උත්සව සැනකෙළි වලින් තොර අධ්‍යාත්මයට මුල්තැන දෙන වෙසක් සමයක් – අහිංසා ශ්‍රී ලංකා සත්ත්ව හිමිකම් හා සුභසාධන සංවිධානයේ කැඳවුම්කරු – ප්‍රවීන මාධ්‍යවේදී තිලක් සේනාසිංහ

තවත් වෙසක් උදාවක් ළඟ ළඟම එයි. නමුදු ආරක්ෂක හේතූන් වෙසක් පොහොය නිමිත්තෙන් ජනතාව ඒකරාශීනොවිය යුතු බවට රජය අනතුරු අඟවා ඇත.   එහෙත්, ඔබ ඉන් මන්දෝත්සාහි විය යුතු නොවේ. මෙම වෙසක් පො‍හොය නිමිත්තෙන් ඔබ ජීවත්වන ගෘහාශ්‍රිත පරිසරය මුල් කොට සිදු කළ හැකි වැදගත් කටයුතු රැසකි. ත්‍රිපිටකයට අයත් සංයුක්ත නිකායේ වනරෝප සංයුක්තයේ එන පරිදි රුක් රෝපණය, මංමාවත්,…

අප්‍රේල් තුවාලය සුව කළ නොහැකි ද? – අනුර සූරියබණ්ඩාර

අප්‍රේල් 21 සිද්ධියත් සමග රටේ තත්ත්වය ගැන බොහෝ අයගේ උනන්දුව වැඩි වී තිබේ.  එක්තරා ආකාරයකින් එය බිය හේතුවෙන් ඇති වූ තත්ත්වයක් වශයෙන්ද  සලකන්නට පුළුවන. උතුරු  නැගෙනහිර ප්‍රදේශවල පැවැති තිස් අවුරුදු යුද්ධය සමයේ දෙහිවල, මහ බැංකුව,දළදා මැදුර ,ජය ශ්‍රී මහා බෝධිය, අරන්තලාව,  බදුල්ල ,කෙන්ට් ෆාම්  ආදී වශයෙන් රට පුරා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර , කපා කොටා…

බුද්ධ චීවරය පෙරට දමා තමාගේ නිරුවත වසා ගැනීමට අගමැතිට නඩු පවරන්නට යන මෛත්‍රීගේ තකතීරු දේශපාලනයේ ඇතුළාන්තය

මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති ත්‍රස්තවාදී භීතිකාවට රජයක් වශයෙන් සියලු පාර්ශව වගකීම භාරගත යුතු බව සදහන් කළ යුතුමය.විශේෂයෙන්ම රටේ ආරක්ෂක අංශ වල භාරකරුවා වශයෙන් කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිට සියලු වගකිවයුත්තන් මේ සඳහා අනිවාර්යයෙන් වගකීම භාර ගත යුතුමය. එවැනි පසුබිමක පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය වගකීම…

අහිංසකයන් තලන ආරක්ෂාව – සම්පත් අමරසිංහ

පසුගිය සතියේ පුවත්පතක ශීර්ෂ පාඨයක  සඳහන් වූයේ බදුල්ල ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයකින් පොලිස් නිළ කබා වලට සමාන කබා තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව ය.  ප්‍රවෘත්තිය අවසානයේ අදාළ රාජ්‍ය  නොවන සංවිධානයේ  ප්‍රකාශකයෙකු සඳහන්  කර තිබුණේ එම කබා  රාජ්‍ය නොවන සංවිධානය විසින් කලකට පෙර පොලිසියට පරිත්‍යාගය කිරීම සඳහා සූදානම් කළ ඒවා බවත් ඒ කබා වල අදාළ රාජ්‍ය…

|

පාප්තුමාගේ දණ්ඩ නමස්කාරය – නිශාන්ත කමලදාස

මේ ලිපිය ලියුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ය. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග වෙනත් සංවාදයට ලක් කළ යුතු කාරණා තිබුනු නිසා මෙය පුවත්පතට එවීමට පමා විය. එසේ වුව ද කිසිදු සංශෝධනයකින් තොරව ලිපිය එලෙසම යොමු කරන්නේ එහි අදාළත්වය ප්‍රහාරයට පසු ද අකුරක් නෑර එසේ ම පවතින නිසා ය. සැබෑ ලෙස සිදු ව ඇත්තේ එහි අදාළත්වය වෙනදාට…

රටට ගිනි නොතබනු – සිරිසේන රාජපක්ෂ

අප්‍රේල් 21 ප්‍රහාරයට සති තුනක් පමණ ගත වන විට රට නැවතත් කාලකණ්ණි තත්ත්වයකට පත් කරන්නට සුළු පිරිසක් විසින් කටයුතු කරමින් සිටින බව පැහැදිලි වී තිබේ. ඒ අනුව මේ ලියන මොහොත වන විට අලුතින්ම පොලිස් ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශය බවට ගම්පහ පොලිස් බල ප්‍රදේශය පත් වී තිබේ. ඊට පෙර මැයි 12 දින හලාවත පොලිස් බල ප්‍රදේශයට…

රිෂාඩ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් විරුද්ධ වෙයි

රිෂාඩ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් විරුද්ධ වෙයි

රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කළ අතුරුලියේ රතන හිමියන්ට වත්මන් ත්‍රස්තවාදය පරාජය කිරිමට කිසිම යෝජනාවක් ගෙන ඒමට අයිතියක්…

මුස්ලිම් ජනතාව ජිහාඞ්වාදීන්ව පැන්නිය යුතුව තිබේ – මහාචාර්ය කුමාර් ඬේවිඞ්

ලැබෙන තොරතුරුවලට අනුව කටයුතු කිරීම, ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ අදාළ සිද්ධීන්වලට මැදිහත් වීම ආණ්ඩුවට සහ ආරක්ෂක අංශවලට කළ හැකිය. එහෙත් දීර්ඝ කාලීනව ගත් විට, ජිහාඞ්වාදය (ධර්ම යුද්ධවාදය* පරාජය කළ හැක්කේ මුස්ලිම් ප‍්‍රජාවටම පමණි. මෙහිදී ජිහාඞ්වාදය වන්නේ, වහබ්බාදය-සලාෆ්වාදය, ‘ඉස්ලාමීය රාජ්‍ය’ කාන්දුව සහ ව්‍යාජ සෘෂිවරු ආදී සියල්ලයි. මේ ආක‍්‍රමණකාරීන්ව පරාජය කළ හැක්කේ ජනතාවටම…

සමාජවාදී විප්ලවය කියන්නේ දිගු කාලීන ගමනක ප්‍රතිඵලයක් එය තුවක්කු කඳ භාවිතා කොට බලහත්කාරයෙන් ඇති කළ හැකි සමාජ පරිණාමනයක් නොවේ – ලයනල් බෝපගේ

හෙන්රි වර්ණකුලසූරියගේ ‘නාඳුනන තුවක්කුකරුවාගේ කතාව, කෘතිය පසුගිය දා මහවැලි කේන්ද්‍රෙය දී ජනගත කෙරිණි. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්, වත්මන් නිදහස් මතධාරියෙක් වන ලයනල් බෝපගේ විසින් කරන ලද කතාව. මෙම ලිපියේ මුල් කොටස හා දෙවන කොටස මීට පෙර (10 – 12) පළ විය. 3 වන කොටස (අවසන් කොටස) පසුකාලීන අත්දැකීම්වලින් පෙනී යන්නේ ලෝකයේ…

මාධ්‍ය පාලනය සඳහා මාධ්‍ය ප්‍රජාවගේ සහභාගිත්වයෙන් යුතු ආචාර ධාර්මික එකඟතාවයක් ඕනෑ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පාස්කු ඉරිදා ප්‍රහාරය හා ඊට අදාළව සිදු කෙරෙන පරික්ෂණ කටයුතු පිළිබඳ වාර්තාකරණයේදී මෙරට ජනමාධ්‍ය මගින් කිසියම් විනයක් හා ආචාර ධාර්මික තත්ත්වයක් අපේක්ෂා කළ යුතු වුවද, ඒ සම්බන්ධයෙන් මේවන විට රජය මැදිහත් වෙමින් සිටින ආකාරය සම්බන්ධයෙන් කිසිසේත්ම සතුටු විය නොහැකි  බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. මීට පෙර මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදන මගින්ද, ලෝක ජනමාධ්‍ය…

රට යථා තත්වයට ගෙන ඒමට අගමැති සියලුදෙනාගේ සහය ඉල්ලයි

අයි එස් සංවිධානයට ශ්‍රී ලංකාවේ සංවර්ධනය, ආර්ථික දියුණුව සහ එදිනෙදා වැඩ කටයුතු කඩා කප්පල් කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ බෝම්බ පිපිරවීම්වලින් ජීවිත විනාශ කර රටේ සාමය, සංහිඳියාව බිඳ දමා ආර්ථික දියුණුව සහ සංවර්ධනය අඩාල කිරීම ත්‍රස්තවාදීන්ගේ උත්සහය බවයි. දැන් සාමය ආරක්ෂා වෙලා. දැන් පැතිරී යන ප්‍රවෘත්ති නිසා කලබල වෙලා…

ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් කිරිඇල්ලගෙන් නිවේදනයක්

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. 1979 වසරේ දී දේශීය ත්‍රස්තවාදය වැළැක්වීම සදහා සැකසුනු පනතකින් ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට හැකි බවට මතයක් රෝපණය කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් උත්සාහ දරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය. ත්‍රස්තවාදය ගෝලීය තලයට…