“චීනෙන් ඇවිදින් අපගේ ණය ගෙවන්න…” – කල් ඇවිදින් ඒ සිහිනෙන් අවදිවන්න – ධනනාත් ප්රනාන්දු
මෙරට ආර්ථික අර්බුදය නැවත ලෝකය හමුවේ සනාථ විය. මෑතක් වෙන තෙක්ම විවිධ දේශපාලන කඳවුරු අපේ ආර්ථික අර්බුදය ඔවුන් කැමැති ලෙස නිර්වචනය කළා මිස සැබවින්ම එහි යථා ස්වභාවය පැහැදිලි කළේ නැත. ඇතැමුන් ප්රශ්න කළේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතයට ණය ප්රතිශතය (Debt to GDP ‘Ratio) වැඩි වුණාම මොකද වෙන්නේ? ජපානෙත් වැඩියිනෙ… මුදල් අච්චු ගැහුවම මොකද වෙන්නේ නූතන මුදල්…
