සීසර්ගේ දේ සීසර්ට දෙන්න – ගාමිණී වියන්ගොඩ

                මීට මාස හතකට කලින් ලංකාව වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩඒමට මේ ආණ්ඩුව ගත් ප්‍රයත්නයන් සම්බන්ධයෙන් කෘතවේදී වීම, තම තමන්ගේ පක්ෂ අභිමානයන්ට කැළලක් යැයි කෙනෙකු සිතිය යුතු නැත. ලෝකයේ වඩාත්ම සතුටින් වෙසෙන රටවල් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම සූචියට අනුව, මෙවර ලංකාවට 112 වැනි ස්ථානය හිමිව ඇත. ගිය වසරේ…

|

ලංකා ටයර් කතාව ..! – ඉකොනොමැට්ටා-

ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ කලින්. 1967 වෙද්දී මෙහි පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ධාරිතාවය වසරකට ටයර් 250,000ක් සහ ටියුබ් 240,000ක්. සැලසුම අනුව, දෙවන අදියරේ දී කම්හලේ ධාරිතාවය වසරකට ටයර් 360,000ක් සහ ටියුබ් 350,000ක් දක්වා ඉහළ යනවා. දෙවන…

| |

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – “IMF සහ ඉන් ඔබ්බට”සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි

  ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති “IMF සහ ඉන් ඔබ්බට”සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි. ශ්‍රී…

|

ව්‍යවසාය ආණ්ඩුවට අකැප ඇයි? – ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුළංගමුව

  රාජ්‍ය ව්‍යවසාය රටට බරක්ව පවතින නිසා ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතු බව දැන් රටේ අතිවිශාල බහුතරයකගේ පිළිගැනීමයි. මේ ඒ පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුළංගමුව මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. ඒ මහතා ජාත්‍යන්තර වරලත් ගණකාධිකාරී ආයතනයක් වන අර්නස්ට් ඇන්ඩ් යන්ග් හි ලංකාවේ හවුල්කරුවා ලෙසද කටයුතු කරයි. අවුරුදු 40 ක් තිස්සේ වෘත්තියෙහි…

වරායේ සමිති නායකයාගේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය – අජිත් පැරකුම් ජයසිංහ

නිරෝෂන් ගොරකානගේ වරායේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ද වන ඔහු පසුගිය සමස්ත මහා වැඩ වර්ජනය ආසන්නයේදී තමන්ගේ ආදායම් වියදම් විස්තරයක් මාධ්‍යවලට ගෙනහැර පෑවේය. එය අපගේ පුද්ගල ආර්ථිකයන් සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ද වැදගත් උපමා කතාවකි. එම විස්තරය මෙතැනින්. ඒ අනුව, නිරෝෂන් ගොරකානගේ දළ වැටුප 120,220කි….

රනිල් මට වඩා මානුෂිකයි..! – චින්තන ධර්මදාස

  දැන් මං රනිල්ට කඩේ යන්නෙක්නෙ. ඔව්, මේ වෙලාවෙ රනිල් කරගෙන යන වැඩපිලිවෙල ආරක්ෂා කිරීම වෙනුවෙන් මං පෙනී ඉන්නවා. ඒකට ලංකාවෙ වහරෙන් කියන්නෙ කඩේ යනවා කියල. හැබැයි මං හිතන්නෙ රනිල් මට වඩා ලංකාවෙ අර්තයෙන් මානුෂිකයි. එයා කියන්නෙ එයා සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියල. එයා ලිබරල් අන්තයෙන් ගැලවිලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සෝෂල් මාර්කට් පැත්තට එන්න ට්‍රයි කරනවා. මේ සමාජ…

|

අයි.එම්.එෆ්. හැර විකල්පයක් අපට තිබේද? – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වැනි රටවල් ආර්ථික අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවලදී ඒවායෙන් ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වන්නේ ඇයි? ඔවුන්ට ඒ සඳහා කුමන අයිතියක් තිබේද? ඒවා උනන්දු වන්නේ  ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවලට සහායක් වීමට නොව අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල අවශ්‍යතා ඉටු කිරීමට නොවේද?.  පසුගිය දින කිහිපය තුළ බොහෝ දෙනකු මගෙන් මෙවැනි ප්‍රශ්න විමසා සිටියේ…

රනිල් බිත්තියට හේත්තු කර ප්‍රශ්නය විසඳාගත හැකි ද? – (රටේ රාළ වීඩියෝවක්)

අපේ සමාජයේ ආයෙත් වැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පත්වෙලා.එක පැත්තකින් අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ගැනත් සාකච්ඡාවක් යනවා. ප්‍රතිව්‍යුහගතකරණය කියන නමින් ආයෙත් ඇවිත් තියෙන්නේ 2000 දී ආපු පෞද්ගලීකරණ වැඩපිලිවෙලමයි කියලා සමහරු කියනවා? සරලව කිව්වොත් රටේ රාජ්‍ය දේපල සහ ජාතික සම්පත් විකිණීමේ වැඩපිලිවෙල. නැත්තං රනිල් 2000දී ගෙනාපු Regaining…

|

ඛනිජ තෙල් වෘත්තීය සමිති නාඩගම ! – සදුන් අරෝෂ ප්‍රනාන්දු  

රජය විසින් ඉකුත් දා මෙරට ඛනිජ තෙල් වෙළෙඳ පොළ විදේශීය සමගම් වෙත විවෘත කිරීම සිදු කල අතර ඒ සඳහා විදේශීය තෙල් සමාගම් තුනක් සිය මෙහෙයුම් රට තුළ සිදු කිරීමට රජය සමඟ ගිවිසුම් ගත වී ඇත. එහෙත් ඊට විරෝධය පළ කරමින් ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පෙරේදා සිට සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලද අතර එය ඊයේ…

රටේ රාළ : රනිල් මහගිරිදඹය පාමුල

පහුගිය 20 වෙනිදා IMF එකෙන් දෙන්න තීරණය කරපු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදලෙන් මිලියන 333 කපලවෙනි වාරිකය දැන් හම්බවෙලා තියනවා. ඒ එක්කම ඉදිරි ආසන්න කාලයේදී තවත් ඩොලර් බිලියන 7 ක ණයක් ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් හම්බ වෙන්න නියමිතයි. මහ බැංකු අධිපති නන්දලාල් කිව්වේ දැන් රටේ ඩොලර් අර්බුදය ඉවරයි කියලා. රනිල් කිව්වේ…

|

IMF කොන්දේසි වලට වඩා අත්‍යාවශ්‍ය කොන්දේසිය – ජයතුංග බණ්ඩාර –  Chatham Street journal

අසමත් රාජ්‍යයක්, දුර්වල රාජ්‍යයක්, කඩා වැටුණු රාජ්‍යයක්, බංකොළොත් රාජ්‍යයක් ලෙස පසුගිය සතිය වනතුරු නාමකරණයට ලක්වුණු ශ්‍රී ලංකා රාජ්‍යය,‘නෑ.. එහෙම නෑ.. අපිටත් සමත්කම් තිබෙනවා, යළි නැගී සිටීමේ හැකියාව තිබෙනවා..‘ කියන එක ඔප්පු කරමින් දෙපයින් නැගී සිටීමේ පළමු උත්සාහය සාර්ථක කරගෙන තිබේ. ජාත්‍යන්තර මුල්‍යය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලැබීමෙහි දේශපාලන තේරුම එයය. ලෝකයේ විවිධ රාජ්‍යයන් ආර්ථික වශයෙන්…

ඉන්දියාවේ සාපරාධී අපහාස නීතියෙන් ගාන්ධි හිරේ; හිරේ යා යුතු විශාල පිරිසක් රනිල් නිසා මෙහේ එළියේ – අජිත් පැරකුම් ජයසිංහ

ඉන්දියාවේදී වෙනත් පුද්ගලයෙකුට අපහාස කරන ඕනෑම අයෙකුට 1860 ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 500 වගන්තිය යටතේ වසර දෙකකට නොවැඩි කාලයක් සඳහා දඩ, සරල සිරදඬුවම් හෝ දෙකම ඇතුළත් දඬුවමට ලක්වේ. “හොරුන් සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” රාහුල් ගාන්ධි නැගූ ප්‍රශ්නයක් හේතුවෙන් 2019 වසරේදී ගුජරාට් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් පවරන ලද සාපරාධී අපහාස නඩුවක් අවසානයේදී ඉන්දියානු…