අපේ සිහින ජීවිතය – නිශාන්ත කමලදාස
බොහෝ දෙනකු බලා සිටින්නේ ගෙඩිය ඉබේ ඉදී බිම වැටෙනතුරු ය. බලා ඉන්නවා කිව්වාට සමහර විට බලා ඉන්නේත් නැත. ඉන්නේ දැකපු වෙලාවක ඇහිඳ ගන්න බැරි යැයි කියා ය. ඇත්තටම ඝර්ම කලාපීය රටක ඉපදීමේ වාසිය ද ඒක ය. ගෙඩි හැදී ඉදී ඉබේ බිමට වැටෙන්නේ ය. උහුලන්නට බැරි සීතලක් මෙහි නැත. ගහක හෙවනක හෝ අතු පැලක වහලයක් යට…
