ආචාර්ය ජයසුන්දරගේ පඩි බාගේ – ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය අර්බුදයේ තරම

රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වටුපෙන් කැමති පරිදි රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් මේ වන විට සෑම පාර්ශවයකගේම පාහේ අවධානය යොමුව තිබේ. Covid  19 වෛරසය ව්‍යාප්තිය ප්‍රජාව අතර වළක්වා ගැනීම සඳහා පසුගිය මාස දෙකක පමණ කාලයක් නිරෝධායන ඇඳිරි නීතියට යටත්ව රට වසා දමා පැවති අතර ඒ හේතුවෙන් ආර්ථිකයට විශාල පාඩුවක්…

රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමේ නොසිටියා නම් !

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා නිසා නොවන්නට, පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස 28 වැනිදාට ගැසට් කිරීමට ඉඩ තිබිණ. පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස 28 වැනිදා පැවැත්වෙන බවට සඳහන් වූ මෙම ගැසට් කෙටුම්පත, අනුමැතිය සදහා පසුගිය සදුදා මැතිවරණ කොමිසම් කාර්යාලයේදී හූල් අතට භාරදෙනු ලැබිණ. ඔහු අතට මෙම ගැසට් කෙටුම්පත පත්කෙරුණේ කොමිසමේ අනෙක් සාමාජිකයා වන නලීන් අබේසේකර මහතා…

(අ)වලංගු ඇඳිරි නීතිය – නීතීඥ අථිල අතාවුද

කොවිඩ්  19 ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ මොහොත වනවිටත් ඇදිරි නීතිය පණවා  ඇත. එය හෙට උදෑසන 5ට ඉවත් කර සතියේ සාමාන්‍ය වැඩ කටයුතු සදහා අවකාශය සළසනවා  ඇත. කෙසේ වෙතත් පසුගිය ඇදිරි නීති කාල වකවානුව පුරාම ඇදිරි නීතිය කඩකළ  විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවවට ගන්නා ලද බව මාධ්‍ය වාර්තා කරන ලදී. මං මාවත්  දෙස බැලූ විටද පෙනී යන…

කොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා – වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ්

පිළියන්දල මාළු වෙළෙන්දෙක්, බණ්ඩාරණායකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, යුධ හමුදා සෙබළෙක්, ජාතික රෝහලේ නිලධාරිනියක් ඇතුළු සැලකිය යුතු පිරිසකට කොවිඩ්-19 රෝගය ඇති බව පීසීආර් පරීක්ෂණ ප‍්‍රතිඵල වලින් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියනු ලැබීය. එහෙත් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයම කීවේ ඒ අයට කොවිඩ්-19 රෝගය නැතැයි පසුව ලැබුණු වාර්තාවකින් තහවුරු වූ බවය. මෙය සාමාන්‍ය පුරවැසියන්ට මහා අපභ‍්‍රංශයක් වී තිබේ….

කොවිඩ්-19 සමග මතු වූ නීතිමය ගැටළු: මැතිවරණ කොමිෂමේ වගකීම සහ ජනාධිපතිගේ වගකීම – ආචාර්ය නිහාල් ජයවික්‍රම

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රට වසා දැමීමට සිදුවීමත් සමග මහා මැතිවරණය පැවැත්වීම, පාර්ලිමේන්තුව කැදවීම, මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම සහ ජනාධිපතිවරයාගේ වගකීම පිළිබදව නීතිමය ගැටළු සාකච්ඡාවට ලක්ව ඇත. අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා මෙම සාකච්ඡාවට එක් වෙමින් ඉතා වැදගත් තීරණාත්මක ප්‍රශ්න පහක් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානයට ලක් කර ඇති මෙම ලිපිය ‘කොලම්බු ටෙලිග්‍රාෆ්’…

රටට අවශ්‍ය වන්නේ Rule of Law මිස Rule of Men නොවේ – ජයදේව උයන්ගොඩ

ලංකාවේ දේශපාලන විවාදය තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සමහර වගන්ති අර්ථකථනය කිරීම පිළිබඳව ඇති සාකච්ඡාව බෙහෙවින් තියුණු වෙමින් පවතියි. පාර්ලිමේන්තු මැතිවරණය සහ කොරෝනා අර්බුදයට මුහුණ දීමට ජනාධිපතිතුමා සහ ආණ්ඩුව ගෙන ඇති සමහර ක‍්‍රියාමාර්ගවල නෛතික පදනම්, සහ අප‍්‍රියෙල් 30දායින් පසු රාජ්‍ය මුදල් භාවිත කිරීමට ජනාධිපතිතුමාට ඇති බලය යන තේමා තුන මෙම විවාදයේ කේන්ද්‍රයේම තිබේ. සිරිත් පරිදි මෙම විවාදය…

අපරාධීනත්වය සහ එහි ඛාදනය – මහාචාර්ය රොහාන් සමරජීව

a මොහොතකට සිතින් මවාගන්න. ඇය කොවිඞ් වසංගතයට පෙර කොළඹ නගරයේ නිවාස ගණනාවකට පිරිසිදු කිරීමේ සේවා සැපයූ කාන්තාවකි. දෛනිකව එදා වේල උපයාගත්තියකි. ඇයට වැඩට යාමට පොදු ප‍්‍රවාහනය සහ ඉඳහිට ත‍්‍රිරෝද රථ භාවිත කිරීමේ නිදහස තිබිණි. වැඩ භාර ගැනීමේ හා ප‍්‍රතික්ෂේප කිරීමේත්, ගාස්තු සහ දින පිළිබඳව කේවල් කර ගැනීමේත් නිදහස ඇයට තිබිණි. මුදල් ළඟ තබා ගැනීමේත්, යම්…

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගේ නැති වියත් වහල්ලූ – කේ ඩබ්ලිව් ජනරන්ජන

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට උපදෙස් දෙන තුන් කොටසක් සිටිති. පළමුවැනි කොටස, වියත්තුය. දෙවැනි කොටස දේශපාලකයෝය. තුන්වැනි කොටස භික්‍ෂූහුය. මින් අවසන් කොටස වන භික්‍ෂූන් පසුගිය දිනයක රැස්කළ විට කී කතා ජනමාධ්‍යවල පළවිය. ඒ අදහස්වලින් පෙනෙන කාරණා කිහිපයකි. එකක්, ඔවුන් ව්‍යවස්ථාව ගැනවත්, නීතිය ගැනවත්, රට පාලනය ගැනවත් කිසිවක් නොදන්නා බවය. බුදුදහම ගැනත් නොදන්නා බව අලූතෙන් කිවයුතු නොවේ. දන්නේ…

රාජ්‍ය යාන්ත්‍රණය ම අවුලෙන් අවුලට ! – මහාචාර්ය ප‍්‍රසන්න පෙරේරා

රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය මත රාජ්‍ය සේවාවන්ගේ යම් ඇණහිටීමක් ඉදිරියේදි සිදුවේ ද යන්න පිළිබඳව සකච්ඡාවට ලක් කිරීම කාලෝච්තය. ඒ අනුව මේ අවස්ථාවේදී සකච්ඡා කළ යුත්තේ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි නොකැඳවා සිටිය හොත් සහ මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත්  2020 ජුනි 05 වැනිදාගෙන් පසුව ආණ්ඩුවේ සමහර සේවාවන් නතර කර…

කරන දේ පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යානුකූලව නොකළොත් ඔක්කොටම වෙන්නේ හිරේ යන්න – එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

COVI – 19 මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වී තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් ඇතිවී තිබෙන තත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය බලතල සියල්ලක්ම නීතිමය වශයෙන් සම්මත කර දීමට හැකි වෙතැයි ද, පාර්ලිමේන්තුව යළි කැඳ වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා යැයි ද එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන්…

නීතියේ ආධිපත්‍යය රැකගෙන වසංගතය මැද මැතිවරණ පැවැත්වීම – මහාචාර්ය රොහාන් සමරජීව

මහා මැතිවරණය පැවැත්විය යුත්තේ කෙලෙසද, කවදාද යන්න පිළිබඳව එකිනෙකට පරස්පර අදහස්වලට සවන්දෙද්දී මසිතට ආවේ වඩා පුළුල් ප්‍රශ්නයකි. සාකාවට සහභාගි වූ පාර්ශ්වකරුවන්  වැඩි දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උපුටා දක්වනු මට දැකගන්නට ලැබිණි. අප ඉදිරියේ ඇති විශේෂිත ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිහඬ බවට තර්ක කළ මැතිවරණ කොමිසමද ඇතුළුව බොහෝ දෙනා කීවේ  ශ්‍රේෂ්ඨාධිකරණය විසඳුමක් දිය යුතු බව යි….

මත්පැන් අත්‍යවශ්‍ය භාණ්ඩයකි – ලසන්ත රුහුණගේ

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොවිඩ්-19 ආසාදනය වීමට හේතුව කොවිඩ් මර්දන මෙහෙයුම්වලදී ඔවුන්ට නිසි ආරක්ෂිත ඇඳුම් නොමැතිවීම බව මත දක්වන්නන් කියන්නට පටන්ගෙන ඇත. එහි ඇත්තක්ද තිබිය හැක. මේ සටහන ඊට අභියෝගයක් නොවේ. වැලිසර නාවික හමුදා කඳවුර සිද්ධිය ආශ‍්‍රයෙන්ම වාර්තාවන තවත් කරුණක් වන්නේ ජාඇළ සුදුවැල්ල ප‍්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් සොයායෑමේ මෙහෙයුමේදී එකී කොවිඩ් ආසාදිත සැකකරුවන් සතුව තිබී…