මෙහෙම වුණේ ඇයි? ඩූ යූ නෝ වයි? – අජිත් පැරකුම් ජයසිංහ

වට කරගෙන ඉන්න එවුන් ටිකත් එක්ක ම යන්න කල හරි දොරේ! මෙම සටහන තබන විටත් පළාත් පාලන මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන මුත්, නො නිල ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. එම ජයග්‍රහණයේ සුවිශේෂ ලක්ෂණය වන්නේ සිංහල බෞද්ධ බහුතර ඡන්ද පදනම මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන එම දේශපාලන පක්ෂය විසින්…

සුද්දා අපෙන් නිදහස් වී වසර හැත්තෑවයි – අනුර සූරියබණ්ඩාර

නිදහසේ 70 වන සංවත්සරය සමරන මොහොත වන විට අප පසුවන තත්ත්වය ගැන හිතාබලන්නට මේ හොදම කාලය බව අමුතුවෙන් කිවයුතු නැත. නිදහස ගැන කතා කළ මගේ මිතුරෙක් උපහාසයෙන් කීවේ ලංකාවෙන් නිදහස් වීමේ සතුට සැමරීමට මහා බ්‍රිතාන්‍යයත් උත්සවයක් සංවිධානය කර තිබූණා කියාය. ඇත්තෙන්ම කියන්නේ නම් කරුණු එක දෙකක් හැරුණු විට නිදහසින් 70 වසරක් ඉක්මයන අප විට සිටින්නේ…

පරමාධිපත්‍යට නිසි ගරුත්වය දෙන්න – භාතිය බරුකන්ද

පළාත් පාලන මැතිවරණය, එහෙම නැතිනම් ගමේ ආණ්ඩුවට මන්ත්‍රීවරුන් තෝරා ගන්නා මැතිවරණයට තව තිබෙන්නේ එකම දිනයක් පමණයි. සිංහල අලුත් අවුරුද්දට පෙර පරණ අවුරුද්ද දා පවතින ආකාරයේ අපූරු නිහැඬියාවකින් මුළු රටම වෙලී ගිහින් කියලා බැලූ බැල්මට පේනවා. ඒ නිසා වෙනදාට දැවැන්ත මාධ්‍ය අවකාශයක් අත්පත් කර ගන්නා, ඉතාම බලවත් තැනක සිටි මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන රාජ්‍ය නොවන සංවිධානවලට මේ…

|

සෙනඟ දුටු මහින්ද ‘නයාගේ’ වේදිකාවේ

හැත්තෑවන නිදහස් සමරු උලෙළට පසුගිය ඉරිදා සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට ඉතා වැදගත් පණිවිඩයක් ලබාදුන්නා. නිදහස් දින උලෙළ අමතමින් ජනාධිපතිතුමා කීවේ මේ යුගයේ සැබෑ දේශප්‍රේමය යනු අවංකව හා දූෂණයෙන් තොරව ‍කටයුතු කිරීම බවයි. දූෂණයට එරෙහිව ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. රටක් වශයෙන් සමගි වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා සියලු ජන වර්ගවල, සියලු…

|

අමුතු ඡන්දයේ ජයග්‍රහණය – සී. ජේ. අමරතුංග

පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් එක් දිනකි. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්ය. දැන් තිබෙන්නේ මැතිවරණ ප්‍රචාරක කාලය හා මැතිවරණය අතර පවතින නිහඬ කාල සීමාවයි.මේ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණය තහනම්ය. ගමේ භාෂාවෙන් කීවොත් මෙය නොනගත කාලයකි. මැතිවරණය ගැන උනන්දුවන දේශපාලන පක්ෂ මෙන්ම පාක්ෂිකයන්, ක්‍රියාකාරීන් හා සාමාන්‍ය ජනතාවද දැන් ගණන් බලන්නේ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙනි. පක්ෂ නායකයන් මෙන්ම පාක්ෂිකයන්…

මහින්ද ඇතුළු මන්ත්‍රීවරු රැසක් දූෂණ වංචා විවාදය මගහරිති.

පාර්ලිමේන්තුවේ දී  (06) පැවති බැඳුම්කර හා බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදයට සහභාගිවීම සඳහා පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් අඩු සංඛ්‍යාවකි. උදය වරුවේ මන්ත්‍රීවරුන් යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටියද පස්වරු 2.00න් පමණ පසු සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වැනි ප්‍රමාණයක් වන අතර ඇතැම් අවස්ථාවල සිටියේ කතා කරමින් සිටි මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා පමණි. දෙමළ ජාතික සන්ධානය විවාදය…

උදයංග වීරතුංග ගේන්න 7 ක් අද ඩුබායි යති

ඩුබායි ගුවන්තොටුපොළේ දී එරට ආගමන විගමන බලධාරීන් අත්අඩංගුවට ගෙන සිටි රුසියාවේ හිටපු ශි‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට පොලිස් හා රජයේ නිලධාරීන් ඇතුළත් හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (07) රාත්‍රියේ අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත බව පොලිස් මුලස්ථානය කියයි. මෙම පිරිස අතර නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක්, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක්,…

2/10 මහින්ද රාජපක්ෂට තීරණාත්මක දිනයක් – භාතිය බරුකන්ද

‘‘ලිහන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා’’ කියලා කතාවක් තිබෙනවා. ඒත් අපි කවුරුත් මල්ල ලිහනකම් බලාගෙන ඉන්න කැමැති නැහැ. ඔබලා හරි බලලා ඇතුළේ තියෙන්නේ මොකක්ද කියලා දැන ගන්න ඕනෑ. ඒකට කියන්නේ ‘‘කුතුහලය’’ එහෙම නැතිනම් ‘‘කුහුල’’ කියලා. මේක සියලූ සතුන්ට ඇතැයි කියලා කිවුවත් මානවා/ මිනිසා කෙරෙහි සුවිශේෂයි කියලා මානව විද්‍යාඥයෝ කියනවා. මේ කුහුල නිසයි වානරයා දෙපයින් සිට…

ඡන්ද හා ඡන්ද ප්‍රතිඵල – නිශාන්ත කමලදාස

 බඩුත් හාමුදුරුවන්ගේ ය. නඩුත් හාමුදුරුවන්ගේ ය. මෙය අප අසා පුරුදු කතාවකි. මිනිසුන් මෙසේ කියන්නේ පැමිණිලිකරුවාම නඩු තීන්දුව දෙන්නට කටයුතු කරන තැනක ය. විශේෂයෙන් ම විත්තියට ඉඩක් නොතබාම පැමිණිල්ලම තනිවම සියල්ල තීන්දු කරන අවස්ථාවක ය. මගේ නඩුව මා විසින් නො ඇසිය යුතු ය. අධිකරණයේ සම්ප්‍රදාය නම්, තමන්ගේ පමණක් නොව තම හිතේෂියකු නඩුවක පාර්ශවකරුවකු වූ විට, විනිශ්චයකරු…

සුදු හොරු සහ කළු හොරු – එම් ඕ ඒ ද සොයිසා

හොරකම සම්බන්ධයෙන් අර්ථකථන කිහිපයක් දැකිය හැකිය. මේ අර්ථකථන එකට ගත්විට ඒ සියල්ලෙන්ම කියවෙන්නේ එකම දෙයක්ය. එනම් යම් අයකු සන්තකයේ පවතින දේපලක් එම හිමි තැනැත්තාගේ කැමැත්තෙන් තොරව තිබෙන ස්ථානයෙන් ඉවත් කර ගැනීමය. හොරකම මිනිස් සංහතියේ ඉතිහාසය තරම්ම ඈතට දිවයන දෙයක් වේ. එය ලෞකික මිනිසාගේ ජීවිතයෙන් වෙන් කළ නොහැකි තරමටම බැඳී පවතින දෙයක් බවට පත්ව ඇති ආකාරය…

එසේ වුවහොත් කෙසේ වේවිද? – අනුර සූරියබණ්ඩාර.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් පසුගිය දා ප්‍රකාශකර තිබුණේ ශ්‍රී ලං.නි.ප. යේ මන්ත්‍රී පිරිස තමා සමඟ එක පෙළට සිටගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් බවයි. 19 වැනි ව්‍යවස්ථාවෙන් පවතින ව්‍යවස්ථා රාමුව තුළ ප්‍රායෝගිකව එවැන්නක් කිරීමට ජනාධිපතිවරයාට වුව හැකියාවක් තිබේද යන්න ගැටළුවකි. මන්දයත්…

නිදහස අර්ථවත් කර ගැනීමේ අභියෝගය – භාතිය බරුකන්ද

මේ සියලු ප්‍රතිගාමී ප්‍රවණතා සමඟ සිදු වුණේ “රාජ්‍යය නම් මමයි” යන යල් පැනගිය අදහස යළිත්, වෙනත් වේෂයකින් “රාජ්‍ය නම් රාජපක්ෂ පවුලයි” යන ලඝු ප්‍රවේශයට පටුවීමයි. මේ පටූත්වය සිංහල, දමිළ, මුස්ලිම් යන සියලු ජනවර්ග වෙත පීඩනයක් සේම අසහනයක් එල්ල කළා. 2015 ජනවාරි 08 වැනිදා 62 ලක්ෂයක් මෙරට පුරවැසියන් නොබියව ඡන්ද පොළට ගොස් ප්‍රකාශ කළේ “නිදහස” අහිමි…