රනිල් රාජපක්ෂ පැරදවීම – චින්තන ර්ධමදාස

රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න මේ මොහොතෙ දේශපාලන පක්ෂ කණ්ඩායම් කිසි එකකට බෑ කියලයි මගේ පිලිගැනීම.ඒකට හේතුව රනිල් වයස්ගත දේශපාලකයෙක් වීම. හැමෝම තරග කරන්නෙ තරුණකමත් එක්ක. දේශපාලනය විශේෂයෙන් ලංකාවෙදි වයසට යමින් කළ යුතු ක්‍රීඩාවක්. ඒකට හේතුව දේශපාලනයේ වැදගත්ම දේ ඉවසීම සහ කල්මැරීම හින්ද. ලංකාව වෙනස් කළා කියන අරගලය මතුවෙන්නෙ මීට ප්‍රතිවිරුද්ධ දිශාවෙන්. බ්‍රොයිලර් දේශපාලන ක්‍රියාකාරීත්වයක් විදිහට….

‘ඉවසිලිවන්ත මිනිසෙකුගේ කෝපයෙන් ප්‍රවේසම් වන්න’ – මහිම සුජීව ගමගේ

”ජනතාවකගේ බලය සහ විමුක්තිය පවතින්නේ අවංකවම සිතන අවංක හැඟීමකින් යුතුව වැඩ කළ හැකි බුද්ධිමත් ගණය තුළ සහ බුද්ධිමතුන් තුළය” -ඇන්ටන් චෙකොව්නායකයකු සැමවිටම බුද්ධිමතෙකු විය යුතු අතර අනිත් අතට බුද්ධිමතෙකුට නායකයකු වීමටද හැකිවේ. එහෙත් බුද්ධිමතෙකු වීමටත් නායකයකු වීමට අවශ්‍ය වන ප්‍රධාන සාධකයක් ඇත. එය නම්, ‘ඉවසීම’ ය. ‘ඉවසීම’ගැන මහා දාර්ශනික ‘රූසෝ’කියා ඇති මෙ නිර්වචනය බලන්න. ”…

රටේ රාළ : රනිල්ගේ රහසිගත ප්‍රේමය

සිංහල සිනමාවේ හැම කලාත්මක චිත්‍රපටියක් වටේම ගෙතෙන්නේ එකම ජාතියේ කතාවක්.කතාවේ ප්‍රධාන චරිත තුනක් ඉන්නවා. කෙල්ලයි, කොල්ලයි, දුෂ්ඨයයි අනිවාර්යයි. කොහොම හරි දුෂ්ඨයා කෙල්ලව හිරකරගෙන ඉන්නවා. අන්තිමට කොල්ලා ඇවිත් දුෂ්ඨයට ගහලා කෙල්ලව අරන් යනවා. කොල්ලා මුලදී එකක් දෙකක් ගුටි කෑවට අන්තිමට කොල්ලා නැගිටලා ඔක්කොටෝම ගහනවා. කොල්ලා කවදාවත් පරදින්නේ නෑ. ඒක සිංහල සිනමාවේ හැටියක්.හැබැයි රටේ රාළ අද කියන්න…

විරෝධතා මුවාවෙන් විනාශයට – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

රටේ ඉහළ ආදායම් ලබන පිරිසේ බදු ප්‍රමාණය අඩු කරන ලෙස ඉල්ලා මාර්තු පළමුවැනිදා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය මේ සතියේ සිට නැවත ආරම්භ කරන බව ද අඛණ්ඩ වැඩ වර්ජනයක් ලෙස එය පවත්වාගෙන යන බව ද ඇතැම් වෘත්තීය සමිති නායකයන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.  එම වර්ජනය ආරම්භ කිරීමට පෙර රජය සමහර සේවා සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය…

|

වැඩියෙන් වැඩ කළොත් අඩු කාලයකින් ගොඩ යන්න පුළුවන් –

      ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන්නේ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දන්නා දෙයකි. කෙසේ වෙතත් මෙහි ගැඹුර පිළිබඳ හෝ ඉන් ගොඩ ඒම පිළිබඳව තවමත් සමස්ත සමාජයම නිවැරැදි අවබෝධයක සිටින බවක් නොපෙනේ. මැතිවරණ ඉල්ලා කෑ ගැසීම, බදු අඩු කරන්නැයි උද්ඝෝෂණ කිරීම සිදු කළ පමණකින් රට මුහුණ දෙන දැවැන්ත ආර්ථික අභියෝගය ජය ගත හැකිද? සමස්ත…

| |

අනාගත නායකයන්ට හදන්න රටක් නැත – ඝෝෂක Chatham Street Journal

විපක්ෂ කොටස්වල සහ ඉහළ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතිවල විරෝධයට ලක්ව තිබෙන රජයේ නව බදු සංශෝධනය, පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ එය රජය ගත් නිවැරදි පියවරක් බවය. හදුන්වා දී තිබෙන පුද්ගලික ආදායම් බදු අනුපාතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරන බවද එම සංවිධානය පවසයි. ලංකාවේ ප්‍රධාන අර්බුදය වන්නේ වියදම් පියවාගැනීමට ප්‍රමාණවත් ලෙස ආදායම් නොලැබීමයි. 2021 වසරේ දී…

ජවිපෙ කලබල වුණොත් කොරොස් කටෙත් අත දාගන්න බැරිවෙයි – අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙට තමයි දැන් ලොකුම කලබල ගතිය තියෙන්නෙ. ඒකට හේතුව මෙහෙමයි. ඔවුන් දන්නවා කලකිරීම හා වෛරය මත නිර්මාණය වුණ රැල්ල පවතින්නෙ ඉතාම කෙටි කාලයක් පමණක් බව. ඒ නිසා ඇත්තෙන්ම ඔවුන් බැලුවෙ තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න. රාජ්‍ය බලය අරගෙන කරන්නෙ මොකක්ද කියල අදහසක් ඔවුන්ට නැහැ. දැනට ඒ ගැන හිතන්නෙත් නැහැ. රාජ්‍ය බලය ගත්තොත්, ඉන් පසුව හිතයි….

|

මේ දිගහැරෙන්නේ ‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදය’ට එරෙහි විප්ලවයකි – සී ජේ අමරතුංග  

මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දනිති. එහෙත්, එයට විසඳුම් සොයනු වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ අර්බුදය මැද්දෙන් තමන්ට බලයට එන්නට මාවතක් සකසා ගැනීමට බව පෙනෙන්නට තිබේ. ඔවුන් සියලු දෙන කියන්නේ අර්බුදය විසදිය හැක්කේ තමන්ට බව ය. එය සියලු දේශපාලන පක්ෂ හැමදා කියූ කතාවකි. මේ…

ඉතිහාස කොක්කේ ඇමිනුණ මාලිමා කෙක්ක – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

සමාජ මාධ්‍ය ජාල හරහා ඉඳහිට එල්ලවන මුෂ්ඨි ප්‍රහාර හැරුණ විට,  බහුතරයක් දෙනාගේ සාධනීය සංවාද බෙහෙවින් තෘප්තිමත් ය.ඉතාලියේ කමල් නිරතුරුව රට පැත්තෙන් හිතන යමක් ගැඹුරෙන් දනින්නෙකි. ඔහු අමෙරිකාවේ හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටිව් හැන්කේගේ අලුත්ම සමීක්ෂණ වාර්තා යොමු කොට, අදහස් විමසීය. ඒ වනවිටද, මා කියවා තිබුණ එකී සමීක්ෂණ වාර්තාවේ රටේ උද්ධමනය අඩු වීම මෙන්ම, රුපියලේ  අගය ඉහළ…

|

අයි.එම්.එෆ්.ණයට වළ කපන්නෝ – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර් ය සුනන්ද මද්දුමබණ්ඩාර

  රට සම්බන්ධ ඉතා වැදගත් පුවතක් පෙරේදා එනම් 27 වැනිදා ප්‍රකාශයට පත් විය. ඒ ලෝක බැංකුවේ ආයෝජන ආයතනය වශයෙන් සැලකෙන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාව සඳහා හුවමාරු මූල්‍ය පහසුකම් යටතේ ඩොලර් මිලියන 400ක් පිරිනැමීමට තීරණය කර ඇති බවය. ඒ පිළිබඳ එම ආයතනයේ ප්‍රකාශයේ මෙසේ සඳහන් විය. ˝මෙම පහසුකම් ලැබීමෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය ආයෝජන ප්‍රජාව…

ජවිපෙ ආණ්ඩුවක් යටතේ වෘත්තීය සමිති ප්‍රශ්නයට විසඳුම් යෝජනාවක්

ර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ප්‍රමාද වී හෝ සිදු වේ. ප්‍රමාද වන තරමට ඒවා වඩාත් කෘර වේ. එවිට ද වෘත්තීය සමිතිවලින් මෙවැනිම ප්‍රතිචාර එල්ල වනු ඇත. ඒ නිසා ඔවුන්ට ද මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට සිදුවනු ඇත. ලංකාවේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති ප්‍රශ්නයට ඉතා මානුෂික විසඳුමක් ඇත. එනම්, අත්‍යවශ්‍ය සේවාවන්ගේ වර්ජකයන් නීත්‍යානුකූලව සේවයෙන් පහකිරීමයි. එසේ අස්කළ අයට පොදු…

ජවිපෙට හෙවත් ජාජබයට : කැමති, ආදරය කරන සහ වහල් සේවයේ යෙදෙන්නන්ට කෙටි පිළිතුරක් – ජයසිරි අලවත්ත

‘‘61වියැති ජාජබ අපේක්ෂක සොයුරාගේ ඝාතකයෝ කවරහු ද…?’’ යන මැයෙන් වූ මෙම පොස්ටුව මා 2023/02/27වන දින රාත්‍රියේ මගේ මුහුණු පොතේ පළ කළේ විශේෂ හේතුවක් මත ය; අත්හදා බැලීමක් සඳහා ය.මා අදහස් කළ පරිදි ම මගේ එම උත්සාහය ඵල දරා තිබිණ. එනම් මේ වන විට ජවිපෙට හෙවත් ජජාබ වෙත: කැමති, ආදරය කරන සහ වහල් මෙහෙවරේ යෙදන පුද්ගලයන්…