ හිටපු අගමැතිනිය, ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බ්ලූස්කෝනි, පාකිස්ථාන අගමැති නවාස් ෂෙරිෆ් ආදී ප‍්‍රබල පාලකයින් පසුගිය මාස කිහිපය තුළ කල්දේරම් බත්වල රස විඳින්න යන විට ලංකාවේ ජනවාරි 08 වෙනසට නායකත්වය දුන්න…

රාජපක්ෂ යුගයේ විද්‍යාත්මක ක්‍රමය – තුෂාල් විතානගේ

2007-2015 කාලය තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණෙන මන්ත්‍රීවරුන් 13 දෙනකුට විටින් විට කැබිනට් ඇමැති පදවි හිමිවූ අතර 2015 ජනාධිපතිවරණය ආසන්නයේ 2014 /12/11 වැනිදා ආණ්ඩුවට එක් වූ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට ද කැබිනට් (සෞඛ්‍ය) අමාත්‍යධුරයක් ලබා දුන්නේය. මෙම යුගය තුළ එජාපයෙන් ආණ්ඩුවට එක් වූ 10 දෙනකුට නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනමමින් ආණ්ඩුවේ මුදලින් වරදාන…

භින්නෝන්මාද රෝගී උගතුන්ගේ බහුරූ කෝලම් – වෛද්‍ය රුවන් එම් ජයතුංග

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස  මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්‍ය දයා අමරසේකර මහතා පවසයි. මේ බව කියන්නේ දේවාලයක කපුවෙක් හෝ විඝටන ආබාධයකින් (Dissociative disorder ) හෝ භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙලෙන රෝගියෙකු විසින් නොවේ. ලංකාවේ ප්‍රකට විශ්ව විද්‍යාලයක මහාචාර්‍යවරයෙකි.  මීට…

රැවටෙන්නට පේවීම – නිශාන්ත කමලදාස

 ලන්දේසීන්ට රැවටී අපි පෘතුගීසින් පන්නා දැමුවෙමු. බ්‍රිතාන්‍යයට රැවටී අපි ලන්දේසීන් පන්නා දැමුවෙමු. විවිධ දේශපාලන ප්‍රවාහයන්ට මාරුවෙන් මාරුවට රැවටෙමින් අපි තවමත් රැවටීමේ ඉසව්වේ ම රැඳි සිටින්නෙමු. හෙටත් එසේ ම රැවටෙන බවට සළකුණු පෙනෙන්නට තිබේ. එහෙම බැලුවහම අප රැවටෙන්නට උපන් ජාතියක් දැයි සැක හිතෙන තරම් ය. පොල් ගෙඩියක් තල් අත්තට වැටුණු විට ලෝකය පෙරළෙන්නේ යැයි සිතූ සිංහයා…

රනිල් ට බය ඇයි? – අනුර සූරියබණ්ඩාර

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර ගන්නට, එයට මුල් වූ ඒකාබද්ධ විපක්ෂය සහ එයට සහය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසට හැකි වූයේ නැත. විශ්වාසභංග යෝජනාවේ දී එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ බලය තමා සමඟ රඳවාගන්නට පක්ෂයේ නායක‍යා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමත් වීම ජයග්‍රහණයට බල පෑ මූලික සාධකයයි. දෙවනුව…

ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානියා සහ දැව සංස්ථා සභාපතිවරයා අල්ලස් ගත්තේ කා වෙනුවෙන්ද? – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති

ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානියා සහ දැව සංස්ථාවේ සභාපතිවරයා අල්ලසක් ගැනීම හේතුවෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කන්තලේ සිනී සමාගම සහ එහි උපකරණ විකිණීමක් සම්බන්ධයෙන්. ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානියා සහ දැව සංස්ථා සභාපතිවරයා සීනි සමාගම විකිණීම ගනුදෙනුවට සම්බන්ධ වෙන්නේ කොහොමද? මොකද ඔවුන් මෙම ගනුදෙනුවෙන් පරිභාහිර දෙන්නෙක්. එනිසා මෙහි ප‍්‍රධාන සැකය තමයි…

20 වැනි සංශෝධනය පිළිබඳ තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන්න – ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

20වැනි සංශෝධනයේ මූලික අරමුණ ඒකාධිපති, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. ජවිපෙ 1978 සිටම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් නිවැරදි, සෘජු, ස්ථාවර ප‍්‍රතිපත්තියක හිටියා. ඒ ප‍්‍රතිපත්තියට අනුව තමයි 20වැනි යෝජනාව ඉදිරිපත් කරන්නේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් ඉදිරිපත් කොට තිබෙනවා. ඇත්තටම එය හොඳ සංවාදයක්. ඒ වගේම එම විවිධ පුද්ගලයින්ට අදහස් ඉදිරිපත් කිරීමට ඇති අයිතියට අපි…

එ.ජා.ප ප්‍රතිසංවිධානය; ගීලටිනයට යා යුතු කවුද? – එම් ඕ ඒ ද සොයිසා

පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීම’ පිළිබඳ මන්ත්‍රය එක්සත් ජාතික පක්‍ෂය ආශ්‍රිතව යළිත් වරක් ජපකරන ආකාරය මේ දිනවල නිරන්තරයෙන්ම දැකිය හැකිය. එයට බලපා තිබෙන ආසන්න හේතුව වන්නේ පසුගිය පෙබරවාරි 10 වෙනි දින පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ලැබූ අනපේක්‍ෂිත පරාජයයි. මෙම මැතිවරණයේ දී ඒ සඳහා තරග වැදුණු කිසිදු දේශපාලන පක්‍ෂයකට නිශ්චිත ජයග්‍රහණයක් අත්කර ගැනීමට නොහැකි වූවද…

ආණ්ඩුවේ යළි පිබිදීම – භාතිය බරුකන්ද

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු විශ්වාසනීය ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තිබුණේයැයි කියන විරසකභාවය අවසන්වීම හා පසුගියදා සිදු වූ කැබිනට් මණ්ඩල සංශෝධනය සමඟ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ උද්ගතව තිබූ දේශපාලන අස්ථාවරභාවය සම්පූර්ණයෙන්ම අවසන් වන ලකුණු පළ වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ බොහෝ දෙනකුගේ අදහස වන්නේ ආණ්ඩුව යළි උපන්නා වැනි හැඟීමක්…