නිදහස් අධ්‍යාපනයට මොර දෙන බොරුකාරයෝ – මහාචාර්ය සුජාතා ගමගේ

ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විවාදාත්මක අදහස් බොහෝය. විටෙක මාතෘකාව පෞද්ගලික අධ්‍යාපනයයි. තවත් විටෙක සරසවි අධ්‍යාපනයයි. 1944 දී කන්නන්ගර වාර්තාව පළවන විටත් ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබාදීමේ පිළිවෙතක් තිබුණි. ඒ අනුව සෑම කෙනකුටම ස්වභාෂාවෙන් නොමිලේ අධ්‍යාපනයට දොරටු  විවරව පැවතියේය. සුද්දන්ගේ කාලයේද එය එලෙසය. එහෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබන අධ්‍යාපනයට මුදල් ගෙවීමට සිදුවිය. කන්නන්ගර ප්‍රතිපත්තියෙන් කළේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයද නොමිලේ…

ගෝලීය වසංගතවලට ජාතිකවාදී විසඳුම් – අජිත් පැරකුම් ජයසිංහ

– මේ වන විට ලංකාවේ සමාජයෙන් කොවිඩ්-19 රෝගීන් හමුවීම මුළුමනින් ම නතර වී ඇත. එසේම, ලංකාවේ ලොකුම කොරෝනා පොකුර වූ නාවික හමුදාවේත් රෝගීන් පාලනය වී ඇත. මෙම සටහන පළ වන විට ලංකාවේ මෙතෙක් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 2,000 ඉක්මවා තිබෙන්නට පුළුවන. මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සංඛ්‍යාලේඛන ඉහළ යන්නේ විදේශයන්හි සිට ආපසු පැමිණෙන…

ගෝඨා පඹගාලක පැටලිලා: ”මිලිටරි බියවැද්දීම් වලින් පලක් නැහැ” -අජිත් පැරකුම් ජයසිංහ

පහළ නිලධාරීන් කැඳවා ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමේ හා තමන් අසාර්ථක යයි සිතන නිලධාරීන් අවඥාවට ලක් කිරීමේ මිලිටරි උපාය මාර්ගය අනුව යමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් කැඳවා මාධ්‍ය ඉදිරියේ ඔවුන්ට දොස් පැවරුවේ ය. මිලිටරි ක්‍රමය අනුව බලාපොරොත්තු වන්නේ මෙමගින් නිලධාරීන්ගේ අභිමානය බිඳ දමා ඔවුන් අණට කීකරු වන තත්වයට පත් කරගැනීම විය හැකි ය. රාජ්‍ය නායකත්වය…

ජනපති සමාව අරන්: මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමේ තීන්දුව හකුලා ගනී!

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීන්දු කර තිබුනද මේවනවිට එම තීරණය වෙනස්කර ගෙන ඇතයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ඉහළ නිළධාරීන් සහ ජනාධිපතිවරයා අතර පෙරේදා (16) පැවති සාකච්ඡාවේදී මහ බැංකුවේ වත්මන් ක්‍රියාකලාපය ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර එම කම්පනය හේතුවෙන් වයෝවෘධ මහ බැංකු අධිපතිවරයාට…

‘ඝන අඳුර මත පෑයූ රිදී රේඛාව’ – මංගලගේ තීන්දුව ගැන වික්ටර් අයිවන්ගේ විග්‍රහය

ලංකාවේ පරණ හෝ සාම්ප්‍රදායික දේශපාලන තලයේ වර්ණවත්, විවාද සම්පන්න, නිර්භීත හා නිර්මාණශීලී දේශපාලන චරිතයක් ලෙස සැලකිය හැකි මංගල සමරවීර ජරාජීර්ණභාවයට පත්ව මිය යන්නට ආසන්න තත්ත්වයකට පැමිණ තිබෙන පරණ දේශපාලනයෙන් ඉවත් වී නව දේශපාලන ගමන් මාවතක් තෝරා ගැනීම සැලකිය හැක්කේ ඝන අඳුරක පහළ වූ රිදී රේඛාවක් වශයෙනි. මා මේ මොහොතේ සිටින්නේ බිහිසුණු හෘදයාබාධයකට මුහුණ දී දිවි…

ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපතිගේ මානසික ආතතිය -අනුරුද්ධ ලොකුහපුආරච්චි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මල්ලි මුදල් ඇමති තම අයියාගේ මුදල් අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට කරන ලද දේශනාව රජයේ මාධ්‍ය ආයතනකින් කරන ලද විකාශණයක් බලා සිටියෙමි. ඒ නැරඹීමෙන් මට ඇති වූ පලමු ගැටළුව වූවේ සාමාන්‍ය රට වැසියෙකුට උනන්දුවෙන් බලමින් සවන් දෙන්නට තරම් වැදගත් කමක් ඒ මුළු කතාව තුල තිබුනාද යන්නය. ඒ කතාව තුලින් මම…

දැන් දේශප්‍රේමී කතා කීවාට විමල් වීරවංශ මුලින්ම සභාග ගහන්න හැදුවේ එජාපය එක්කයි – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්

මේ වනවිට රාජපක්ෂ කඳවුර වෙනුවන් දේශප්‍රේමී වාග් පාඨ කියවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියත් විමල් වීරවංශ මහතා මුලින්ම සභාග ආණ්ඩු පිහිටුවීමට යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි.  “2006 වෙනකොට පක්ෂය ඇතුළෙ මතවාදී ගැටුමක් තිබුණා. ඒ කියන්නෙ මේ ආණ්ඩු සමඟ එකතුවීම සහ ස්වාධීනව කටයුතු කිරීම ගැන. අපි නියෝජනය…

නැති වුණේ කොරෝනා නොව කොරෝනාවට ඇති බියයි – අජිත් පැරකුම් ජයසිංහ

අවසන් වරට මෙම කොලම ලියන විට රට පුරා ඇඳිරි නීති පනවා තිබුණා. ලංකා විද්‍යුත් පුවත්පතට මා ලිව්වෙ වසංගත තත්වයන් තුළ වැඩ කරන ජනමාධ්‍යකරුවන්ට ප්‍රයෝජනවත් විය හැකි උපදෙස් මාලාවක්. ඒ ලිපියේ මා මෙහෙම ලිව්වා. “ලංකාවේ පුවත්පත් බෙදාහැරීම සිදු වන ආකාරය අනුව, පුවත්පත් මගින් කොරෝනා ආසාදනය පැතිරීම බැහැර කරන්නට බැහැ. ඒ නිසා මේ දිනවල පුවත්පත් මුද්‍රණය වීම…

සමගි කිවුවට අසමගි බලවේග හැදුවේ පෞද්ගලික ප්‍රශ්න උඩයි – එ ජා ප මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ මනීෂ සෙනෙවිරත්න

*මෙවර එක්සත් ජාතික පක්ෂයේ මහනුවර කණ්ඩායම ඉතා දුර්වල එකක් බවටත් එහි සිටින බොහෝ දෙනකු පක්ෂය හා ක්‍රියාකාරීව නොසිටි අය බවටත් ඔබලාගේ පක්ෂයෙන්ම කැඩී ගොස් වෙනත් පක්ෂයකින් තරඟ කරන පිරිසක් චෝදනා කරනවා. මම එක්සත් ජාතික පක්ෂයට අහසින් කඩා වැටුණේ නැහැ. මගේ ලොකු අත්තා, ඒ රත්නායක රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළා. එතුමා 1931 සිට 1939 දක්වා සභිකයකු…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්ති තේරුම් කිරීම හා ප්‍රතිමානීය මූලධර්මවල අදාළතාව – ජයදේව උයන්ගොඩ

මේ දිනවල පාර්ලිමේන්තු මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකිවීම වටා මතුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳ විවාදය වේදිකා දෙකක සිදුවෙයි. පළමුවැන්න ශ්‍රේෂ්ඨාධිකරණයයි. අඟහරුවාදා තීන්දුවත් සමග එය නිමාවට පත්විය. පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙනුත්, ආණ්ඩුව වෙනුවෙනුත්, නීතිඥයෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ඉදිරියේ, සතියකටත් වැඩි කාලයක් තම තර්ක ඉදිරිපත් කළහ. පුවත්පත් ඒවා වාර්තා කළේ, ඉඳහිට සහ තම දේශපාලන විශ්වාසවලට ගැළපෙන පරිදිය. එබැවින්,…

අභ්‍යවකාශ යුගයේ අපේ පාරවල්වල පරණ බස් දුවන්නේ ඇයි ? – ධනනාත් ප්‍රනාන්දු

අවුරුදු දෙක තුනකට කලින් මං ආපු බස් එකේ තිබිච්ච රූපවාහිනි තිරය ඇතුලෙ ලොකු සංගීත ප්‍රසංගයක්. නිවේදක මහත්තයා එකපාරටම කියපි “වෙජිටබල් නයිට් සංගීත ප්‍රසංගයට ඔබව ආදරයෙන් පිළිගන්නවා” කියලා. බස් හෝල්ට් හතරක් පහක් එනකම්ම මං කල්පනා කර කර ආවා ඇයි මේ සංගීත සංදර්ශනයට vegetable නයිට් කියලා දැම්මෙ කියලා. ටික වෙලාවකින් ආයෙත් නිවේදක මහත්තයා කිව්වා සංගීත සංදර්ශනයට ප්‍රධාන…

අලුත් රේගු රෙගුලාසි මගින් කෘෂිකර්මාන්තයට වන අවැඩ : මහාචාර්ය රොහාන් සමරජීව

එළවළු ආනයනය (සහ අපනයනය) 2019 මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 32 ක් වටිනා එළවළු (සහ පලතුරු විය හැකිය) එම වර්ෂයේ අපනයනය කොට ඇත. මෙය 2018 ට සාපේක්ෂව සියයට 13.3 ක ඉහළ යාමක් වන අතර එය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉහළ ම අපනයන වර්ධනයයි. අප රට තවම නොනිමි රබර් අපනයනය කරන බව සිතා සිටින…