අනෙකාට ගෞරව කිරීමට නොදන්නා මිනිසුන් – නිශාන්ත කමලදාස
සමහර අය සෙසු අයට ගෞරව කිරීමට දන්නේ නැත. වෙන කෙනකු වෙනුවෙන් ඉඩ සලසන්නට නැමෙන්නට ඔවුන්ට බැරි ය. පාරක යතොත් ඒ යන්නේ පාරේ අයිතිකාරයා තමන් බව අඟවමින් ය. රථයක යන්නේ නම් නලාව හඬවමින් සියල්ලන්ට අයින් වන ලෙස සන් කරමින් ය. අනෙකාගේ මං තීරුවට දැනුම් දීමක් පවා නොකර බලහත්කාරයෙන් ඇතුළු වෙමින් ය. බස් රථයක වාඩි වුණොත් පුළුවන්…
