රනිල්ගේ ඉරණම! – වික්ටර් අයිවන්

  රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය. අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිඵලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය පාලනය ගැන අවබෝධයක් නොතිබූ ගෝඨාභය ජනාධිපතිවරයා ඔහුගේ ධූර කාලයෙන් අඩක් සම්පූර්ණ වීමෙන් පසුව ඔහු එම තනතුරෙන් පහ කොට එක ආසනයකට පමණක් හිමිකම…

|

කොළඹ කොටස් වෙළෙඳපොළෙ විශාල වර්ධනයක්

පසුගිය දිනවල සුළු වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළේ අද දිනය තුළ විශාල වර්ධනයක් පෙන්නුම් කළ බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. ඒ අනුව nකලකට පසු අද (02) දිනයේ දී අද දිනයේ රු. බිලියන 2 සීමාව ඉක්මවූ දෛනික පිරිවැටුමක් වාර්තා වී ඇත.  අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 138.95 කින් ඉහළ…

|

ලෝක බැංකු රතු එළියේ පණිවුඩය – මහාචාර්ය ඕ ජී දයාරත්තන බණ්ඩා

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව විදේශ සංචිත ශුන්‍ය මට්ටමට ළඟාවීමට ආසන්නය. එනම්, වියදම් කළ හැකි විදේශ සංචිත නොමැති තරම්ය. මේ තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය ආනයන සඳහා වන ගෙවීම් සිදු කිරීම දුෂ්කර වී ඇත. අපනයන සහ විදේශ සංක්‍රාම හරහා ලැබෙන විදේශ විනිමය හැරුණුවිට ආනයනවලට අවැසි මුදල් සපයා ගන්නේ සංචිතවලිනි. එහෙත් තවදුරටත් ඒ වෙනුවෙන් නිදහස් කිරීමට තරම්…

රනිල් ජනපති වෙනවා කිව්වම මට පිස්සු කිව්වා – එජාප සභාපති වජිර අබේවර්ධන

    රනිල් වික්‍රමසිංහ ජනපති වන බව මාස දෙක තුනකට පෙර නිශ්චිතව ප්‍රකාශ කළේ එජාප සභාපති වජිර අබේවර්ධනය. රනිල් ජනපති කිරීම පිටුපස ඡන්ද සටනේ ප්‍රධානියා වූ ඔහු මන්ත්‍රිවරු සමග ඩීල් දැමූ බවද පැවසුණි. ඒ සඳහා ඔහු ව්‍යාපාරිකයන් සමගද ඩීල් දැමූ බවටද කතාවක් පැතිර ගියේය. මේ කතා කෙසේ වෙතත් රනිල් ජනාධිපති වූ පසු එජාපයේ පුරප්පාඩු වූ…

|

සමගි ජන බලවේගයේ ගෙම්බෝ කවුද ?

  පසුගේය සතියේ වඩාත් ආන්දෝලනාත්මක සහ විවාදාත්මක සිදුවීම වුයේ කොළඹ ගෝල්ෆේස් හි ජනාධිපති ලේකමි කාර්යාලය මුදාගැනීමේ හමුදා පොලිස් මෙහෙයුම යි. එය සිදුවුයේ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දී පැය විසිහතරක් ගත වීමට ද මත්තෙනි. 22 දා ,සිකුරාදා පාන්දර විශාල පොලිස් සහ හමුදා බල ඇණියක් ජනාධිපති කාර්යාලයට පැමිණ එහි රැඳී සිටි අරගල කරුවන්ට පහර…

මා සිට ගත යුත්තේ කොතැනක ද? – නිශාන්ත කමලදාස

  මා සිට ගත යුත්තේ කොතැනක ද? ඔබ එක්කෝ අප සමග ය. නැත්නම් ත්‍රස්තවාදීන් සමග ය. මෙසේ කීවේ ඇමරිකාවේ 9-11 සිද්ධිය කාලේ ජනාධිපති ව සිටි ජෝර්ජ් බුෂ් ය. ත්‍රස්තවාදයට විරුද්ධව මැදපෙරදිග හා ඇෆ්ඝනිස්ථානයේ  ඊනියා යුද්ධය ආරම්භ කරමින් හා පැවති සටන් තීව්‍ර කරමින් ය. අප මේ තත්වයට ඇද දැමූ මුල් ම හා අවසාන පුද්ගලයා ඔහු නොවේ….

‘මර්දනය’ සහ පුරවැසි වගකීම – අජිත් පැරකුම් ජයසිංහ

  මේ දවස්වල බොහෝ අය කතාකරන්නේ මර්දනය ගැනයි. මර්දනය යන්න ද තවත් එක් භාෂාත්මක යෙදුමකි. එය ද අර්ථගන්වනු ලබන්නේ සංදර්භය විසිනි. ‘අරගලය’ මෙවැනි තවත් යෙදුමකි. අප ද යෙදී සිටින්නේ අප ද ඇතුළු සමස්ත ලංකාවම වෙනුවෙන් යහපත් අනාගතයක් උදාකරගැනීමේ අරගලයකය. එහෙත් ‘අරගලය’ යනු වෙනස් සංදර්භයකි. එය කුමක් වෙනුවෙන් කරනු ලබන්නක්දැයි පැහැදිලි නැත. මුලින් ජනාධිපති ගෝඨාභය පැන්නීමටය….

ජනපති ක්‍රමය හා අරගලය – තිසරණී ගුණසේකර

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්න ශ්‍රී ලාංකිකයන් අතිබහුතරයක මතයයි. වෙරිටේ රිසර්ච් (Verite Research) ආයතනය 2022 ජූනි මස දිවයින පුරා පැවැත්වූ ජනතා මත විමසුමකට අනුව ශ්‍රී ලාංකිකයන්ගෙන් 70%ක් කියනුයේ විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු බවය. විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් කුමන හෝ අයුරකින් පවත්වා ගත යුතු යැයි කියනුයේ මෙරට ජනතාවගෙන් 15%ක් වූ…

|

නාස්තිකාර පාලනයේ වින්නැහිය – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන

  දොළොස් වැනි සියවසේ මැද භාගයේ දී පසුකාලීනව පළමු පරාක්‍රමබාහු රජ බවට පත් පරාක්‍රමබාහු කුමරා දක්ෂිණ දේශයේ රජකමට පත්වූ විට සිත්තැවුලට හේතුවන අත්දැකීමකට මුහුණ පෑවේය.  දළවශයෙන් දක්ෂිණ දේශය යයි හැඳින්වූයේ මෙකල බටහිර සහ වයඹ පළාත්ය. චූලවංශයේ දක්වා ඇති පරිදි කුමරා ඔහුගේ භාණ්ඩාගාරිකගෙන් (මේ වන විට භාණ්ඩාගාර ලේකම් හා සමාන) විමසා සිටියේ ප්‍රමාණවත් සම්පත් භාණ්ඩාගාරයේ තිබේද…

රනිල ශාඛයේ ප්‍රෝටීනමය සාපය – අජිත් පැරකුම් ජයසිංහ

    රමිඳු ලඛික පෙරේරා විසින් ලියන ලද ‘රනිල ශාඛයේ සාපය’ නම් ලිපිය (එය ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබේ) ආවේගශීලීත්වයෙන් මිදී අරගලය පිළිබඳ විග්රහ කිරීම සඳහා දරන ලද සාධනීය උත්සාහයකි. මෙම ලිපියේ මාතෘකාව එය මඳක් වෙනස් කරගෙන සකසා තිබේ. ආවේගශීලීත්වයෙන් මිදී අරගලය පිළිබඳ විග්‍රහ කිරීම සඳහා දරන ලද සාධනීය උත්සාහයකි. කෙසේ වෙතත්, මෙම ලිපිය විසින්…

|

ජනතාව කබලෙන් ලිපට දැම්මේ කවුද? – මහාචාර්ය සිරිමල් අබේරත්න

මහජන විරෝධයේ සාමකාමී බවත් විනයානුකූල ස්වාභාවයත් කෙමෙන් වියැකී යද්දී ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 2022 ජුනි මාසයේ සියයට 54.6 දක්වා ඉහළ ගිය බව වාර්තා වූයේය. එය සියලුම ආසියානු රටවලින් ඉහළම අනුපාතයේ වූ උද්ධමනයයි. සමස්ත ලෝකය ඇසුරෙන් බැලුව ද ශ්‍රී ලංකාව පසු වන්නේ ඉහළම උද්ධමනය පවතින රටවල් 10 අතර ය. ඒ සියලුම රටවල උද්ධමන වේගය සියයට 50කට…

දේශප්‍රේමය දූෂණ විරෝධය කරට ගන්න දේශපාලන කපටි –  එම්.එස්.එම්.අයුබ්

ඉකුත් බදාදා (20) පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොවේ. මහජන උද්ඝෝෂණ නිසා රට අත්හැර යන තත්ත්වයට පත්ව සිටි රාජපක්ෂවරුන්ටද එමඟින් අත්වූයේ විශිෂ්ට ජයග්‍රහණයකි. පසුගිය මාර්තු 31 වැනිදා සිට පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය නිසා මැයි මස 9 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවිය….