දරාගත හැකි මිලකට නොකඩවා විදුලිය දෙන්නේ කෙලෙස ද ? – මහාචාර්ය රොහාන් සමරජීව

  යම්කිසි දෙයක වටිනාකම තේරුම් ගැනීමේ හොඳ ම ක්‍රමය වන්නේ එය නොමැති ජීවිතයේ අත්දැකීමට මුහුණදීම යි. විශ්වාසය තැබිය හැකි විදුලි සැපයුමක වටිනාකම පෙන්වාදීමේ හදිසි පාඨමාලාවක්  ආණ්ඩුව මේ දිනවල අපට ලබා දෙමින් සිටියි. එය අප්‍රසන්න පාඩමක් වුව ද , ඉගෙනගැනීමේ අවස්ථාවකි. අප විදුලිය කැපීමේ හේතු පරීක්ෂා කරන්නේ නම් ඉගෙනගැනීම ගැඹුරු විය හැකි ය. රටේ විදේශ ණය…

යුක්රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය – මහචාර්ය රොහාන් සමරජීව

  ස්ථාවරයන් මුලධර්ම මත පදනම් විය යුතු ය. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය කුමක් විය යුතු ද ? අතීත භාවිතයන් අපට ලබා දෙන පාඩම් කවරේද? බංග්ලාදේශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය 1971 දී බටහිර පකිස්තානයේ හමුදාව සහ එහි බලයේ සිටි උදවිය, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් එවකට නැගෙනහිර පකිස්තානය ලෙස හඳුන්වනු…

එල්ලය වරද්දා ගත් බූස්ටර් ප්‍රචාරය – අනුර කේ එදිරිසූරිය 

බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා ජනතාව පොළඹවා ගැනීමට ආණ්ඩුවට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුව තිබේ. මේ දිනවල ප්‍රචාරය කෙරෙන දැන්වීම පමණක් වුව ඒ බව තහවුරු කරන්නට ප්‍රමාණවත්ය. බූස්ටර් එන්නත ලබා ගැනීම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකි. ඒ සඳහා ඔවුන්  අමුතුවෙන්  උද්‍යෝගිමත් කිරීමේ අවශ්‍යතාවක් තිබිය නොහැකිය. නමුත් ජනතාව බූස්ටර් එන්නතට කැමැත්තක් නැත.එන්නත නිසා මදසරු බව ඇතිවේය ආදි…

රජෙකුට ඇබෑර්තුවක් තිබේ? – නිශාන්ත කමලදාස

ඉන්නා රජා ෆේල්ය යන උපකල්පනය මත පිහිටා සමහරු රජෙකුට ඇඳීමට තැත් කරන බව පෙනේ.  ඇත්තට ම කියන්නේ නම් ඒ අතරින් සමහරු වස්ත්‍රාභරණ ද දැනට ම සූදානම් කර ගෙන අවසන් ය. බහුතරය තෝරාගත් තමන්ගේ කෙනෙකු රජෙකුට ඇන්දවීමට කටයුතු කරන ලකුණු ද බොහෝ තැනක දැකිය හැකි ය. ඔවුන් ද මේ දිනවල ඔ්වර් ටයිම් නැතිව ම වැඩ ය….

ඔහෙත් කළා මමත් කළා – අනුර සූරියබණ්ඩාර

අර්ථසාධක අරමුදල ඇතුළු සේවක සුබසාධක අරමුදල්වලින් 25% අධිභාර බද්දක් අය කිරීමේ තැතට එරෙහිව නැඟුණු විරෝධයේ දී ආණ්ඩුවේ පාර්ශ්ව කීයේ එය යහපාලනයේ හෙවත් පසුගිය ආණ්ඩුවේ වරදක් හේතුවෙන් සිදුවූවක් කියාය. එනම් එකී අරමුදල් සමාගම් ලෙස අර්ථනිරූපණය වී ඇත්තේ යහ පාලනයේ දොසක් නිසාය යන්න ය. විරුද්ධ පක්ෂ ආණ්ඩුවේ වැරදි විවේචනය කරන විට ආණ්ඩුව පසුගිය ආණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීම…

|

අයි.එම්.එෆ් නොගොස් බැරිද..? – කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සාමාජික චිත්‍රාල් ජයවර්ණ

  රට තුළ මේ වන විට සාකච්ඡාවට බඳුන් වී ඇති ප්‍රමුඛ මාතෘකා බවට පත් වී ඇත්තේ ආර්ථිකයේ මතුවී ඇති අර්බුදවලට පිළියම් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු ද? නැද්ද? යන්නයි. විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට අදහස් දක්වමින් සඳහන් කරන්නේ ලංකාවේ වර්තමානයේ ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු…

|

ජාතික සම්පත් හා ජාතික අපරාධ – දනනාත් ප්‍රනාන්දු

  ශ්‍රී ලංකාවේ කාලෙන් කාලේට මතු වන විශාල ප‍්‍රශ්නයක් තමයි මොනව ද මේ ජාතික සම්පත්? ජාතික සම්පත් රැකගන්න අවශ්යනද? ජාතික සම්පත් විකිනුවොත් මොකද වෙන්නේ? යන කතා බහ. මේ මාතෘකාව දේශපාලනය තුළ ද කතා බහට ලක් වෙනවා. ඕනම දෙයක් සම්පතක්ද නැද්ද කියල තීරනය කරන්න පුළුවන් ප‍්‍රධානම කාරනා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ජාතික සම්පත් වලින් ධනයක්…

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා කොකාගේ සුද – නිශාන්ත කමලදාස

ජාතික ජන බලවේගය සිතන විදිහට ඔවුන් ඊළඟ මැතිවරණයේ දී ජය ගැනීම කිසිවකුට වැළැක්විය නොහැකි ය. එහි ඉන්නා ඇතැමුන්ගේ අදහස් වලට අනුව සියයට අසූවක ජන බලයක් ඔවුන් ලබා ගනු ඇත්තේ ය. ඒ ගැන පේන කියන්නට අපට නම් බැරි ය. එයට හේතුව ජනතාව ඔය කියන තරම් බුද්ධිමත් නැති අතර ජාජබ සිතන තරම් අන්ධ ද නැති නිසා ය….

මගේ ගුරු පඩිය හා බිරිඳගේ හෙද පඩිය – අජිත් පැරකුම් ජයසිංහ

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා කිසිදාක නිමාවන්නේ නැත. වර්තමානයේදී හෙද, පරිපූරක වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරි වැනි සෞඛ්‍ය සේවකයින්ගේ සටනෙහි ද ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් තමන්ට වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔවුහු පවසති. එය මෙවැන්නකි. මම කලක් ගුරු වෘත්තියේ යෙදුණෙමි. මගේ බිරිඳ හෙද නිලධාරිනියකි. මා නුපුහුණු,…

අඳුරේ දුවන සමාජයක් –  අනුර කේ එදිරිසූරිය 

  රෝගයකට ප්‍රතිකාර කිරීම වෙනුවට යාච්ඤා කරමින් සිටීම හේතුවෙන් දරුවකු මියයාම පිළිබඳ පුවතක් පසුගිය දා මාධ්‍ය මඟින් වාර්තා කරනු ලැබුණි. ඇතැම් මාධ්‍ය එම මරණය පෙන්වා දුන්නේ මිථ්‍යාව පසුපස යාමෙන් සිදුවුවක් වශයෙනි. විද්‍යාව අතහැර මිථ්‍යාව පසුපස යාම වර්තමානයේ මෙරට සමාජ ව්‍යසනයක් දක්වා වර්ධනය වී තිබේ. එහි වගකීමෙන් වැඩි කොටස පැවරෙන්නේ ජනමාධ්‍ය වෙත ම බව කනගාටුවෙන් වුව…

|

රජයේ ලොකුම ව්‍යාපාර 5 දවසකට ලබන පාඩුව රු.මිලි. 384. – තත්සරණී සිරිවර්ධන 

ගියපාර ලියපු මගේ articel එකට කෙනෙක් comment කරලා තිබුණා අපි ඛනිජ තෙල් සහ විදුලි බලය මුදල් වලට ගන්නවා නම් කොහොමද මේ ආයතන පාඩු ලබන්නේ කියලා. ඒවගේම මෙච්චර ණය වෙලා තියෙන්නේ කොහොමද කියලත් අහල තිබුණා. ඉතින් මම හිතුවා මේකට පිළිතුරක් ලියන්න. ඇඩ්වොකාටා ආයතනයේ වර්ගීකරණයට අනුව ලංකාවේ රාජ්‍ය සතු ව්‍යපාර 527ක් තියෙනවා. හැබයි මහ භාණ්ඩාගාරයේ හදුනාගත් ක්‍රමෝපායික…

|

සංස්කෘතිය කර තබා ගැනීම – නිශාන්ත කමලදාස

  ලාල්කාන්ත සහෝදරයා දෙරණ 360 ට සහභාගී වෙමින් කීවේ රටේ සංස්කෘතියට තමන් හා තමන් නියෝජනය කරන දේශපාලනය බලවේග ගරු කරන බවත් ඒ සංස්කෘතිය පවත්වා ගෙන යමින් ඒ ඇතුළත කළ හැකි දේ කරන බවත් ය. ඔහු නොකියා කීවේ පවතින සංස්කෘතියට අභියෝග කිරීමට ඔවුන්ට වුවමනාවක් නැති බව ය. භාවිතා කළ වචන ඒවා ම නොවෙතත් ඉදිරිපත් කළ පණිවුඩයේ…