රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනද –  ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ

ලයිසෙන්කෝවාදය (Lysenkoism) නම් ව්‍යාජ විද්‍යාත්මක තර්කයක් ඉදිරිපත් කරමින්, විසි වැනි සියවසේ සෝවියට් සමාජය තුළින් ඉස්මතු වීමේ නොතිත් ආශාවකින් පෙළුණු, නිර්ධන පාන්තික විද්‍යාඥයකු ලෙස තමන් විසින්ම හඳුන්වාගත් ට්‍රොෆිම් ලයිසේන්කෝ (Trofim Lysenko) නමැත්තාට සමාන කළ හැකි චරිතයක් අපේ රට තුළ ද බිහි වී ඇතැයි සිතේ. වර්ෂ 1930 ගණන්වලදී ලයිසෙන්කෝ විසින් ඉදිරිපත් කරන ලද, ශාක වර්ධනය හා පෝෂණය…

|

පිරිසක් සැනහෙන පිරිසක් විඳවන බදු චක්‍රය – ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි

රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ණය වාරික නොව ණය පොලියවත් ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් දැන් රජයට නොලැබෙයි. එසේ වන තැනට රජය විසින් ද කටයුතු කර තිබෙන බවට චෝදනා එල්ලවෙයි. චෝදනා කරන අය එසේ කියන්නේ ජනාධිපතිවරණයෙන් ජයගත් වහාම කළ බදු සංශෝධනය හේතුවෙනි. එහෙයින් රටේ බදු ප්‍රතිපත්තිය ගැන මේ විග්‍රහය කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ…

|

“එක රටක් – බලපත්‍ර ගොඩක්” ආර්ථික විද්‍යාත්මකව – ධනනාත් ප්‍රනාන්දු

හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ රසායනික පොහොර තහනම ඉවත් කරාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. රජය ප්‍රකාශ කළේ ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් සිදු කර නැති බවත් ලබා ගත් තීරණය ඉදිරියටම පවත්වාගෙන යන බවයි. ඒ අතරම කාබනික පොහොර සහ සමහර රසායනික සංඝටක ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමට සූදානම් වන බවත් කියවෙනවා. මීට පෙරත් සීනි ආනයනය, පාම් ඔයිල් ඇතුළු…

|

මුදල් ඇමැතිට අභියෝගය ජයගත හැකිද? – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පසුගියදා රූපවාහිනි නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී වර්තමාන රජයේ ස්ථාවරය දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිදු මූල්‍ය සහනයක් රජය බලාපොරොත්තු නොවන බව කියා සිටියේය. සියලු විදේශ ණය නිසි වේලාවට ගෙවා දමමින් මෙතෙක් තබා ඇති වාර්තාවේ නිකැලැල් බව ආරක්ෂා කර ගනිමින් 2021 ජූලි 27 දිනට කල් පිරුණ මුළු අන්තර්ජාතික…

|

ව්‍යවසායකත්වය නොසලකා හැරීමේ ආනිසංස – ආචාර්ය නයන දෙහිගම

දේශීය ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර පහසුවෙන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ක්‍රමයෙන් උද්ගත වෙමින් තිබෙන බවට ඔවුන් අතරින්ම විවිධ මතවාද පැන නැගී තිබේ. මේ ඒ පිළිබඳව දේශීය ව්‍යවසායකයකු සමග කළ සාකච්ඡාවක සටහනකි. ඒ ව්‍යවසායකයා ආචාර්ය නයන දෙහිගමය. එපික් ටෙක්නෝලොජි සමාගම් සමූහයේ නිර්මාතෘවරයා ද ඔහුය. ජපානය, සිංගප්පූරුව හා මැලේසියාව යන රටවල ද තම සමාගම්වල ශාඛා පිහිටුවාගෙන යමින් විදෙස්…

|

ආනයන තරගකාරී කිරීම අපනයන තරගකාරී කිරීමේම කොටසක් – ධනනාත් ප්‍රනාන්දු

යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමත් සමගම ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබෙන GSP Plus පිළිබඳව විවිධ අදහස් පළවීමට පටන්ගෙන තිබෙනවා. එක් මතයක් වන්නේ GSP Plusවලින් ශ්‍රී ලංකාවේ ඇගලුම් සහ මත්ස්‍ය අපනයනවලට විශාල බලපෑමක් එල්ල වන නිසා එමගින් ශ්‍රී ලංකාවේ දැනට පවතින විනිමය අර්බුදය තවත් ඉහළ යා හැකි බව සහ අපනයන තවත් අඩු විය හැකි බවයි….

|

ජනාධිපතිතුමනි, ඔබට ලැබෙන තොරතුරු වැරදියි ; වන්දිභට්ටයින් දෙන ලණු කන්න එපා ! – එජාපයේ නවීන් දිසානායකගෙන් ජනාධිපතිතුමාට අවවාද

කෙනෙකු ජනාධිපති වූ විට බොහෝ දෙනා වට වී ස්ත්‍රෝත්‍ර කියන්නට පටන් ගන්නා  බවත් , ඔවුන් ජනාධිපතිතුමාට නිවැරදි තොරතුරු ලබා නොදෙන බවත්, ජනාධිපතිතුමා ඔවුන් දෙන වැරදි තොරතුරුවලට ඇහුන්කන් නොදිය යුතු බවත් , එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය, නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි. රටේ බොහෝ ප්‍රශ්නවල දී ජනාධිපති තුමාට නිවරදි තොරතුරු නොලැබෙන බව පෙනීයන බවත්, විශේෂයෙන්…

|

වත්මන් ප්‍රශ්න වලට – අතීත විසඳුම් – නිශාන්ත කමලදාස

ප්‍රශ්න වලට මුහුණ දෙන බොහෝ දෙනෙකුට හිතෙන්නේ වර්තමානය ඊට හේතුව බව ය. ඒ නිසා කළ යුත්තේ ඒ ප්‍රශ්න නොතිබූ අතීතයට යෑම ය. ගෝලීයකරණය නිසා බොහෝ රටවල දියුණුවක් ඇති වූ බව ද හැම රටක ම පාහේ බහුතර ජනතාවකට ඉන් වාසි සැලසුන බව ද ඇත්ත ය. එහෙත් එහි ප්‍රතිඵල හැමට ම වාසි දායක වූයේ නැත. ගෝලීයකරණයට අන්තර්ග්‍රහණය වූ…

අධ්‍යාපන සටන යන පාර හරිද ? – අනුර කේ එදිරිසූරිය 

ගුරු විදුහල්පති අරගලයට මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇත .අරගලයට හේතුව වසර විසි ගණනක් පුරා ඇදෙන වැටුප් විසමතාවක් වුව මේ වන විට එම අරගලය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සමඟද ගැටගැසී තිබේ . කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හේතුවෙන් මෙරට නිදහස් අධ්‍යාපනයට බලවත් තර්ජනයක් එල්ල වන බව විරෝධතාකරුවන්ගේ මතයයි. කොතලාවල පනත මගින් මෙරට විශ්වවිද්‍යාල…

|

තැචර්ගේ ආර්ථික පාඩම – සංජීව ජයවීර

කාලයක පටන් කිසිම දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නොවූ ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ අප රට මුහුණ පාමින් ඉන්නා දරුණු ආර්ථික අභියෝග පිළිබඳව රතු කොඩිය ඔසවා අනතුරු හඟවති. අවාසනාවකට මෙන් දේශපාලනඥයෝ නිරන්තරයෙන්ම මෙම අභියෝග නොසලකා හැරියෝය. සාමාන්‍ය සංවේදනයක් ඒ පිළිබඳව තිබේ නම් යන මඟ නිවැරදි අතට හරවා ආර්ථිකය නම් නෞකාව සුමට ලෙස යාත්‍රා කරවිය හැකිවේ යැයි පෞද්ගලික අංශයේ…

ප්‍රශ්නයට පිළිතුර රිෂාඩ්ට ගල් ගැසීමද ? – අනුර සූරියබණ්ඩාර

රිෂාඩ් බදියුදීන් ගේ නිවෙසේ මෙහෙකාර දැරියක මියයාමත් සමඟ මෙරට ළමා අපචාර පිළිබඳ සංවාදය තවත් වටයකින් ඉස්මතු වී තිබේ .ඇතැමුන් විපක්ෂනායක වරයාට බදියුදීන් මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් කරන ලෙස අභියෝග කරති . ඒ අතර ඔවුන්ම උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංගයේදී බදියුදීන් මහතාගේ කණ්ඩායමේ පිරිසකගේ සහය ලබාගෙන තිබේ .මෙය එක් ආකාරයකින් මෙරට දේශපාලනයේ විකට රූපී…

|

තොරතුරු තාක්ෂණ – ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයට එන පොට හොඳ නැති පාටයි – මහාචාර්ය රොහාන් සමරජීව

“ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය: ප්‍රශ්නය මානව සම්පතයි “ යනුවෙන් මා විසින් ලියන ලද තීරු ලිපියක් මගින් මෙම ක්ෂේත්‍රය, එහි තීරණාත්මක ආදානය වූ මානව සම්පත සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව පෙන්වා දෙන ලද්දේ වසර එකොළහකට පෙර දී ය. අපගේ තෘතීය අධ්‍යාපන ආයතනවලින් අප ඉල්ලා සිටිය යුත්තේ මොනවාද යන්න පිලිබඳ සාකච්ඡාවකට…