|

සජිත්ගේ ඉවත්වීම ,ෆොන්සේකාගේ කෝපය හා වැඩ බලන ඇඳිරි නීතිය

    පසුගිය කෙටි කාලය දැනෙන්නේ දේශපාලන කුණාටුවක් හමා ගිය කාලයක් වශයෙනි. කුණාටුවෙන් කුමකින් කුමක් සිදුවේදැයි බොහෝ දෙනා බියපත්ව සිටි බවක් පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත්, කුණාටුව දැන් තරමක් නිමා වී ඇති බවක් පෙන්නුම් කරන්නේ හිතු තරම් බරපතළ විනාශයකින් තොරව බව කිවහොත් වරදක් නැති බව පෙනෙන්නට තිබේ. පසුගිය සතියක හමාරක කාලය සිදුවීම් අධික කාලයක් ලෙස ගෙවී…

නව ජනපතිගේ ආන්දෝලනාත්මක පළමු පියවර – නිශාන්ත කමලදාස

    නව ජනාධිපති විසින් දැනට පියවර ගණනාවක් ගෙන ඇති නමුත් අප කැමති පළමු පියවර ලෙස මහත් ආන්දෝලනයකට තුඩු දුන් අරගලකරුවන් සම්බන්ධයෙන් ගත් හමුදාමය පියවර සැලකීමට ය. එය සෞම්‍ය වචන වලින් කියන්නේ නම් අරගලකරුවන් ඒ වන විට අත්පත් කර ගෙන පදිංචි වී සිටි ජනාධිපති මන්දිරයෙන් ඔවුන් ඉවත් කිරීම පිළිබඳව ය. අප ඒ සම්බන්ධ පසුබිම මුලින් විමසමු….

ජනවරම කරේ තබා ගෙන යා හැකි තරමට සුජාත ද? – නිශාන්ත කමලදාස

  අද වඩාත් වර නැගෙන වචනය ජනවරම යන්න ය. එය වඩාත් දැඩි ලෙස භාවිතා වූයේ රනිල්ගේ අගමැති හා වැඩබලන ජනාධිපති ප්‍රාප්තිය හෑල්ලු කරනු සඳහා ය. අද එය ඔහුගේ ජනාධිපති ප්‍රාප්තිය සාධාරණීකරණය කරනු සඳහා ප්‍රතිපක්ෂය විසින් ද භාවිතා කරන්නට පටන් ගෙන තිබේ. එක ම කාරණය ප්‍රතිවිරුද්ධ ලෙස භාවිතා කිරීමේ පුදුම හැකියාවක් තර්කයට තිබේ. හෑල්ලු කරනු සඳහා…

අපි රනිල් එක්ක තරහ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

මෙතන ඉන්න වැඩිදෙනෙක් රනිල් එක්ක තරහයි. ඇයි ඒ? බොහෝදෙනෙකු හේතුව විදියට දක්වන්නෙ තමන්වත් හරියට නොදන්න, නීතිය ඉදිරියේ පැහැදිලි නොවුණ බටලන්ද හා මහබැංකු බැඳුම්කර වංචාව කියන දේ. හැබැයි, ඇත්ත ඒකමද? හොයල බලන්න. මටත් පුළුවන් ගොඩේ විදියට හිතන්න. මොකද, මාත් ඉන්නෙ අමු ගොඩේනෙ. රනිල්ගෙ ලිංගික දිශානතිය ගැන එක එක කතා තියෙනවා. අපි ඉතින් විෂම ලිංගික මෙව්ව එකනෙ…

රංජිත් හෙන්නායකආරච්චි ඇතුළු රනිල් විරෝධී ඝෝෂකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ලාංකීය අරගලය වෙනුවෙන් ප්‍රති-පිළිතුරක් – දර්ශන කාහිංගල

    ‘රනිල්ගේ බලහත්කාරය සාධාරණ කරන පිරිස්වලට පිළිතුරක්’ මැයෙන් රංජිත් හෙන්නායකආරච්චි විසින් ලියවුණ ලිපියක් ජූලි 16 චදින සුනන්ද දේශප්‍රිය ගේ SriLanka Brief හී පළ කර තිබෙනවා. එයට පිළිතුර ලෙස දර්ශන කාහිංගල විසින් යවන ලද මෙම පිළිතුරු ලිපිය එම වෙබ් අඩවියේ පළකිරීම සුනන්ද දේශප්‍රිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ හා සම්බන්ධ දර්ශන කාහිංගල හා සුනන්ද දේශප්‍රිය…

අග-මුල දැනගෙන වැඩකිරීම – කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහව

  මේ වන විට ලංකාවේ උද්ගතව ඇති දේශපාලන තත්ත්වය මීට පෙර දැකගන්නට නොලැබුණු එකකි. ජනප්‍රියත්වයේ උච්චතම තලයක සිටි පාලනාධිකාරිය වසර දෙකහමාරක් ඇතුළත පිරිහීමට ලක් වීමත් ජනතා අරගලයක් හරහා එම පාලනය අහෝසි කිරීමත් සිදු විය. මෙවැනි තත්ත්වයක් පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ඇති නොවුණි. 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේදීත් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවනු ලැබූ 1971 සහ 1987…

අරගලයේ ශේෂපත්‍රය – කීර්ති ගොඩිගමුව

  පසුගිය මාර්තු 31 මිරිහානින් ඇරඹි ගෝටාගෝහෝම් ජනතා අරගලය ගෝටාභය රාජපක්ෂගේ  නික්ම යාමේ  ප්‍රවෘතියත් සමඟ ජයග්‍රාහී අවසානයකට ලඟාවී ඇත’ ගෝටාගෝහෝම් අරගලයේ ආරම්භක හේතු කාරකය වූයේ ගෝටාභය රාජපක්ෂ පාලනය තුළින් රට ආර්ථික බංකොළොත්භාවයට පත්වීම හරහා ජනතාවට මුහුනදීමට සිදුවූ පීඩනය සීමා ඉක්මවා ක්‍රියාත්මක වීම යි. 2005 දී ආරම්භ වූ මහින්ද රාජපක්ෂ පාලනය 2014 අවසාන වනවිට චීන ණය…

|

මේක අත්හදා බැලීම් කරන වෙලාවක් නෙවෙයි – ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

    ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. එසේම විවිධ පාර්ශ්ව ඉන් මිදීමට යෝජනා ඉදිරිපත් කරයි. ඒ අනුව වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ දිනමිණ කළ විශේෂ කතාබහකි මේ. – උද්ධමනය අපට විතරක් පාලනය කරන්න බෑ – බදු ප්‍රතිපත්තිය වෙනස්…

අරගලය මගේ හඬ නියෝජනය කරන්නේ නැත – අජිත් පැරකුම් ජයසිංහ

  මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය පවත්නා අර්බුදයට විසඳුමකි. ඉන් අනතුරුව අර්බුදයෙන් ගොඩඒම සඳහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමයි. අවසාන වශයෙන් අපට අවශ්‍ය වන්නේ තිරසර සංවර්ධනයකි. පවත්නා අර්බුදයට වැරදිකරුවන් හට දඬුවම් කිරීම වුව සිදුවිය යුත්තේ සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයකින් පසුව ය. අප පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදය එයයි. එය කරන තෙක් මේ අර්බුදයේම පැසව පැසවා සිටිය යුතු නැත. විසඳුම ව්‍යවස්ථානුකූල විය…

කැලේ පැන්න හැමෝටම ආපහු ව්‍යවස්ථාව මතක් වෙයි – අජිත් පැරකුම් ජයසිංහ

  අධිකරණයෙන් බඳින ලද ඉනිමං භාවිතා කරමින් කොළඹට එක්රැස් වූ ලක්ෂයක පමණ උපරිමයක් විය හැකි මොබ් එකක් විසින් පහරදී ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති නිල නිවස සහ රනිල් වික්‍රමසිංහගේ හා ඔහුගේ සොයුරු චන්න වික්‍රමසිංහගේ නිවාස අර්ධ වශයෙන් විනාශ කර, පොදු දේපළ අල්ලාගැනීමෙන් අනතුරුව එම ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන විකාරරූපී තත්වය හා රට පුරා නිර්මාණය…

ගෝඨාගේ නරුම ප්‍රාර්ථනාවට ඉඩ නොදෙමු – මහාචාර්ය රොහාන් සමරජීව

  මහරෑ රටෙන් පලාගිය ජනාධිපතිවරයා තවමත් නිල ඉල්ලා අස්වීමේ ලිපිය එවා නැත. ඔහුගේ ධුර කාලය ගැන කිව හැක්කේ ඔහු හැම විටම කර ඇත්තේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙමින්, රට දෙවෙනි තැනට දමා, නිසි දේ කිරීම ප්‍රමාද කර, බාල විදියට කිරීමයි. මෙයත් ඒ ආකෘතියේම වැඩකි. ඊයේ විදේශ මාධ්‍ය සාකච්ඡාවකදී ඇසු ප්‍රශ්නයකට උත්තර දෙමින් මම කිව්වේ: “Always…

කඩා දමා ජයකොඩි නැංවූයෙමු. දැන් තියෙන්නේ ඉදිකිරීම ය – නිශාන්ත කමලදාස

  ඔ්නෑම බූරුවෙකුට වී බිස්සක් කඩා බිඳ දැමිය හැකි ය. එහෙත් එවැන්නක් නැවත ඉදිකිරීමට දක්ෂ වඩුවෙකු වුවමනා ය. මේ ප්‍රසිද්ධ ප්‍රකාශය මට මතක් වූයේ අරගලයේ ජයග්‍රහණයේ සතුට තුනී වී ගෙන යන මොහොතේ ය. එයින් අදහස් කරන්නේ අරගල, විශේෂයෙන් ම මේ අරගලය, ඔ්නෑම බූරුවෙකුට කළ හැකි බව නොවේ. සංකේන්ද්‍රණය වූ බලයකට එරෙහි කරන ඔ්නෑ ම අරගලයක් අමාරු…