ජනපති නමැති ආර්ථික ඝාතකයා – සිරිසේන රාජපක්ෂ

ජනපති නමැති ආර්ථික ඝාතකයා – සිරිසේන රාජපක්ෂ

ඔක්තෝබර් 26 දා ජනාධිපතිවරයා විසින් පවැති ආණ්ඩුව අකර්මණ්‍ය කිරීමට ගත් තීරණය හේතුවෙන් රටේ දේශපාලනය පමණක් නොව ආර්ථිකයද බලවත් අර්බුදයකට ඇද දමා ඇති බව පෙනෙන්නට තිබේ. පවතින දේශපාලන උණුසුම හේතුවෙන් රුපියලේ බාල්දුව සහ ඩොලරයේ නැඟීම රටට අමතකව ඇති නමුත් රුපියල බාල්දුවීම නතර වී නැත. ඉතිහාසයෙ පැවති ඉහළම අගය දක්වා ඩොලරය මේ වන විට ඉහළ නඟිමින් පවතී….

සති හයකට පසුව රටට නීත්‍යානුකූල ආණ්ඩුවක් පත්වීමට අවස්ථාව උදාවෙලා – සජිත් ප්‍රේමදාස

සති හයකට පසුව රටට නීත්‍යානුකූල ආණ්ඩුවක් පත්වීමට අවස්ථාව උදාවෙලා – සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ඓතිහාසිකම දිනය අද දවසයි. එයට ප්‍රධානමතම හේතුව වන්නේ ඔක්තෝබර් 26වෙනිදාසිට දෛනික වශයෙන් නීතිවිරෝධීව ව්‍යවස්ථාවිරෝධීව උල්ලංගනය වූ ආණ්ඩුක්‍රම වයවස්ථාව ස්වාධීන පිරිසිදු සුපිරිසිදු අධිකරණයක් තුළින් එම ව්‍යවස්ථා විරෝධි පියවරවල් වලට නැවතීමේ ලකුණ තැබීම අද ක්‍රියාත්මක වුණා. එම නිසා විශේෂයෙන්ම පළමුවෙන්ම මම අපේ රටේ ස්වාධීන අපක්ෂපාති අධිකරණයට මේ රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය…

තීන්දුවට පෙර අරලියගහ මැදුරෙන්
|

තීන්දුවට පෙර අරලියගහ මැදුරෙන්

1917 රුසියානු විප්ලවය ඓතිහාසික දේශපාලන සංසිද්ධියක් වුවද ශ්‍රීලංකාවේ 2018 ඔක්තෝම්බර් කුමන්ත්‍රණය මාස දෙකකට ආසන්න කාලයක් රට අක්‍රිය කළ තවමත් නොනිමි මහා ව්‍යසනයක් බවට පත්ව තිබේ. ව්‍යජ අගමැති ලෙස මහින්දත්, ව්‍යාජ ආණ්ඩුව ලෙස එම නඩයත් පත්වී පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය තනාගැනීමට ඔවුහු දැවැන්ත උත්සාහයක් කළහ. එසේ බැරිවූ තැන ජනපතිවරයා පාර්ලිමේන්තුවද කල් දමා ඒ සදහා යළි යළිත්…

ජනාධිපතිවරයාට අවුරුදු හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකියි. – අගවිනිසුරු

ජනාධිපතිවරයාට අවුරුදු හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකියි. – අගවිනිසුරු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය මින් මොහොතකට පෙර ඒකමතිකව තීන්දු කළේය. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කරයි. ඒකමතික තීන්දුව අනුමත කරමින් විනිසුරු සිසිර ද ආබෲ වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට…

සිරිසේන අව-ලකුණ – ආචාර්ය අමීර් අලී

සිරිසේන අව-ලකුණ – ආචාර්ය අමීර් අලී

ඔක්තෝබර් 26 වැනිදා සිට ලංකාවේ දිග හැරෙමින් පවතින ක‍්‍රියාවලිය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද්විතීය තත්වයකි. මීට පෙර කිසි විටෙක, ජනතාව තෝරා පත්කර ගත් ආණ්ඩුවකින් තොරව කෙනෙකු රට කරවා නැත. විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත ආණ්ඩු ක‍්‍රමයක් හඳුන්වා දුන් දා සිට මේ දක්වා කිසි විටෙක ජනාධිපතිවරයෙකුගේ එකම තාර්කිකත්වය අතාර්කිකත්වය බවට පත්ව නැත. මේ දක්වා කිසි විටෙක, දෙමළ ජාතික සන්ධානය,…

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද (12) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කළේය. එම යෝජනාව ස්ථිර කළේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා විසිනි. ඒ සම්බනධයෙන් කළ ඡන්ද විමසීමේදි වැඩි ඡන්ද 117කින් එම යෝජනාව සම්මත විය. මේ සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ…

19 ට ආරියාදුව – සම්පත් අමරසිංහ

19 ට ආරියාදුව – සම්පත් අමරසිංහ

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය තම රජයක් යටතේ අනිවාර්යෙන්ම වෙනස් කරන්නට සිදු වනු ඇති බව පවසා තිබුණේ නීති විරෝධි ආණ්ඩුවේ මන්ත්‍රිවරයකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය. එපමණක් නොවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බවද මන්ත්‍රිවරයා පවසා තිබුණි. 19 සම්බන්ධයෙන් තමා කණගාටු වන්නේ කවර හේතුවක් නිසාදැයි ලක්ෂමන් යාපා මන්ත්‍රිවරයා පැහැදිලි…

අමිල හිමි සහ ප්‍රොෆෙසර් විජේසූරිය (සංඛේත දෙකක් පමණයි) – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

අමිල හිමි සහ ප්‍රොෆෙසර් විජේසූරිය (සංඛේත දෙකක් පමණයි) – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

“ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කළ මාගේ ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ජාතික ලොතැරැයි මණ්ඩලයෙන් මා අනුග්‍රහයක් ලබා ඇත. මේ අන්දමට අනුග්‍රහය ලැබූ ලංකාවේ ප්‍රථමයා මම නොවෙමි. පසුගිය මාස එකොළහ තුළ දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ලොතරැයි මණ්ඩලයෙන්ම අනුග්‍රහය ලබා ති‍බෙන බව දැනගන්නට ලැබුණි. ඇතැම් අය ලක්ෂ විස්ස විසිපහ පවා අනුග්‍රහය ලබා ඇත. ඒ අය අතර සැලකිය…

ද්‍රෝහි වීම – නිශාන්ත කමලදාස

ද්‍රෝහි වීම – නිශාන්ත කමලදාස

ද්‍රෝහි වීම හා පාවා දීම සැලකෙන්නේ අනුමත කළ නොහැකි වැරදි හැසිරීම් ලෙස ය. විශේෂයෙන් සිය රටට, ආගමට හා ජාතියට ද්‍රෝහි වීම සමාව දිය නොහැකි වැරදි ලෙස සැලකේ. මේ හැසිරීම සම්බන්ධයෙන් ඇතැම් අයට ලේබල් අලවනු ලබන අතර, එසේ ලේබල් ඇලවීමට ලක් වන අයට විවිධ අඩම්තේට්ටම්වලට ලක් වීමට ද සිදු වේ. සුළු අඩම්තේට්ට්ම් නොව අතිශය සාහසික අඩම්තේට්ට්ම්…

‘තම ජාතියේ සාරධර්මවලට වඩා ඊට හිමිවිය යුතු වරප්‍රසාද වැඩියෙන් තක්සේරු කරන ජාතියක් ඉතා ඉක්මනින් ඒ දෙකම නැති කරගන්නව’ – නීතිඥ ජේ. සී. වැලිඅමුණ

‘තම ජාතියේ සාරධර්මවලට වඩා ඊට හිමිවිය යුතු වරප්‍රසාද වැඩියෙන් තක්සේරු කරන ජාතියක් ඉතා ඉක්මනින් ඒ දෙකම නැති කරගන්නව’ – නීතිඥ ජේ. සී. වැලිඅමුණ

‘තම ජාතියේ සාරධර්මවලට වඩා ඊට හිමිවිය යුතු වරප්‍රසාද වැඩියෙන් තක්සේරු කරන ජාතියක් ඉතා ඉක්මනින් ඒ දෙකම නැති කරගන්නව’ කියල. ලෝක යුද්ධයේ දී මිත්‍රපාක්ෂික හමුදාවල අණදෙන නිලධාරියාව සිටි පසු කලෙක ඇමරිකාවෙ 34 වෙනි ජනාධිපති වූ අයිසෙන් හුවර් කියනව. භාෂනයේ නිදහස සාමකාමීව තම මතය ප්‍රකාශ කිරීමේ නිදහස අපි අගය කරන්න ඕනෙ. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපි අද…

අපි ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ ව්‍යවස්ථාව කියවීම කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ පුරවැසි අධ්‍යාපනය ඉගෙන ගත යුතු බවයි – ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස

අපි ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ ව්‍යවස්ථාව කියවීම කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ පුරවැසි අධ්‍යාපනය ඉගෙන ගත යුතු බවයි – ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස

රටක් පාලනය කළ යුත්තේ රටේ ව්‍යවස්ථාව, නීතිය අනුවයි. එසේ නොමැතිව එක් එක් පුද්ගලයින්ගේ හැසිරීමේ ස්වභාවය මත සංස්කෘතික ප‍්‍රශ්න මත රට පාලනය කිරීම ව්‍යවස්ථාව නීතිය උල්ලංඝනය කිරීම කාට හෝ අයිතියක් නැහැ. ජනාධිපතිවරයා තීන්දු-තීරණ ගත යුත්තේ රටේ ව්‍යවස්ථාව අනුවයි. අද මෛතී‍්‍රපාල පාර්ශ්වයේ ඇතැම් මන්තී‍්‍රවරු කියනවා, 19ට පක්‍ෂව ඡුන්දය දුන්නේ 20ක් ගේනවා කියලා ජනාධිපතිවරයා පොරොන්දු වුණ නිසා කියලා….

ජනාධිපතිවරයා කරන ප‍්‍රකාශ එකිනෙකට පරස්පර විරෝධියි.. ජනාධිපතිවරයා දැන්වත් තමන්ගේ කුමන්ත‍්‍රණය පරාජය වූ බව පිළිගත යුතුයි – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

ජනාධිපතිවරයා කරන ප‍්‍රකාශ එකිනෙකට පරස්පර විරෝධියි.. ජනාධිපතිවරයා දැන්වත් තමන්ගේ කුමන්ත‍්‍රණය පරාජය වූ බව පිළිගත යුතුයි – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

අද මානව හිමිකම් දිනයයි. විශ්ව මානව හිමිකම් ප‍්‍රඥප්තිය නිකුත් කරලා අදට වසර 70ක් ගතවෙනවා. අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මානව අයිතිවාසිකම් සුරැුකීම ආණ්ඩුවේ වගකීමක්. ලෝකයේ මානව හිමිකම් දිනය සමරන මොහොතකදී තමයි රටේ නායකයා දෙකෝටි දශලක්‍ෂයක් වූ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඉන්නේ. ව්‍යවස්ථාව අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න ජනාධිපතිවරයා බැඳිල ඉන්නවා. අපේ රටේ ආණ්ඩුක‍්‍රම…