විභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන අධ්‍යාපන ත්‍රස්තවාදයට විසඳුම කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

  මේ වෙනකොට උසස් පෙළ උත්තර පත්‍ර බැලීම දින 50ක පමණ කාලයක් ප්‍රමාද වෙලා. උසස් පෙළ සිසුන්ගේ ජීවිත කාලයෙන් දින 50ක් මේ. තාරුණ්‍යයෙන් දින 50ක්. මේ වන විට තවදුරටත් ප්‍රමාදයට තියෙන්නෙ එකම හේතුවයි. උසස් පෙළ උත්තර පත්‍ර බලන්නට නම් තමන්ගෙන් ඉහළ පුද්ගල ආදායම් බද්ද අය නොකරන ලෙස හෝ සහන දෙන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටිනවා….

අරගලය, වසරකට පසු…! – අතුලසිරි සමරකෝන්

  ඊයේ දින අහම්ඹෙන් හමුවු, ආණ්ඩුවෙ මාධ්‍ය ආයතනයක වැඩ කරන මිතුරෙක් කියු ලෙසට “අරගලයට සම්බන්ධවූ අයගෙන් විශාල පිරිසක් දැන් ඉන්නෙ සිරි⁣කොතේය”. එමගින් එම මිතුරා අදහස් කළ දෙය විය හැක්කේ රනිල් වික්‍රමසිංහ විසින් සෘජුව හෝ වක්‍රව මෙහෙයවූන පිරිස් ද “අරගලයේ” සිටි බව හා බලය නිසා ඔවුන් දැන් ආණ්ඩුවාදීන් වී ඇති බවයි. අපගේ නිරීක්ෂණයට අනුව අරගලයේ පිරිස්…

|

රජය විශාල වීම සහ සුබසාධනය – ඉකොනොමැට්ටා

විවෘත ආර්ථිකය කියා කියූ විට ගොඩක් අය එක පාරටම මතක් කර ගන්නේ ජේආර් ජයවර්ධන කියන පුද්ගලයා සහ 1977 වර්ෂයයි. ඒ ආකාරයෙන්ම, සංවෘත ආර්ථිකයක් ගැන කතා කරද්දී සමගි පෙරමුණු ආණ්ඩුව මතක් කර ගන්නවා. සමාජවාදය ගැන කියද්දී ජවිපෙ සම්බන්ධ කර ගන්නවා. දැන් අලුතෙන්ම, IMF වැඩපිළිවෙළ ගැන කතා කරද්දී රනිල්ව සම්බන්ධ කර ගන්නවා. ප්‍රස්තුත ප්‍රතිපත්ති වලට හා පුද්ගලයින්ට…

රටේ රාළ අද වීඩියෝව : සජිත් යමුද පොඩි ගමනක්

ගෝල්ෆේස් අරගලය පාවාදීමත් එක්ක විපක්ෂයට නියමිත දේශපාලන භූමිකාවේ තවත් එක වැප්ටර් එකක් අවසන් වෙමින් තියනවා .විපක්ෂ දේශපාලන භූමිකාවකට සාපේක්ෂව දැන් අපේ රටේ විපක්ෂයේ උත්පාත කාලය අවසන් වෙමින් අවපාත කාලයට ළගා වෙමින් තියනවා.දැන් සියලු රැලි අවසානයි. මේ වෙනකොට සජබයවත්, ජාජබයවත් එහෙමත් නැත්තං වෙන පොදු බලවේගයක්වත් ස්ථාවර විපක්ෂයක් විදිහට මතුවේලා නෑ. අර කවුද කිව්වා වගේ රැල්ල ඇවිත් සියල්ල…

ත්‍රස්ත විරෝධී නීති ගැන ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සාමාජිකයෙකුගේ අදහස – අජිත් පැරකුම් ජයසිංහ

මම ත්‍රස්තවාදයට එරෙහි දැඩි නීති තිබිය යුතුයි කියන ස්ථාවරයෙ ඉන්න කෙනෙක්. හැබැයි, මං අවුරුදු තුනක් විතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගතව සිටි කෙනෙක්. ඒ යටතෙ බලහත්කාර පුනරුත්ථාපනයකටත් යොමු වුණ කෙනෙක්. එහෙම ඉඳලත් මේකට පක්ෂද අහන අයට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මං සදාචාරවාදියෙක් හෝ කවියෙක් නෙමෙයි. දේශපාලන මැදිහත්කරුවෙක්. මගේ හෘදය සාක්ෂිය කවියන්ගෙ වගේ මතුපිට සංදර්ශනයක් නෙමෙයි….

දූෂණ විරෝධී නීතිය: බොරු චෝදනා නැගීමට ඇති තහංචි ඉවත් කල යුතුද? – මහාචාර්ය රොහාන් සමරජීව

අල්ලස් හෝ දුෂණ හෝ පිලිබඳ ප්‍රශ්න ඉදිරිපත් කරන තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීමට / ඔවුන් පීඩාවට පත් කිරීමට නව දුෂණ විරෝධී පනත මගින් නව වරදක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඇතැම් යහපත් අදහස් ඇති පුරවැසියෝ කනස්සල්ලට පත්ව සිටිති. ඔවුනට අවශ්‍ය වී ඇත්තේ දුෂණ විරෝධී පනතේ පහත දැක්වෙන 119 වැනි ඡේදය ඉවත් කිරීමටය. 119. එබඳු චෝදනාවක් අසත්‍ය විය හැකි බව…

|

කඩා වැටුණු නිෂ්පාදන ආර්ථිකය ? – ඉකොනොමැට්ටා

  සමහර අය කියන විදිහට හැත්තෑ හතට කලින් ලංකාවේ විශාල නිෂ්පාදන ආර්ථිකයක් තිබී හැත්තෑ හතෙන් පසුව එය නැති වී ගොස් තිබෙනවා. පැරකුම් යුගය වගේ සියවස් ගණනක් ඈත කාල වකවානු ගැන දැන ගන්න තියෙන්නේ සීමිත මූලාශ්‍ර පමණක් වුනත්, හැත්තෑ හතට කලින් කාලය ඒ වගේ දුරස්ථ කාල වකවානුවක් නෙමෙයි. එම කාලයේ ආර්ථිකය ගැන නිශ්චිත තොරතුරු තිබෙනවා. හැත්තෑ…

|

ආර්ථිකයෙන් වැටුණු අන් කිසි රටක් ශ්‍රී ලංකාව තරම් ඉක්මනින් නැඟිට නැහැ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

        අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාවට සමාජයේ අනුමැතියක් ලැබී ඇති බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ක්‍රමෝපායික වශයෙන් වැදගත් තීරණයක් බවත් පෙන්වා දෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මෙවර සිංහල අවුරුද්ද අන් කවර වසරකට ද වඩා ප්‍රබෝධජනක වසරක් වන බව මෙසේ පෙන්වා දෙයි….

රටේ රාළ අද වීඩියෝව : ජනතා ද්‍රෝහී පොදු අපේක්ෂකයා කවු ද?

  ආයෙත් පොදු අපේක්ෂක සංකල්පයකට පොඩියට පණ ඇවිල්ලා වගේ. ඒක ලොකු කරගෙන කීපදෙනෙක් දුවන්නත් පටන් අරන්. ඊළඟට එයාලා පොදු අපේක්ෂක මතයට අනවශ්‍ය වටිනාකමක් කෘත්‍රිමව හදන්න හදන බවත් පේනවා. පොදු අපේක්ෂකයා වෙන්න හිතන අය ගිය සතියට වැඩිය ටිකක් වේගයෙන් දුවන්නත් පටන් අරන්. ඒක නිසා පොදු අපේක්ෂක බලාපොරොත්තු දල්ලාගෙන සිටින සියලු උගත් මහත්වරුන්ගේ පහන් සංවේගය වෙනුවෙන් අද…

|

හැටඅටේ දීපු විසඳුම් ක්‍රියාත්මක නොකිරීමෙන් පනස්පස් අවුරුද්දකට පසු බැටකන ලංකාව – අජිත් පැරකුම් ජයසිංහ

              පරිවර්තනයට ලක්වෙමින් තිබෙන ලංකාවේ රජය තිරසරභාවය ගොඩනගා ගත යුතුයි. එහිදී තමන්ගේ වගකීම් හා කාර්යභාරය හඳුනාගත යුතුයි. ආදායම් හා වියදම් තුලනය කරගත යුතුයි. ආදායම් තුලනය කරගැනීමේදී බදු පරිපාලනය අතිශය වැදගත්. මධ්‍ය කාලීනව හා දිගු කාලීනව ආදායම් වැඩිකර ගැනීමට එය අත්‍යවශ්‍යයි. රජයට බදු ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. ඒ…

|

ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු සම්පත ඉන්දියාවේ අදානිට විකුණුවේ ඇයි ? – නිශාන්ත කමලදාස

ඕස්ට්‍රේලියාවේ ජාතික සම්පතක් වන ගල් අඟුරු ආකාරයක් සඳහා ආයෝජන අවස්ථාව එරට රජය විසින් ඉන්දියාවේ අදානි සමාගමට විකුණනු ලැබීය. එයට එරට විරෝධයක් ප්‍රකාශ වුයේ පරිසර හේතු මත මිස ජාතික සම්පත විකුනනවා කියන පදනමින් නොවේ. කෙසේ වෙතත්, පරිසර ප්‍රශ්නය පිලිබඳ අදානි සමාගමේ පැහැදිලි කිරීම පිළිගත් ඕස්ට්‍රේලියානු රජය එරට ගල් අඟුරු සම්පත අදානිට විකුණුවේ ය. මෙම සිද්ධිය පිලිබඳ…

|

හැත්තෑ හතට කලින් විදේශ ණය

හැත්තෑ හතෙන් පසුව ලංකාවේ විදේශ ණය ඉහළ යාම කවුරුත් දන්නා දෙයක්. පහත වගුවේ තිබෙන්නේ හැත්තෑ හතට පෙර, 1955 පමණ සිට, ලංකාවේ විදේශ ණය ක්‍රමයෙන් ඉහළ ගිය ආකාරයයි. මෙයින් අවධානයට වඩාත්ම යොමු විය යුත්තේ ද්‍රව්‍ය ණය ලෙස සඳහන්ව ඇති තීරුවයි. ද්‍රව්‍ය ණය යනු මෙම කාලය තුළ රජය විසින් නොමිලේ හෝ අඩු මිලට සහනාධාර ලෙස බෙදා දුන්…